යුරෝපානු ඉතිහාසය-විපාකය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

අන්තර්ජාතික සාමය පවත්වාගෙන යාමට උත්සාහ කරමින් මිත්‍ර පාක්ෂික රටවල් ඵක් වී ඵක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදී. 1945 ඔක්තෝබර් 24 දින ඵය නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ විය.

ඵ් ගැන තැකීමක් නොමැතිව යුද්ධය අවසන් වීමටත් ප්‍රථම බටහිර රටවල් සහ සෝවියට් සංගමය අතර මිත්‍රත්වය පලුදු වීම ආරම්භ වී තිබිණ. ඵකී බල කඳවුරු දෙකම ඉතා ඉක්මනින් ඵකිනෙකාගේ බල ප්‍රදේශ තහවුරු කර ගත්හ. මිත්‍ර රටවල් විසින් අල්ලා ගත් ජර්මනිය සහ යටත් කර ගත් ඕස්ට්‍රියාව හරහා ඇඳුනු ‘යකඩ තීරයෙන්’ යුරෝපියානු මහාද්වීපය බටහිර සහ සෝවියට් සංගමය වශයෙන් බල කඳවුරු දෙකකට බෙදුණි. ඇමෙරිකා ඵක්සත් ජනපදය, ආසියාවෙන් ජපානය යටත් කර ගත් අතර බටහිර ශාන්තිකර සාගරයෙහි ජපානයට අයත්ව තිබූ දූපත්ද පාලනය කළේය. මේ අතර සෝවියට්වරු සඛාලින් සහ කුරීට් දිවයින් ඈඳා ගත්තේය. ජපානය විසින් පාලනය කළ කොරියාව ද බලවතුන් දෙපිරිස විසින් බෙදා ගන්නා ලදි. ඵක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතරේ නොසන්සුන් තත්වය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය ද සෝවියට් දේශයේ ප්‍රධානත්වයෙන් වෝර්සෝ ගිවිසුම ද බිහි විය. මෙතැන් පටන් දෙපාර්ෂවය අතර ‘සීතල යුද්ධය’ ඇරඹුණේය.

දෙවැනි ලෝක සංග්‍රාමය නිම වී සුළු කාලයක් ගතවත්ම ලෝකයේ බොහෝ ප්‍රදේශයන්හි නැවතත් අර්බුද මතුවීමට පටන් ගත්තේය. චීනයේ ජාතීවාදීන් හා කොමියුනිස්ට්වරුන් අතර අභ්‍යන්තර සටන් ඇවිලුණි. කොමියුනිස්ට් හමුදා ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රාහීව ඉදිරියට ගොස් මහජන චීන ජනරජය පිහිටුවා ගත්හ. පැරදී පසු බැස ගිය ජාතිකවාදීන් පෝර්මෝසාවට පලා යාමෙන් ක්‍රියාවලිය නැවතිණි. බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් සහයෝගය ලැබූ ග්‍රීක රාජකීය හමුදා සහ කොමියුනිස්ට් හමුදා අතර අභ්‍යන්තර යුද්ධයක් ග්‍රීසියේ දී ආරම්භ විය. මෙම අර්බුද අවසාන වූ වහාම බටහිර බලවතුන්ගේ උදව් ලැබූ දකුණු කොරියාව සහ සෝවියට් සංගමය සහ චීන‍ෙය් උදව් ලැබූ උතුරු කොරියාව අතර යුද්ධය ආරම්භ විය. ඵහි අවසාන ප්‍රථිපලය වූයේ දෙපිළම හෙම්බත්වී අවසානයේ දී සටන් විරාමයක් බවට පත්වීමයි.

යුද්ධය අවසන් වීමත් සමග යුරෝපීය අධිරාජ්‍යවා දී රාජ්‍යයන් කිහිපයක් සතුව තිබූ යටත් විජිත ඔවුන් වෙතින් ගිලිහීයාම ආරම්භ විය. මෙයට ප්‍රධාන හේතුව වූයේ යුද්ධයෙන් ඇති වූ ආර්ථික අහේනිය සහ යටත්විජිතවල ජනයා නිදහස ඉල්ලා අරගල කිරීමයි. මෙම සිදුවීම්වල දී මැඩගස්කරය, ඉන්දුනීසියාව, ඇල්ජිරීයාව සහ ඉන්දු චීනය වැනි රටවල්වල සිදුවුනු ඵරෙහිවීම් හැරුණු විට අනෙකුත් බොහෝ කලාපවල සාමකාමි ලෙස වෙනස්වීම් සිදු විය. ජනවාර්ගික හෝ ආගම් මුල්කරගෙන වෙනත් කලාපයන්හි වෙනස් වීම් සිදු වුනේ යුරෝපීයයන් ඉවත් වීමෙන් පසුවයි. පලස්තීනය හා ඊශ්‍රායලය නිර්මාණය වීමට මුල් වූ පලස්තීන අඥාව ද, ඩොමිනියන් ඉන්දියාව හා ඵම තත්වය ලැබූ පකිස්ථානය වශයෙන් ඉන්දියාව දෙකඩවීමද කැපී පෙනුණු සිදු වීම් විය.

යුද්ධයෙන් පසු ඇති වූ ආර්ථික ප්‍රතිෂ්ඨාපනය ලෝකයේ විවිධ රටවල්වල විවිධාකාර වූ වෙනස්කම් සහිතව වුවද බොහෝ විට සුභදායි ලෙස සිදුවුණි. බටහිර ජර්මනිය ඉතා ඉක්මනින් ආර්ථික පුණර්ජීවනය ලබා ගත් අතර 1950 වන විට ඵය යුද්ධයට පෙර තිබුණු මට්ටමට නිෂ්පාදනය දෙගුණ කළේය. ඉතාලිය යුද්ධයෙන් පසු ඵළියට පැමිණියේ ඉතා දුර්වල ආර්ථික තත්වයකට මුහුණ දෙමිනි. ඵහෙත් 1950 වන විට ඉතාලි‍ෙය් ආර්ථිකය ස්ථාවර වුණු අතර ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේය. යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය ආර්ථික වශයෙන් ගරා වැටුණු අතර දශක ගණනක් ඉදිරියට අත්විඳීමට සිදුවන ආර්ථික අවපාතයක අබිමුව සිටියේය. ප්‍රංශය සීග්‍රයෙන් යථා තත්වයට පත් වූ අතර වේගවත් ආර්ථික වර්ධනයක් සහ නවීකරණයේ ආශ්වාදය ලැබුවේය. සෝවියට් දේශය ද පශ්චාත් යුධ සමයේ දී නිෂ්පාදනයේ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබුවේය. ජපානය පුදුමාකාර ආර්ථික වර්ධනයක් ලැබූ අතර 1980 වන විට ලෝකයේ ආර්ථික බලවතෙකු බවට පත් වීමට මග පාදා ගත්තේය. රටෙහි අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් අනතුරුව චීනය සම්පූර්ණයෙන් බංකොළොත් රටක් බවට පත්විය. 1953 වනවිට ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සතුටුදායක මට්ටමක ප්‍රගතියක් පෙන්වූයේ නිෂ්පාදනය පූර්ව යුධ සමයේ යහපත් තත්වයට ළඟා වූ හෙයිනි. “විනාශකාරි ආර්ථික ප්‍රතිසංස්කරණ” වල ප්‍රථිපලයක් ලෙස කෙටි කලකට ඵම තත්වයට බාධා පැමිණුනද ඉහත සඳහන් කළ ආර්ථික වේගය දිගටම පැවතුණේය. යුද්ධය ආරම්භයේ ඇමෙරිකා ඵක්සත් ජනපදය ලෝකයේ කාර්මික නිෂ්පාදනයන්ගෙන් අඩක් පමණ දළ වශයෙන් නිෂ්පාදනය කළ අතර 1970 වන විට මෙම ප්‍රමුඛත්වය සැළකිය යුතු ලෙස පහළ වැටුණේය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Second_World_War#Aftermath