රග්බි ලීගය

විකිපීඩියා වෙතින්
රග්බි ලීගය
ක්‍රීඩාවේ අවස්ථාවක්
උසස්ම පාලන මණ්ඩලයRugby League International Federation
අපනාමය(න්)League, RL, Rugby XIII (used throughout Europe)
පළමුව ක්‍රීඩා කලේ7 September 1895, post schism, Northern England
ලියාපදිංචි ක්‍රීඩකයෝ600,000 (Total)
ක්‍රීඩා සංගම්5,000
ගුණාංග
සම්බන්ධයFull contact
කණ්ඩායම් සාමාජිකයෝThirteen
මිශ්‍ර ලිංගSingle
වර්ගීකරණයTeam sport, Outdoor
උපකරණRugby League ball
ස්ථානයRugby league playing field

සාමාන්‍ය තොරතුරු[සංස්කරණය]

  • මූලාරම්භය - 1985 දී එංගලන්තයේ, යෝර්ක්ෂයර් හි හඩර්ස්ෆීල්ඩ්.
  • ලෝක ව්‍යාප්ත පාලන අධිකාරිය - රග්බි ලීග් ඉන්ටර් නැෂනල් ෆෙඩරේෂන්.


ජාත්‍යන්තර රග්බි ලීගය[සංස්කරණය]

  • ටෙස්ට් රටවල- ඕස්ට්‍රේලියාව,කුක් දිවයින්, එංගලන්තය, ෆිජී, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, නවසීලන්තය, පැපුවා නිව් ගිනියා, රුසියාව, සැමෝවා, දකුණු අප්‍රිකාව - ටොංගා.


ලෝක කුසලානය-ජාතීන් තුන[සංස්කරණය]

  • ප්‍රධාන තරඟ - වර්ල්ඩ් ක්ලබ් චැලෙන්ජ් ද ඈෂස්, ඇන්සැක් ටෙස්ට් (ANSAC) චැලේන්ජ් කප්.


දේශීය රග්බි ලීගය[සංස්කරණය]

  • ප්‍රධාන තරඟ - නැෂනල් රග්බි ලීගය (ඕස්ට්‍රලේශියා)

සුපර් ලීග් (යුරෝපය) ස්ටේට් ඔෆ් ඔරිජින්(ඕස්ට්‍රේලියා) ප්‍රංශ රග්බි ලීග් ශූරතාවය (ප්‍රංශය) බාර්ටර් කාඩ් කුසලාන (නවසීලන්තය)

රග්බි ලීග් පාපන්දු[සංස්කරණය]

රග්බි ලීග් පාපන්දු යනු තදින් එකට බැඳුනු ක්‍රීඩා කණ්ඩායමක් දිගු ගෝලාකාර පන්දුවක් රැගෙන එක් කණ්ඩායමකට 13 ක් සහිතව හතරැස් තණ පිට්ටනියක කණ්ඩායම් දෙකක් එක් වී කරන ක්‍රීඩාවකි. රග්බි ලීග් යනු රග්බි පාපන්දුව සහ රග්බි යූනියන් දෙකේ ප්‍රධාන කෝඩ් (Code) දෙකෙන් එකකි. මෙයින් ලීග් කෝඩ් බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ ප්‍රංශයේ බොහෝ ප්‍රසිද්ධියක් උසුලයි. මෙම රටවල එම ක්‍රීඩාව වෘත්තිය මට්ටමෙන් කරනු ලැබේ. රග්බි ලීගය පැපුවා නිව්ගිනියාවේද ප්‍රසිද්ධය. එහි ජාතික ක්‍රීඩාව ලෙසද සැලකේ.පැපුවා නිව්ගිනියාවේ බොහෝ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ රග්බි ලීගයේද කැපි පෙනෙන ක්‍රීඩකයෝ වෙති. රුසියාව එක්සත් ජනපදය හා ලෙබනන් යන රටවල මෙම ක්‍රීඩාව කෙරෙන්නේ අඩු මට්ටමකිනි.

1895 දී නදර්න් රග්බි ෆුට් බෝල් යන නමින් හැඳින් වූ ඉංග්ලිෂ් රග්බි ෆුට්බෝල් සංගමයෙන් වෙන් වූ කණ්ඩායමක් මුල්කර ගෙන රග්බි ලීග් යන නම එයට ලැබුනේය. මුලදි මෙම කණ්ඩායම් දෙකම එකම නීතියකට අනුව ක්‍රීඩා කළහ. 1907 දී සහ 1908 දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ රග්බි යුනියන් ප්‍රමුඛ කොට ගත් රග්බි ෆුට්බෝල් යූනියන් වෙතින් පෙර කී ආකාරයටම කණ්ඩායමක් වෙන් විම වන තෙක් ඔව්හු එසේ ක්‍රීඩා කළහ. ඉන්පසු රග්බි ෆුට් බෝල් ලීගයන් යනුවෙන් හැඳින්වුනු සංගම් ආරම්භ වූ අතර එයින් නවීකරණය කරන ලද නදර්න් යූනියන් නීතී රීති හඳුන්වා දෙනු ලැබිනි. එසේ කරන ලද්දේ රග්බි ෆුට්බෝල් වල නව ස්වරූපයක් නිර්මාණය කිරීම සඳහාය. මෙම 'නදර්න් යූනියන්' පසුව එහි නම රග්බි ෆුට්බෝල් ලීග් යනුවෙන් වෙනස් කළේය. ඒ 1922 වර්ෂයේදීය. එපරිදි කාලයක් ගත වන විට එම ක්‍රීඩාව 'රග්බි ලීග්' යනුවෙන් හැඳින්වීම ආරම්භ විය. ඊළඟ දශක කිපය තුල රග්බි ආකෘතින් දෙකේම රෙගුලාසි ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. දැන් රග්බි ලීග් සහ රග්බි යූනියන් යනු පැහැදිලි ලෙසම වෙනම ක්‍රීඩාවන්ය.

"https://si.wikipedia.org/w/index.php?title=රග්බි_ලීගය&oldid=415676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි