යුරෝපා සංගමයේ නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

යුරෝපා සංගමයේ නීතිය[සංස්කරණය]

නීති සම්මත කිරීම

යුරෝපීය නීති යුරෝපා සංගමයේ විවිධ ආයතනයන් විසින් සම්මත කරනු ලැබේ. ඒවා අතර පවත්නා ප්‍රධාන වෙනස්කම වන්නේ යුරෝපා පාර්ලිමේන්තුව යුරෝපා සංගම් මණ්ඩලය සමඟ අන්‍යේන්‍ය ලෙස බලපවත්වන්නේ කෙසේද යන්න මතය. එනම් සමතීරක පටිපාටිය, අධිමතික පටිපාටිය, සහයෝගීතා පටිපාටිය සහ උදේශනාත්මක පටිපාටියයි.


ආයතනික ක්‍රියාවන්

යුරෝපා සංගමයේ නීත්‍යානුකූල බලයට යටත් වන සියළුම කාරණාවන් සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම් බලය යුරෝපා පාර්ලිමේන්තුව, කොමිසම සහ අමාත්‍ය මණ්ඩලය වෙත ගිවිසුම් මඟින් පැවරී ඇත. මෙම ද්විතීයික නීති සම්පාදනය පිලිබඳ උදාහරණයන් ලෙස නියාමනයන්, මඟ පෙන්වීම්, තීරණ, නිර්දේශයන් සහ මත ප්‍රකාශ කිරීම් දැක්විය හැක. මීට අමතරව මෙම ද්විතීයික නීති සම්පාදනයට සිය බලයන් හා අයවැය සම්බන්ධ කාරණාවන් සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සඳහා යුරෝපා සංගම් ආයතනයන් අතර එළැඹ ඇති අන්තර් ආයතනික ගිවිසුම්ද අයත් වේ. පාර්ලිමේන්තුව කොමිසම හා මණ්ඩලයට මෙවැනි ගිවිසුම්වලට එළැඹීමේ ශක්‍යතාවය ඇත.

මෙම නීති සෑදීමේ ක්‍රියාවන් කුළුනු තුනක් අතර දෝලනය වෙයි. පළවැනි කුළුන සම්බන්ධයෙන් ගත්කළ එහිදී ද්විතීයික නීති සම්පාදනය එය කා වෙත දිශානත වන්නේද සහ එය කෙසේ ක්‍රියාවට නංවනු ලබන්නේද යන්න මත තීරණය කරනු ලබයි. නියාමනයන් හා මඟ පෙන්වීම් වලින් සියළුදෙනා බැඳී සිටින අතර තීරණයන්ගේ බලපෑම එල්ලවන්නේ එය කා වෙත නිකුත් කරන ලද්දක්ද යන්න මතය (එය පුද්ගලයින් සමායතනයන් හෝ සාමාජික රටවල් වියහැක). නියාමනයන්ගේ බලපෑම වෙනස් වන අතර ඒවා සිය ජාතික නීතියේ කොටසක් ලෙසින් බැඳීම් සහගත වෙයි. මඟ පෙන්වීම් ක්‍රියාත්මක තලයට ගෙන ඒමට නම් ජාතික නීති සම්පාදනය මඟින් ඒවා බලාත්මක කළයුතු වෙයි. කෙසේවෙතත් මඟ පෙන්වීම් සිය ජාතික නීතියේ කොටසක් ලෙස කි‍්‍රයාවට නැංවීමට අපොහොසත්වන රටවල්වලට යුරෝපා යුක්ති අධිකරණය විසින් දඩ නියම කළහැක.

මඟ පෙන්වීම් සහ නියාමනයන් උපරිම එකමුතුභාවයක සහ අවම එකමුතුභාවයක මිශ‍්‍රිතයක් ලෙස සංයුක්ත වියහැක. යුරෝපා සංගමයේ සියළු නීති සම්පාදනයන් කිසියම් නිශ්චිත ගිවිසුම් වගන්තියක් මත පදනම් වියයුතු වන අතර එය නීති සම්පාදනයේ ‘නෛතික පදනම’ ලෙසින් හඳුන්වනු ලැබේ. යුරෝපා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මිඟින් යුරෝපා සංගම් නීතිය සංග‍්‍රහිත කරනු ලැබීමට ඉඩ ඇති අතර ද්විතීයික නිති සම්පාදනය පැහැදිලි පරිච්ජේදයන් 6 කට සීමා වනු ඇත. එනම් යුරෝපා සංගම් නීතිය යුරෝපා සංගම් රාමුවේ නීති තීරණ නියාමන නිර්දේශ සහ මත ප්‍රකාශයන්ය.

අධිකරණ

යුරෝපීය යුක්ති අධිකරණයට ගිවිසුම්වල විශේෂිතව දක්වා ඇති කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණ බලය හිමිය. යුරෝපා කොමිසමේ 220 වන වගන්තිය දක්වන්නේ යුරෝපා යුක්ති අධිකරණය ‘එම ගිවිසුමට අනුව නීතිය අර්ථ නිරූපනය කිරීම හා අනුගමනය කිරීම’ සිදුකළ යුතු බවයි. අධිකරණය විශේෂිතව දක්වනු ලැබ නොමැති අවස්ථාවන්හි හැර අනු සෑම අවස්ථාවක් කරාම සිය බලය පැතිරවීමට මෙම ප්‍රතිපාදනය ඉවහල් කරගෙන ඇත. මාස්ටි‍්‍රච් ගිවිසුමෙන් පසු සිය තීරණයන්ට අවනත නොවන රටවල් සඳහා මූල්‍යමය දඬුවම් පැනවිමේ බලයද අධිකරණයට හිමිව ඇත. යුරෝපා සංගමයේ නීතිය හැඩගැස්වීමෙහි ලා අධිකරණය ආධාරක වී ඇති අතර එහි ප්‍රවේශය අරමුණු සහගත හා සාධ්‍යතාවාදී ලෙස හඳුන්වනු ලැබේ. අධිකරණයේ බලය සාමාජික රටවල අධිකරණයන් හා එක්ව යුරෝපා සංගම් ආයතනයන් මෙන්ම සාමාජික රටවල්ද සාමාජික රටවල නීතියට වඩා යුරෝපා සංගම් නීතියේ උත්තරීතරබවට සහ හානි සඳහා රාජ්‍යයන් වගකිව යුතු බවට බැඳීම් ස්ථාපිතකොට ඇත.

ගිවිසුමට අනුව සෑම සාමාජික රටකින්ම එක් විනිසුරුවරයෙක් බැගින් අධිකරණයට ඇතුලත් වෙයි. 2007 වන විට එහි විනිශ්චකාරවරුන් 27 දෙනකු සිටියහ. මෙම විනිසුරුවරුන් නම් කරනු ලබන්නේ සාමාජික රටවල රජයන්ගේ පොදු සම්මුතියෙනි. වසර 6 ක කාළයකට ඔවුහු පත්කරනු ලැබෙති. නීතිපති වරුන් අට දෙනකුගේ සහාය අධිකරණයට හිමිවේ. 3 දෙනෙකුගෙන් හෝ 5 දෙනකුගෙන් යුත් විනිශ්චය සභාවන් ලෙස නඩු විභාග කිරීම සිදුකරනු ලබන අතර සුවිශේෂී අවස්ථාවන්හිදී 13 දෙනකුගෙන් යුත් විනිශ්චය සභාවක් ඉදිරියේ විභාගයන් පැවැත්වෙන අතර එවැන්නක් පූර්ණාධිකරණයක් ලෙසින් හඳුන්වනු ලැබේ.

මුල් අවස්ථා අධිකරණය 1988 දී සම්මත කොටගත් තනි යුරෝපා පනතක් මගින් පිහිටුවනු ලැබූ අතර එය මුල් අවස්ථෘවේදී යුරෝපා යුක්ති අධිකරණයේ අප්‍රධාන භූමිකාවක් නිරූපනය කරන ලදී. නීස් ගිවිසුමින් පසු සිය අධිකරණ බලය සම්බන්ධයෙන් ඊට වැඩි නිදහසක් ලබාදෙනු ලැබිණ. මුල් අවස්ථා අධිකරණයන්හි අධිකරණ බලය ප්‍රජාවේ ආයතකනයන්හි ක්‍රියාවන්ට (හෝ ක්‍රියා කිරීමට අපොහොසත්වීම* එරෙහිව ස්වභාවික හෝ නෛතික පුද්ගලියින් විසින් සිදුකරනු ලබන ඍජු ක්‍රියාවන් සම්බන්ධයෙන් බලපැවැත්වේ. එමෙන්ම කොමිසමට එරෙහිව සාමාජික රාජ්‍යයන්ගේ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් මෙන්ම ප්‍රජාවේ වෙළඳ නාම සම්බන්ධ කාරණාවන් පිලිබඳවද ඊට අධිකරණ බලය ඇත.


ඉතිහාසය හා විකාශනය[සංස්කරණය]

මුලදී, අදහස් විමසීම වූ කලී, ආයතන අතර සිදු වූ ප‘ධාන කර්තව්‍යය විය. ඒ යටතේ, ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා (එය හදිසි ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නොවන්නක් නම්)කවුන්සිලය යුරෝපා පාර්ලිමේන්තුවේ අදහස විමසන තෙක් සිටිය යුතු විය. මෙම මුල්කාලීන ප‍්‍රමාදයට හේතුව වූයේ යුරෝපා පාර්ලිමේන්තුව එකම බලධරයා වූ හෙයිනි. මෙම ආයතන ත‍්‍රිත්වය තුළ යුරෝපා පාර්ලිමේන්තුවේ භූමිකාව ක‍්‍රමයෙන් ශක්තිමත් වන්නට විය. මෙම ක‍්‍රමික වර්ධනයේ වැදගත් අවස්ථා වනුයේ:

  • 70 දශකයේ මුල් කාලයේ අයවැය පිළිබඳ වගකීම් පැවරීම
  • 1979 පළමුවන සෘජු මැතිවරණය පැවැත්වීම
  • සහයෝගිතා ක‍්‍රියාමාර්ගය සමග එ්කීය යුරෝපා පනත (1986/87) හඳුන්වා දීම,
  • ඇම්ස්ටර්ඩෑම් :්පිඑැරා්ප* ගිවිසුම (1997/99) සහ නයිස් :භසජැ) ගිවිසුම (2001) හරහා සැලකිය යුතු ලෙස පරාසය පුළුල් කරන ලද මාස්ටි‍්‍රච්චි :ඵ්්ිඑරසජයඑ) ගිවිසුම (1993/93) සමග ඇති වූ සම තීරණ ගැනීමේ ක‍්‍රියාමාර්ගය.

යුරෝපා ප‍්‍රජාවේ නීතිය වර්ධනය වීමට විශාල වශයෙන් දායක වුයේ යුරෝපා යුක්ති අධිකරණයයි. 1963 දී ඪ්බ ඨැබා ැබ ඛදදි යන තීරණාත්මක නඩුව හරහා යුරෝපා අධිකරණය පහත තීන්දුව ලබා දුන්නේය. එනම්, රෝම ගිවිසුම මගින් ප‍්‍රකාශ කරන ලද සාමාජීක රාජ්‍යයන්ගේ කැමැත්ත හරහා, සීමිත ෙඏ්ත‍්‍රයන් තුළ වුවත්, ජාත්‍යන්තර නීතියේ නව නෛතික අධිකාරයක් නිර්මාණය වන බවයි.

යුරෝපා ප‍්‍රජාවේ නීතිය හා යුරෝපා සංගමයේ නීතිය අතර වෙනස පදනම් වනුයේ, යුරෝපා සංගමයේ ගිවිසුම්වල ව්‍යුහය මතය. යුරෝපා ප‍්‍රජාව විසින්, යුරෝපා සංගමයේ ‘බලකණු’ තුනෙන් එකක් නිර්මාණය කරන අතර, තනි වෙළඳ පොළක සමාජීය හා ආර්ථික මූලයන් කෙරෙහි සැළකිලිමත් වේ. දෙවන හා තෙවන බලකණු යුරෝපා සංගම් ගිවිසුම (මාස්ටි‍්‍රච්ට් ගිවිසුම) මගින් නිර්මාණය කරන අතර, පොදු ආරක්‍ෂාව, ආරක්ෂක ප‍්‍රතිපත්ති සහ අභ්‍යන්තර ආරක්ෂාව කෙරෙහි මැදිහත් වේ. දෙවන හා තුන්වන බලකණුවල තීරණ ගැනීම කිසිදු බහුතර ඡුන්දයකින් අනුමත වීමකට යටත් නොවේ. යුක්තිය හා අභ්‍යන්තර කටයුතු වනාහී තුන්වන බලකණුව බවට පත් කරන ලද්දේ මාස්ටි‍්‍රච්ට් ගිවිසුම මගිනි. ඉන්පසුව ඇම්ස්ටර්ඩෑම් ගිවිසුම විසින් නීති විරෝධී සංක‍්‍රමණය. වීසා, සරණාගතයින් සහ අධිකරණමය මැදිහත්වීම යන කරුණු යුරෝපා ප‍්‍රජාව (පළමුවන බලකණුව) වෙත පවරන ලදී. වර්තමානයේ අපරාධ කටයුතුවලදී පොලිස් හා අධිකරණමය මැදිහත්වීම යන කරුණු විසින් තුන්වන බලකණුව නිර්මාණය කරයි. එහෙයින් යුක්තිය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ කාරණා දැන් යුරෝපා ප‍්‍රජාවට පවරන ලද කටයුතු මෙන්ම තුන්වන බලකණුව පිළිබඳ ව ද අදාළ වේ.

ඒකීයත්වය, සමානුපාතිකත්වය, පැවරීම පිළිබඳ මූලධර්මය හා පූර්ව අවවාද කිරීම් පිළිබඳ මූලධර්ම යුරෝපා සංගමයේ නීතිය වර්ධනය වීමට මූලිකත්වය ගෙන තිබේ. කැතරින් බර්නාඞ් තර්ක කරන්නේ, යුරෝපා සංගමයේ හරයාත්මක නීතිය නිර්මාණය කරන අයිතිවාසිකම් හතරක් පවත්නා බවයි. එනම්, යුරෝපා සංගමයේ අභ්‍යන්තර වෙළඳ පොළ තුළ භාණ්ඩ, සේවා, ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය නිදහසේ හුවමාරු කර ගැනීමයි.

අපරාධ නීතිය[සංස්කරණය]

2006 දී, අයිවරි කෝස්ට් හි වෙරළක යුරෝපා නැවක් මගින් තෙල් කාන්දුවීමේ සිදුවීම, කාබනික අපද්‍රව්‍ය පිළිබඳ නව නීතියක් සම්පාදනය කිරීමට යුරෝපා කොමිසමට බල කළේය. පරිසර කොමසාරිස් ස්ටැව්රෝස් දිමාස් :ීඒඩරදි ෘසප්ි* ප‍්‍රකාශ කළේ, ”මෙබඳු අතීශය කාබනික අපද්‍රව්‍ය යුරෝපා සංගමය තුළ අතහැර දැමිය යුතු නැත” යනුවෙනි. නැව්ගත කාබනික අපද්‍රව්‍ය පිළිබඳ අපරාධ හඳුන්වා දී නොමැති ස්පාඤ්ඤය වැනි රටවල් හේතුවෙන් ෆ්රැුන්කෝ ෆ‍්‍රැටිනි :ත්‍ර්බජද ත්‍ර්එසබස* (යුක්තිය, නිදහස හා ආරක්ෂාව පිළිබඳ කොමසාරිස්* දිමාස්ට යෝජනා කළේ, පරිසරමය අපරාධ සඳහා අපරාධ දඬුවම් සකස් කළ යුතු බවයි. 2005 දී ඔහුට එසේ කිරීමට ඇති අයිතිය යුරෝපා යුක්ති අධිකරණය තුළ අභියෝගයට ලක් වූ අතර, කොමිසමේ වාසියට නඩුව තීන්දු විය. මෙම තීන්දුව ජාතිකත්වය ඉක්මවා යමින් කොමිසමට අපරාධ නීති පැනවීමේ බලය ලබා දුන් අතර, එය ගිවිසුම් තුළ මීට ඉහත සිදු නොවු දෙයකි. එහෙත් මේ වන තෙක් එසේ කරනු ලැබ ඇත්තේ, ‘බුද්ධිමය දේපල අයිතිවාසිකම් පිළිබඳ මඟ පෙන්වීම්’ පමණි. අපරාධ නීතිය වනාහී යුරෝපා සංගමයේ විෂයයක් නොවිය යුතු බවට ඉල්ලීම් යුරෝපා පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වූ නමුත්, ඒවා ඡුන්දයේ දී පරාජය විය. එහෙත්, යුක්ති අධිකරණය 2007 ඔක්තෝම්බර් මාසයේ දී ප‍්‍රකාශ කළේ, අපරාධ නීතිය තීරණය කිරීම කොමිසමේ කාර්යයක් නොවන බවයි.


ගිවිසුම්[සංස්කරණය]

ප‍්‍රධාන ලිපිය : යුරෝපා සංගමයේ ගිවිසුම්

මූලික ව්‍යවස්ථාවෙන් හෝ ගිවිසුම් වනාහී යුරෝපා සංගමයේ ව්‍යවස්ථාපිත නීතියයි. ඒවා නිර්මාණය කරන ලද්දේ, කැමැත්ත මත එක්රැුස් වූ සියලූ යුරෝපා සංගම් සාමාජීක රාජ්‍යයන් විසිනි. ඒවා, සංගමයේ මූලික ප‍්‍රතිපත්ති, එහි ආයතනික ව්‍යුහය, නීති සම්පාදන පිළිවෙල සහ සංගමයේ බලතල පිළිබඳ ව විස්තර කරයි. ප‍්‍රාථමික නීති සම්පාදනය පිළිබඳ ගිවිසුම් වනුයේ,

  • 1951 ෑක්‍ීක්‍ ගිවිසුම (පැරිස් ගිවිසුම)
  • 1957 ෑෑක්‍ ගිවිසුම (රෝම ගිවිසුම)
  • 1957 ෑඹඍ්ඔධඵ ගිවිසුම (රෝම ගිවිසුම)
  • 1965 ඵෑඍඨෑඍ මර්ජර් ගිවිසුම
  • 1972 එක්සත් රාජධානිය, අයර්ලන්තය හා ඩෙන්මාර්කය ඇතුළත් වීම පිළිබඳ පනත්
  • 1970 අයවැය පිළිබඳ ගිවිසුම
  • 1975 අයවැය පිළිබඳ ගිවිසුම
  • 1971 ග‍්‍රීසියේ ඇතුළත්වීම පිළිබඳ පනත
  • 1985 ස්පාඤ්ඤයේ ඇතුළත්වීම පිළිබඳ පනත
  • 1986 ඒකීය යුරෝපා පනත
  • 1992 මාස්ටි‍්‍රච්ට් ගිවිසුම (යුරෝපා සංගමයේ ගිවිසුම)
  • 1994 ඔස්ටි‍්‍රයාව, ස්වීඩනය හා පින්ලන්තය ඇතුළත් වීම පිළිබඳ පනත
  • 1997 ඇම්ස්ටර්ඩෑම් ගිවිසුම
  • 2001 නයිස් ගිවිසුම
  • 2003 ඇතුළත්වීම පිළිබඳ ගිවිසුම
  • 2005 ඇතුළත් වීම පිළිබඳ ගිවිසුම

මෙම ගිවිසුම්වලට අදාළ විවිධ ඇමුණුම් හා ප්‍රොටෝකෝල :protocol) ද මූලික ව්‍යවස්ථවේ කොටස් ලෙස සලකයි. යුරෝපා සංගමයේ සාමාජීක රටවල ප‍්‍රධානීන් විසින් 2004 දී ව්‍යවස්ථාවකට අත්සන් තැබූ නමුත්, 2007 මාර්තු වන විට දී එය තහවුරු කළ යුතු වේ ද යන්න අපැහැදිලිව පැවතුණි.

යුරෝපා සංගම් නීති මූලධර්ම ආධිපත්‍යය[සංස්කරණය]

