රක්ෂණයෙහි සංවාද

විකිපීඩියා වෙතින්

රක්ෂණ අතිරික්තය[සංස්කරණය]

රක්ෂණය වූවන්ට ආවරණයක් නිර්මාණය කිරීමෙන් රක්ෂණ සමාගමට සමහර විට ඔවුන්ගේ ගැනුම්කරුවන් එතරම් ආවරණයට වැසී නැති බව පෙනී යා හැක. මෙම ගැටළුව රක්ෂණ කර්මානන්තයේ හඳුන්වාදෙන්නේ සදාචාරාත්මක උපද්‍රවයක් ලෙසිනි. ඔවුන්ගේ මුල්‍ය අවදානම අඩු කිරීමට රක්ෂණ සමාගම් ගිවිසුම්වල එක්තරා කොන්දේසි පැනවීමෙන් එම රක්ෂණාවරණය ලබාගන්නා පුද්ගලයාගේ අවදානම් තත්වය ඉතාමත්ව වැඩි මට්ටමක පවතී නම් එයින් රක්ෂණ සමාගමේ වගකීම අඩුකරගත හැක.

උදාහරණයකට භයානක වෘත්තීන් හෝ අනාරක්ෂිත කී‍්‍රඩාවල යෙදෙන පුද්ගලයින්ට ඉහළ මට්ටමක වාරිකයක් හෝ ආවරණයක් ලබානොදීමද සිදු කළ හැක. වගකීම් රක්ෂණ සපයන්නන් ස්වේච්ඡාවෙන් කරන නීති විරෝධතාවලින් පැනනැගෙන අඩුපාඩුවලට ආවරණය නොසැපයීම එක් අවස්ථාවකි. එවැනි ආවරණයක් ලබාදීමට රක්ෂණ සපයන්නෙකු කැමති වුවත් ඒ සාමාන්‍යයෙන් බොහෝ රටවල පොදු ප‍්‍රතිපත්තියට විරුද්ධය. එවැනි රක්ෂණ පවත්වාගෙන නොයාමට නීති ඇති අතර එය සාමාන්‍යයෙන් නීති විරෝධී කි‍්‍රයාවකි.


ප‍්‍රජාවෙන් ආවරණට වන ස්වයං රක්ෂණ[සංස්කරණය]

සමහර ප‍්‍රජාවන් තුළ ඔවුන් අතර සහ වෙනත් විධි යොදාගනිමින් ගිවිසුමකට අමතරව අවදානම් පැවරීම නිර්මාණය කර ඇත. අවදානමට නිශ්චිත ගුණයන්ද මේ මගින් ඉදිරිපත් කෙරේ. ආගමික කණ්ඩායම් බොහොමයක්ම මෙයට ඇමිෂ්වරුන් සහ මුස්ලිම් කණ්ඩායම් ව්‍යසනයක් සිදුවූ අවස්ථාවක ප‍්‍රජාවෙන් ලැබෙන සහය මත යැපෙති. දී ඇති පුද්ගලයෙකුට හිමිවන අවදානම සාමූහිකව බෙදාගැනීමෙන්ද මෙය සිදුකෙරේ. සහයවන ප‍්‍රජාවන් තුළ (අනුන් අන්‍යයන් විශ්වාස කළ හැකි සහ ප‍්‍රජා නායකයින් අනුව කි‍්‍රයාකරන ප‍්‍රජාතුළ) මෙම තේරුම්ගැනීම මත පදනම් වුනු රක්ෂණය සාර්ථක වේ. මේ ආකාරයෙන් ප‍්‍රජාවට ඔවුන්ගේ සාමාජිකයන් අතර පවතින රක්ෂණගතවීමට සුදුසුකම්වල අනන්ත වෙනස්කම් තිබුනත් එය සමතුලිතතාවයකට ගෙනයා හැක. මෙවැනි රක්ෂණ ගිවිසුම් තුළ සාධාරනීකරණය කෙරෙන තවත් හේතුවක් වන්නේ සදාචාරාත්මක අනතුරු ඇගවීමයි. එක්සත් රාජධානියේ රැජින (ප‍්‍රායෝගික අවශ්‍යතාවයන්වලදී සිවිල්සේවාව) රජයේ ගොඩනැගිලි රක්ෂණය නොකරන ලදි. රජයේ ගොඩනැගිල්ලකට අලාභහානි සිදුවුණු අවස්ථාවක එහි ප‍්‍රතිසංස්කරණ වියදම් පොදු අරමුදල්වලින් ලබාදෙන්නේය. දිගුකාලීනව රක්ෂණවාරිකයන් ගෙවීමට වඩා මෙය ලාභදායී විය. නමුත් වර්තමානය වන විට බොහෝ රජයේ ගොඩනැගිලි පෞද්ගලික දේපල සමාගම්වලට අලෙවි කළ නිසා ඒවා කුලියට ආපසු ලබාගෙන ඇති නිසාත් මෙම ක‍්‍රමවේදය දැන් බහුලව දක්නට නැති අතර එය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇතුවා විය හැක.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Insurance#Controversies

"https://si.wikipedia.org/w/index.php?title=රක්ෂණයෙහි_සංවාද&oldid=128847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි