Jump to content

රග්බි ලෝක කුසලානය

විකිපීඩියා වෙතින්
රග්බි ලෝක කුසලානය

රග්බි ලෝක කුසලානය අන්තර්ජාතික රග්බි කමිටුව මඟින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර රග්බි යූනියන් තරඟයක් වන අතර එය 1987 සිට සෑම අවුරුදු 4කට වරක් පවත්වාගෙන එනු ලැබේ. ජයග්‍රහයකයින් හට විලියම් වෙබ් එලිස් කුසලනය ප්‍රධානය කරනු ලැබේ. එම කුසලනය විලියම් වෙබ් එලිස් නම් රග්බි පාසල් ශිෂ්‍යයාට පසුව නම් කර ඇති අතර, ඔහු තරඟයක් අතරතුරේදී බෝලය අහුලා ගැනීමෙන් රග්බි ෆුට්බෝල් හඳූන්වාදුන් බවට ප්‍රචලිත මතයක් පවතී. එංගලන්තයේ පැවති 2015 රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ දැනට නවසීලන්තය මෙම කුසලානයේ හිමිකරුවෝ වෙති. 2019 රග්බි ලෝක කුසලානය ජපානයේදී පැවැත්වීමට නියමිතය.

ආකෘතිය

[සංස්කරණය]

සුදුසුකම්

[සංස්කරණය]

දෙවන තරඟාවලිය සඳහා යෝග්‍යතා තරඟාවලි හදුන්වා දුන් අතර, විසි හතර ජාතික තරඟාවලියේදී ස්ථාන දහසයකින් ස්ථාන අටකට තරඟ වැදුණි. 1987 සමාරම්භක ලෝක කුසලානයෙහි කිසිඳු යෝග්‍යතා ක්‍රියාවලියක්නොතිබූ අතර; ඒ වෙනුවට ස්ථාන දහසයක් අන්තර්ජාතික රග්බි පාපන්දු මණ්ඩලයේ (IRFB, වර්තමානයේ අන්තර්ජාතික රග්බි මණ්ඩලය) යෝග්‍ය සාමාජික ජාතීන් හතකින් ද, ඉතිරි ස්ථාන ආරාධනා මඟින්ද සම්පූර්ණ කරන ලදී.

වර්තමාන ආකෘතිය ස්ථාන විස්සකින් ස්ථාන දොළහක් ස්වයංක්‍රීය යෝග්‍යතා මඟින් පිරවීමට ඉඩ ලබා දෙන අතර, පෙර පැවති තරඟාවලීන්ගේ කණ්ඩායම් අදියරවලදී තෙවන හෝ ඊට වඩා හොඳින් අවසන් කරන ලද කණ්ඩායම් අනුප්‍රාප්තිකයන් ලෙස ඇතුළු වේ. ඉතිරි ස්ථාන අට සඳහා යෝග්‍යතා ක්‍රමය ප්‍රාන්ත පදනම මත සිදු කෙරේ. යුරෝපය සහ ඇමරිකාවට වෙන වෙනම යෝග්‍ය ස්ථාන දෙකක්ද, අප්‍රිකාව, ආසියාව සහ ඕසියානාවට එක් එක් ස්ථානය බැගින්ඳ, අවසාන ස්ථානය තරඟයක් මඟින්ද තීරණය කරනු ලැබේ.

2003 දී සහ 2007 දී භාවිතා කරන ලද පූර්ව ආකෘතිය මඟින් නිදහස්ව පවතින ස්ථාන 20කින් 8ක් ස්වයංක්‍රීය යෝග්‍යතාව මඟින් පිරවීමට ඉඩ ලබා දුන් අතර, එවිට පෙර තරඟාවලියේදී අවසන් තරඟකරුවන් අට දෙනාගෙන් හතරෙන් පංගුවක් අනුප්‍රාප්තිකයට ඇතුළු වේ. ඉතිරි ස්ථාන දොළහ මහද්වීප සුදුසුකම් තරඟාවලි මඟින් පුරවන ලදී. ඇමරිකාවෙන් තුනක්ද, ආසියාවෙන් එකක්ද, අප්‍රිකාවෙන් එකක්ද, යුරෝපයෙන් තුනක්ද සහ ඕසියානාවෙන් දෙකක්ද ගෙන එම ස්ථාන පුරවන ලදී.


තරඟාවලිය

[සංස්කරණය]
රග්බි ලෝක කුසලානය 2003 සිඩ්නිහි ටෙල්ස්ට්‍රා ක්‍රීඩාංගනයේ ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ආරම්භක තරඟය

වත්මන් ආකෘතිය අනුව සත්කාරක ජාතියෙහි(ජාතීන්වල) සිට මාසක් පුරාවට ජාතීන් විස්සක් තරඟ වදී. තරඟාවලිය කණ්ඩායම් සහ පිළිමලුන් පිටු දැකීම යනුවෙන් අදියර දෙකකින් සමන්විත වේ. එක් කාණ්ඩයකට පහ බැගින් සිටින සේ A සිට D දක්වා කාණ්ඩ 4කට ජාතීන් වෙන් කරනු ලැබේ. තරඟාවලිය ආරම්භ කිරීමට ප්රeථම IRB ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව, කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමක් සිදු කරනු ලැබේ. ඉන් වැඩිම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් A සහ D කාණ්ඩවලට අනුයුක්ත කරනු ලැබේ. ඊළඟ වැඩිම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් අහඹු ලෙස කාණ්ඩ වලට අනුයුක්ත කෙරේ. සෑම කාණ්ඩයකම ඉතිරිවන ස්ථාන සුදුස්සෝ මඟින් පුරවනු ලැබේ.


ඉතිහාසය

[සංස්කරණය]

රග්බි ලෝක කුසලානයට පෙර පැවතුනේ ප්‍රාදේශීය ජාත්‍යන්තර රග්බි යූනියන් තරඟ පමණකි. Six Nations ශූරතාවය එක් විශාලතම සහ පැරණිතම තරඟාවලියක් ලෙස හඳුන්වා දිය හැකි අතර එය 1883දී “Home Nations” ශූරතාවය යනුවෙන් එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් යන ජාතීන් අතර ආරම්භ විය. 1910දී ප්‍රංශය ඊට සම්බන්ධ වීමත් සමඟම, එය Five Nations බවට පත් විය. නමුත් 1931 සිට 1939 දක්වා කාල පරිච්ඡේදය තුළදී ප්‍රංශය මීට සහභාගී නොවී ආපසු Home Nations ශූරතාවය දෙසට හැරුණේය. මෙය Six Nations ලෙස හැඳින්වූයේ 2000 වර්ෂයේදී ඉතාලිය තරඟය සමඟ සම්බන්ධ වීමෙන් අනතුරුය.

දකුණු අර්ධගෝලයෙහි මීට සමාන තරඟය වනුයේ 1996 ඇරඹි ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණූ අප්‍රිකාව අතර පැවැත්වෙන Tri Nations තරඟාවලියයි.

ගිම්හාන ඔලිම්පික්ස්වලදී පවා රග්බි යූනියන් ක්‍රීඩා කෙරුනු අතර, එය ප්‍රථම වරට1900දී පැරිස් ක්‍රීඩාවලියේදීද, පසුව1908දී ලන්ඩන්හිදීද, 1920 දී ඈන්ට්වර්ප්හිදී සහ 1924දී නැවතත් පැරීසියෙහිදීද පැවැත්විණි. ප්‍රථම වරට රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ප්‍රංශයයි. ඉන් පසුව ඕස්ට්‍රේලියාව ද, අවසාන පදක්කම් දෙක ඇමරිකාව ද දිනා ගන්නා ලදී. කෙසේ වෙතත් රග්බි යූනියන් ගිම්හාන ඔලිම්පික්ස් වැඩසටහන තුළින් ඉක්මනින් ඉවත් කර ගන්නා ලදී.

රග්බි ලෝක කුසලානය පැවැත්වීමේ අදහස 1950 වකවානුවේ සිට බොහෝ අවස්ථාවලදී යෝජනා වූවද, එම යෝජනාවට IRFBහි වැඩි සංගම් ප්‍රමාණයක විරුද්ධත්වයට මුහුණ පෑමට සිදු විය. 1980 දශකයේ මුල් කාලයේදී කිහිප වරක්ම මෙම අදහස යළි මතුවීමට පටන් ගත්තේ, ඕස්ට්‍රේලියානු රග්බි සංගමය(ARU) සහ නවසීලන්ත රග්බි සංගමය(NRU) වෙන වෙනම IRFB වෙත ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට ලිඛිතව ඉල්ලීමක් කර සිටීමත් සමඟය. 1985දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ප්‍රංශය වර්ණ භේද ක්‍රමය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රීඩා පිටුදකින බවටත් ඒ හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වය වළක්වන බවත් දැන සිටියත් ඔවුන් ලෝක කුසලානයක් පැවැත්වීමට පක්ෂව සිටියහ. දකුණු අප්‍රිකානු කමිටු සාමාජිකයන් පවා මීට පක්ෂව කැමැත්ත පළ කළ අතර එය 8-8 ඡන්දය තබා ගැනීමට ඉතා වැදගත් විය. එක් ඉංග්‍රීසි ජාතික කමිටු සාමාජිකයෙක් සහ ඔහු අනුගමනය කරමින් තවත් වේල්ස් කමිටු සාමාජිකයෙක් පැති මාරු කළ නිසා, අවසානයේ 10ට 6ක ඡන්දයකින් සමාරම්භක කුසලානය සඳහා IRFB විසින් අනුමැතිය ලබා දෙන ලදී.


කුසලානය

[සංස්කරණය]

රග්බි ලෝක කුසලානයේ ජයග්‍රහයකයින්ට පිරිනමන ත්‍යාගය වනුයේ විලියම් වෙබ් එලිස් වෙනුවෙන් නම් කරන ලද වෙබ් එලිස් කුසලානයයි. සරළ බසින් මෙය රග්බි ලෝක කුසලානය ලෙස හැඳින්වේ. 1987දී මෙය මෙම තරඟය සඳහා යොදා ගැනීමට සුදුසු කුසලානයක් ලෙස නම් කරන ලදී. කුසලානයේ මුහුණතෙහි 'අන්තර්ජාතික රග්බි කමිටුව' සහ 'වෙබ් එලිස් කුසලානය' යනුවෙන් කැටයම් කර ඇත. සෙන්ටිමීටර 38ක් උසැති එහි වක්‍රාකාර් අත් ඇඳි 2ක් පවතින අතර ඉන් එකක සේටර්ගේ හිසද, අනෙකෙහි නිම්ප්ගේ හිසද සහිතව නිමවා ඇත.ඕස්ට්‍රේලියාවේදී මෙම කුසලානය "බිල්" යනුවෙන් ව්‍යවහාර වේ.


ආගන්තුක සත්කාරකයින් තෝරා ගැනීම

[සංස්කරණය]

තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ සීමාසහිත රග්බි ලෝක කුසලානය(RWCL) මඟිනි. IRB සාමාජික ජාතීන් විසින් සත්කාරක රටවල්වලට ඡන්දය පළ කරනු ලැබේ. ඡන්දය රහසිගතව තබා ගනිමින් ඡන්ද ක්‍රියා පිළිවෙල මෙහෙයවනු ලබන්නේ ස්වාධීන විගණකයන් කණ්ඩායමක් මඟිනි. ඒ අනුව මෙතෙක් දුරට පැවති සියළුම තරඟාවලියන් රග්බි යූනියන් ප්‍රධාන ක්‍රීඩාව වූ ජාතීන්හි පැවැත්වුණි. මෙම නැඹුරුව නොනවත්වා ඉදිරියට ආවේ නවසීලන්තය, දුර්වල රග්බි ඉතිහාසයක් ඇති ජපානයට එරෙහිව 2011 තරඟාවලිය හිමි කර ගැනීමත් සමඟය. තරඟාවලිය ඇරඹීමට අවුරුදු 5කට හෝ 6කට ප්‍රථම තරඟාවලිය සත්කාරක රටකට පවරනු ලැබේ. මෙපරිද්දෙන් 2011 රග්බි ලෝක කුසලානය වර්ෂ 2005දීය.