යුරෝපා අධිකරණය විසින් කිහිප වරක්ම යුරෝපා ප්‍රජාවේ (ප්‍රථම ස්තම්භය) නීතිය ජාතික නීතියට වඩා උත්තරීතර බව තීන්දුකොට ඇත. සාමාජික රටවල නීතිය සහ යුරෝපා ප්‍රජාවේ නීතිය අතර ඝට්ටනයක් ඇති වන විටක දී යුරෝපා ප්‍රජාවේ නීතියට ප්‍රමුඛතාවය ලැබෙන අතර එවිට සාමාජික රාජ්‍යයේ නීතිය අදාළ නොවිය යුතුය. මෙම සංකල්පය යුරෝපා ප්‍රජාවේ නීතියේ අඳාධිපත්‍යය ලෙස හැඳින්වෙන අතර මෙම සංකලපය ඉස්මතු වූයේ ඡඔසටඅ ව. ුණුළ නඩුවේ දී යුරෝපා අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවත් සමඟය. මෙම නඩුවේ දී අධිකරණ තීන්දුව අනුව පෙනීයන්නේ ස්වායත්ත නීති ප්‍රභවයක් වන ගිවිසුමකින් හට ගනු ලබන නීතිය, කෙසේ සකස් කරන ලද්දක් වුවත් එහි විශේෂ සහ නියම ස්වාභාවය නිසා ප්‍රජා නීතියක ලක්ෂණ වලින් තොරව හෝ එහි නීතිමය පදනම ප්‍රජාව තුළින්ම ප්‍රශ්ණාර්ථයට ලක් කිරීමකින් තොරව දේශීය නීතිමය ප්‍රතිපාදන අභිභවා යා නොහැකිය. බොහෝ රටවල උපරිමාධිකරණ ප්‍රකාශ කරන පරිදි ප්‍රජා නීතිය උත්තරීතර වුවත් එය සාමාජික රටවල මූලික ව්‍යවස්ථාදායක මූලධර්මයන් ට දිගින් දිගටම ගරු කරන අතර අවසාන විනිශචය වන්නේ සාමාජික රාාජ්‍යය මිස යුරෝපා සංගම් ආයතනය නොවේ. මේ අනුව සාමාජික රටවල් තවදුරටත් ගිවිසුම් ප්‍රධානියා බවත් සහ ප්‍රජා නීතියේ බලපෑමේ පදනම බවත් අදහස් වේ.

සෘජු බලපෑම[සංස්කරණය]

ප්‍රජා නීතිය සාමාජික රාජ්‍යයන් තුළ නීති පද්ධතීයනට සාපේක්ෂව පුළුල් පරාසයක් ආවරණය කරනු ලබයි. ගිවිසුම් ප්‍රතිපාදන සහ යුරෝපා සංගම් රෙගුලාසි ප්‍රතිපාදන වල සමාන්තර ච සෘජු බලපෑම් ඇතැයි කියනු ලැබේ. මෙහි අර්ථය නම් පුරවැසියන් හට තවත් පුරවැසියෙකුට එරෙහිව ප්‍රදානය කරන ලද අයිතිවාස්කම් මත විශ්වාස කල හැකි ය. උදා ගුවන් සේවිකාවකට වෙනස්කම් කොට සැලකීමට එරෙහිව ඇගේ ගුවන් සේවා සේවායෝජකයාට නඩුවක් පැවරිය හැකිය. තවත් ප්‍රධාන නෛතික මෙවලමක් වන යුරෝපා සංගම් නියමයන් සිරස් වභයෙන් සෘජු බලපෑම් ඇත. මෙහි දී ඒවා මත පදනම්ව පුරවැසියන්ට තවත් පුරවැසියෙකුය විරුද්ධව නඩු පැවරිය නොහැක.

නියමයන් සාමාජික රටවලට තම ජාතික නීතියට මඟ පෙන්වීමක් වන පරිදි පරිවර්තනය කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර බොහෝ විට එක්සත් රාජ්‍යයේ දී මෙන් පාර්ලිමේන්තු පණතක් හෝ වෙනත් ව්‍යවස්ථාපිත මෙවලමක් මඟින් සිදු කරනු ලැබේ. එවිට ජනතාව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවට විශ්වාස කරන අතර රජයට විරුද්ධව නඩු පවරන්නේ නියමයන් හරිහැටි ක්‍රියාත්මක නොකරන විට පමණි. උදා පාරිභෝභිකයිනට හානිදායක සහ අගුණ නිෂ්පාදන සඳහා සමාගම වගකිව යුතු බවට නියම කරන නිෂ්පාදන වගකීම් නියමය.



සටහන්[සංස්කරණය]

|European_Union_law History_and_development |-

"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපා_සංගමයේ_නීතිය&oldid=193636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි