යුරෝපානු ඉතිහාසය-ප්‍රංශයේ පළමු නැපෝලියන්

විකිපීඩියා වෙතින්

නැපෝලියන් I ( ඉපදුණේ නැපෝලියන් දි බොනපාර්ට්, පසුව නැපොලියන් බොනපාර්ට්) (0769 අගෝස්තු 15 – 1821 මැයි 5) නම් නවීන යුරෝපියන් ඉතිහාසයට කැපී පෙනෙන ලෙස බලපෑම් එලල් කළ ප්‍රංශ යුධ හමුදා සහ දේශපාලනික නායකයෙකි. ඔහු ප්‍රංශ විප්ලවය කාලයේ (French Revoolution) ජෙනරල් වරයෙකි. ප්‍රංශ ජනරජයේ ප්‍රධාන කොන්සල්වරයෙකු ලෙස ප්‍රංශයේ පාලකයා , ප්‍රංශයේ අධිරාජ්‍යයා (Empereur des Francais), ඉතාලියේ රජුය. ස්විස්ටර්ලන්තයේ රාජ්‍යය සන්ධානයේ මැදිහත් කරුය. රයින් රාජ්‍යය සන්ධානයේ ආරක්ෂකයාය.

කෝර්සිකාහි (Corsica) උපත ලබා ප්‍රංශයේ ප්‍රධාන දේශයේ කාලතුවක්කු නිළධාරියෙකු ලෙස පුහුණු වුණේය. ඔහු ප්‍රථමයෙන්ම ප්‍රංශ විප්ලවයේ (French Revolution) ජෙනරල්වරයෙකු වශයෙන් ප්‍රමුඛව ඉහළට ආවේය. ඒ ප්‍රංශයට එරෙහිව පෙළ ගැස්වූ පළමු සහ දෙවන ඒකාබද්ධ හවුලට (Forst Coalition and second Coalition) එරෙහිව සාර්ථක වූ යුධ මෙහෙයුම් කිහිපයක් මෙහෙය වූ නිසයි.1799 පසු කාලීනව නැපෝලියන්ට නීත්‍යානුකූල නොවන බලය අල්ලා ගැනීමට අවස්ථාවක් සැලසුණු අතර ඔහු ඔහුවට පළමු කොන්සල්වරයෙකු ලෙස තනතුරේ පිහිටුවා ගත්තේය. අවුරුදු 05 කට පසු ඔහු ප්‍රංශයේ අධිරාජ්‍යයා බනට පත් විය. දහනව වන සියවසේ පළමු දශකයේ ඔහු ප්‍රංශයේ යුධ හමුදාව යුරෝපයේ ප්‍රබල ප්‍රධාන රටවල් වලට එරෙහිව හරව‍ා යැවීය. එහිද යුරෝපා මහද්වීපයට (Europe) ඉතා ඉක්මන් යුධමය ජයග්‍රහණයන් ඔස්සේ පාලනය කෙරිණි. එහිදී ඔස්ටර්ලිට්ස් (Austerlitz) සහ ෆීජ්ලන්ඩ්(Friedland) වැනි සටන් හරහා ප්‍රතිමූර්තියක් විය. ඒ ව්‍යාප්ත වූ මිත්‍ර ගිවිසුම් ක්‍රමයන්හි සැකසීම හරහායි. ඔහු ප්‍රංශය විසින් පාලනය කෙරුණු රජයන්හි වැදගත් රජයේ නිළධාරීන් ලෙස හා බලවතුන් ලෙස ඔහුගේ මිත්‍රයන් හා පවුලේ සාමාජිකයන් පත් කළේය. 1812 දී ප්‍රංශය විසින් මෙහෙයවූ විනාශකාරී රුසියානු ආක්‍රමණය , නැපෝලියන්ගේ වාසනාව තීරණය කරන අවස්ථාවක් ලෙස සටහන් විය. යුධ මෙහෙයුම් නැවත පෙර පැවති බලය ලබා ගත නොහැකි වන ආකාරයෙන් “ ග්‍රොන්ඩ් ආමි” (Grande Armee) විනාශ කර දැමීය. 1813 දී ඔක්තෝබරයේ හයවන ඒකාබද්ධ හවුල මගින් (Sixth Coalition) ලෙයිප්සිග් (Leipzig) හිදී ඔහුගේ හමුදාව පරාද කළ අතර පසුව ප්‍රංශය ආක්‍රමණය කළේය. 1814 අප්‍රේල් මාසයේදී ඒකාබද්ධ හවුල මගින් නැපෝලියන් බලයෙන් අස්කිරීමට බලපෑම් කෙරුණු අතර ඔහුව ඉල්බා (Elba) දිවයිනට පිටිවහල් කිරීමටද බලපෑම් කෙරුණි. අවුරුද්දකටත් අඩු කාලයකින් නැවත ප්‍රංහයට පැමිණි අතර දින 100 න් (Hundred days) රජයේ පාලනය නැවත ලබා ගත්තේය. එය 1815 ජුනි මාසයේ 18 වන දින වොටර්ලු හිදී සුදු වූ ඔහුගේ අවසාන පරාජයට කලින් සිදු විය. නැපෝලියන් ඔහුගේ ජීවිතයේ ඉතිරි අවුරුදු සයක කාලය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයා යටතේ ඇති ශාන්ත හෙලේනා (st. Helena) දිවයිනේ ගත කළේය. නැපෝලියන් සංසන්දනාත්මකව ස්වල්ප යුධමය නවීකරණයන් දියුණු කළේය. ඔහුගේ තනතුර කාලතුවක්කු අංශයේ සිට අවි ආයුධ තැනට වෙනස් වුවත්, සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු සියලු ආයුධ ඒකකයන් සේ හමුදා බලඇණි උසස් කිරීම සියලු විශාල නවීන හමුදා මගින් සැබවින්ම පිළිගැණිනි. ඔහු ඔහුගේ උසස්ම උපක්‍රම , වෙනස් වූ මුලාශ්‍රවලින් ආකර්ෂණය කරගත් අතර ඔහු ඔහුගේ නවීන, ප්‍රතිසංස්කරණය වූ ප්‍රංශ හමුදාව සමග ප්‍රධාන විජයග්‍රහනයන් කිහිපයක් ලබා ගත්තේය. ඔහුගේ යුධ මෙහෙයුම් ලෝකයේ සියලු යුධමය අධ්‍යයන කරුවන් අධ්‍යයනය කළ අතර ඔහුව පුළුල් ලෙස ඉතිහාසයේ ශේෂ්ඨතම අණ දෙන්නෙක් ලෙස සැලකීය. ඔහුගේ යුධමය ජයග්‍රහණය හැරුණු කොට ; නැපෝලියන්, නවීන ප්‍රංශ ජනපදයේ රාජ්‍යය පරිපාලනයට පදනම සකසන නැපෝලියන් රහස්‍යය සංකේත (Napoleanic Code) ස්ථාපනය කිරීම වෙනුවෙන්ද මතකයේ රඳවාගෙන තිබේ.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Napoleon