අතීත්යේ එක් ජාතියක් හෝ ජාතීන් කිහිපයක් එකතු වී තරඟාවලිය ඉදිරිපත් කරන ලදී. උදාහරණයක් ලෙස, 1987දී පැවති තරඟාවලිය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සාමූහිකව ඉදිරිපත් කරන ලදී. IRB අවශ්‍යතාවයන්ට අනුව සත්කාරක රටක් වීමට නම් අවසාන තරඟය සඳහා අවම වශයෙන් 60,000ක ඉඩකඩ සහිත ස්ථානයක් තිබීම අනිවාර්ය වේ. සමහර අවස්ථාවලදී සත්කාරක ජාතීන්ලෝක කුසලානයට සූදානම් වීම උදෙසා ක්‍රීඩාංගන ඉදි කිරීම් සහ වැඩි දියුණු කිරීම් සිදු කරනු දැකිය හැකිය. 1999 තරඟාවලිය වෙනුවෙන් මිලේනියම් ක්‍රීඩාංගනය ඉදි කිරීම සහ 2011 තරඟාවලිය සඳහා එඩෙන් පාර්ක් ක්‍රීඩාංගනය වැඩි දියුණු කිරීම මේ සඳහා උදාහරණ වේ.


මාධ්‍ය ආවරණය

[සංස්කරණය]

මෙම තරඟාවලිය ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිඩා ඉසව්වලින් එකකි. මීට වඩා ප්‍රමාණයෙන් ඉක්මවා යන්නේ FIFA ලෝක කුසලානය, ඔලිම්පික් සහ Tour de france යන ක්‍රීඩා ඉසව් පමණි. 1987දී පැවති ප්‍රථම ලෝක කුසලානයට මිලියන 300කට අධික ලෝක රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් සිටියහ. 1991 එංගලන්තයේ පැවති ඉසව්වේදී එම ප්‍රමාණය බිලියන 1.75කටද, 1995 දකුණු අප්‍රිකාවේ පැවති තරඟාවලියේදී එය බිලියන 2.67කටද, එමෙන්ම 1999දී පැවති Welsh-hosted ඉසව්වේදී එම සංඛ්‍යාව බිලියන 3කටද ළගා විය. 2003 වසරේ පැවති තරඟාවලියට ලෝක රූපවාහිනී ප්‍රේක්ෂකයින් බිලියන 3.5ක් පමණ සිටි අතර, එහි ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අවසාන තරඟය, ඕස්ට්‍රේලියානු රූපවාහිනී ඉතිහාසයේ වැඩියෙන්ම නැරඹූ රග්බි යූනියන් තරඟය බවට පත් විය. එම ඉසව්ව රටවල් 205ක ප්‍රචාරය කරන ලදී. 2003 තරඟාවලියේ මුළු තරඟ 48ක් පැවැත්විණි. එහි පැමිණීමේ සාමාන්‍යය 38,282 ද, මුළු එකතුව 1,837,547 ද විය. 2007 තරඟාවලියේ තරඟ 48ක සමුච්චිත ලෝක රූපවාහිනී ප්‍රේක්ෂකයින් බිලියන 4.2ක් විය. එහි පැමිණීමේ සාමාන්‍යය එක් තරගයකදී 47,150ක් වූ අතර, සියළුම තරඟවල මුළු පැමිණීමක් විය.


ප්‍රතිඵල

[සංස්කරණය]

තරඟාවලි

[සංස්කරණය]

ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය

[සංස්කරණය]
සුදුසුකම් තරඟාවලීන්හිදී අසාර්ථක ලෙස සහභාගී වූ ජාතීන් හැර අනෙක් ජාතීන්වල විශිෂ්ඨ ප්‍රතිඵල සහිත සිතියම

රග්බි ලෝක කුසලානයට ජාතීන් 25ක් සහභාගී වී ඇත. (සුදුසුකම් සහිත තරඟාවලි ඉවත් කළ විට). මෙතෙක් පැවැත්වූ තරඟාවලි 7න් එක් තරඟාවලියක් හැරැණු විට ඉතිරි තරඟාවලි, දකුණු අර්ධගෝලයේ ජාතික කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කර ඇත. නවසීලන්තය 1987දී සමාරම්භක ලෝක කුසලානය ජයග්‍රහණය කළේය. 1991දී ඕස්ට්‍රේලියාවද, 1995දී දකුණු අප්‍රිකාවද, 1999දී නැවතත් ඕස්ට්‍රේලියාවද, 2007දී නැවතත් දකුණු අප්‍රිකාවද, ඉන්පසුව 2011දී නැවතත් නවසීලන්තයද මෙම කුසලානය නැවතත් ජයග්‍රහණය කර ඇත. දකුණු අර්ධගෝලයේ ආධිපත්‍යය බිඳ වැටුණේ 2003හිදී පැවති අවසාන තරඟයේදී එංගලන්තය ඕස්ට්‍රේලියාව පරාජය කිරීමත් සමඟය.

මෙතෙක් කල් නවසීලන්තය(1987 සහ 2011) සහ දකුණු අප්‍රිකාව(1995) පමණක් තරඟාවලියක සත්කාරක රටක් බවට පත්වූත්, එම තරඟාවලිය ජයග්‍රහණය කිරීමටද සමත්ව ඇත. අනෙකුත් සත්කාරක රටවල්වල ක්‍රියාකාරීත්වය සලකා බැලීමේදී, එංගලන්තය(1991දී අවසන් වරට සත්කාරක රටක් ලෙසා සහ ඕස්ට්‍රේලියාව(2003දී සත්කාරක රටා දෙවන ස්ථානයද, ප්‍රංශය(2007දී සත්කාරක රටා හතරවන ස්ථානයද ලබා ගත් අතර, වේල්ස්(1999දී සත්කාරක රටා අර්ධ අවසාන තරඟයට ළඟා වීමට අසාර්ථක විය. අවම වශයෙන් එක් තරඟාවලියකටවත් සහභාගී වූ ජාතීන් 25 අතරින් ජාතීන් 12ක් ඉන් එක් තරඟාවලියක් මඟ හැර නොමැත

කණ්ඩායම් වාර්තා

[සංස්කරණය]
වර්ෂය සත්කාරක රට/රටවල් අවසන් තරගය අවසන් ලෝකඩ තරගය
ජයග්‍රාහකයා ලකුණු 2වැනි ස්ථානය 3වැනි ස්ථානය ලකුණු 4වැනි ස්ථානය
1987
විස්තර
 ඕස්ට්‍රේලියාව සහ
නවසීලන්තය

නවසීලන්තය
29–9
ප්‍රංශය

වේල්ස්
22–21
ඕස්ට්‍රේලියාව
1991
විස්තර
එංගලන්තය,
ප්‍රංශය,
අයර්ලන්තය,
ස්කොට්ලන්තය සහ
වේල්ස්

ඕස්ට්‍රේලියාව
12–6
එංගලන්තය

නවසීලන්තය
13–6
ස්කොට්ලන්තය
1995
විස්තර

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාව
15–12
නවසීලන්තය

ප්‍රංශය
19–9 එංගලන්තය
1999
විස්තර
වේල්ස්
ඕස්ට්‍රේලියාව
35–12
ප්‍රංශය

දකුණු අප්‍රිකාව
22–18
නවසීලන්තය
2003
විස්තර
ඕස්ට්‍රේලියාව
එංගලන්තය
20–17
ඕස්ට්‍රේලියාව

නවසීලන්තය
40–13
ප්‍රංශය
2007
විස්තර
ප්‍රංශය
දකුණු අප්‍රිකාව
15–6
එංගලන්තය

ආජන්ටිනාව
34–10
ප්‍රංශය
2011
විස්තර
නවසීලන්තය
නවසීලන්තය
8–7
ප්‍රංශය

ඕස්ට්‍රේලියාව
21–18
වේල්ස්
34–17 සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 24–13 සැකිල්ල:Ru-big 20
2019
විස්තර
ජපානය
Year Host(s) Final Bronze Final Number of teams
Winner Score Runner-up 3rd place Score 4th place
1987 සැකිල්ල:Runionflag
සැකිල්ල:Runionflag
සැකිල්ල:Ru-big 29–9 සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 22–21 සැකිල්ල:Ru-big 16
1991 සැකිල්ල:Runionflag
සැකිල්ල:Runionflag
සැකිල්ල:Runionflag
සැකිල්ල:Runionflag

සැකිල්ල:Runionflag

සැකිල්ල:Ru-big 12–6 සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 13–6 සැකිල්ල:Ru-big 16
1995 සැකිල්ල:Runionflag සැකිල්ල:Ru-big 15–12
(aet)
සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 19–9 සැකිල්ල:Ru-big 16
1999 සැකිල්ල:Runionflag සැකිල්ල:Ru-big 35–12 සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 22–18 සැකිල්ල:Ru-big 20
2003 සැකිල්ල:Runionflag සැකිල්ල:Ru-big 20–17
(aet)
සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 40–13 සැකිල්ල:Ru-big 20
2007 සැකිල්ල:Runionflag සැකිල්ල:Ru-big 15–6 සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 34–10 සැකිල්ල:Ru-big 20
2011 සැකිල්ල:Runionflag සැකිල්ල:Ru-big 8–7 සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 21–18 සැකිල්ල:Ru-big 20
2015 සැකිල්ල:Runionflag සැකිල්ල:Ru-big 34–17 සැකිල්ල:Ru-big සැකිල්ල:Ru-big 24–13 සැකිල්ල:Ru-big 20
2019 සැකිල්ල:Runionflag Future events Future events 20


පහත කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියද ඉන් ඔබ්බට කිසිඳු ප්‍රගතියක් අත් කර නොගත්හ.

  • අයර්ලන්තය (පස් වාරයක්)
  • ෆීජි (දෙවාරයක්)
  • සැමෝවා (දෙවාරයක්)
  • කැනඩාව (එක් වාරයක්)

සාර්ථකත්ව ශීඝ්‍රතාවය

[සංස්කරණය]
කණ්ඩායම පෙනී සිටීම ජයග්‍රහණ ජයග්‍රහණ අනුපාතය (තරඟාවලි) ජයග්‍රහණ අනුපාතය (තරඟ)
දකුණු අප්‍රිකාව 5 2 40% 86%
නවසීලන්තය 7 2 29% 88%
ඕස්ට්‍රේලියාව 7 2 29% 85%
එංගලන්තය 7 1 14% 73%

වාර්තා සහ සංඛ්‍යා ලේඛන

[සංස්කරණය]

අවසාන වටවලදී ලබාගත් වැඩිම මුළු ලකුණු සඳහා වාර්තාව තබා ඇත්තේ ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයෙකු වන ජොනී විල්කින්සන්ය. නවසීලන්තයේ ග්‍රාන්ට් ෆොක්ස් 1987දී එක් තරඟයකදී ලබා ගත් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තාවක් තබා ඇති අතර් ඔහු ලබා ගත් ලකුණු ගණන 126කි. එංගලන්තයේ ජේසන් ලෙනාර්ඩ් 1991 සිට 2003 දක්වා වැඩිම වාර ගණනක්(22ක්) තරඟවලට පෙනී සිටීමෙන් වාර්තාවක් තබා ඇත.

මේවත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

මුද්‍රිත මූලාශ්‍ර

[සංස්කරණය]

අධෝලිපි

[සංස්කරණය]

බාහිර ඇමුණුම්

[සංස්කරණය]

සැකිල්ල:Rugby Union World Cup සැකිල්ල:International rugby union සැකිල්ල:Main world cups

"https://si.wikipedia.org/w/index.php?title=රග්බි_ලෝක_කුසලානය&oldid=593074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි