යුද්ධයේ සදාචාරය
ඉතිහාසය පුරා යුද්ධය නිසා සදාචාරය පිළිබඳ ප්‍රශ්න කිහිපයක් පැන නැගී ඇත. ආදි කාලීන රාජ්‍යයන් හා වර්තමාන රාජ්‍යයන් කිහිපයක්ද යුද්ධය උත්තම ක්‍රියාවක් ලෙස දුටුවද, අතීතයේ සිට වර්තමානයට පැමිණෙන විට සදාචාරය පිළිබඳ ගැටළු ක්‍රමක්‍රමයෙන් අඩු වී ඇත. වර්තමානයේ යුද්ධය සමහරෙක් දකිනුයේ ඉතා අප්‍රසන්න සදාචාරත්මක ගැටලු ඇහිකරන්නක් ලෙසය. ඒ අතර සමහරුන් යුද්ධය දකිනුයේ රාජ්‍යය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාදාමයක් ලෙසය. සාමවාදීන් විශවාස කරනුයේ යුද්ධය මුලුමනින්ම ඉතා අනාචාර කටයුත්තක් බවත් කිසිම ලෙසක යුද්ධයක් ඇති නොවිය යුතු බවත්ය.
යුද්ධයේ ඍණාත්මක ස්වාභාවය වර්තමන්යේ වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත. නමුත් හෙනරිච් වොන් ට්‍රේට්ස්ච්ක් (Heinrich von Treitschke)යුද්ධය් දුටුවේ නිර්භීතභාවය, කීර්තිය උපරිම ලෙස අවශ්‍යවන මිනිසාගේ උත්තම ක්‍රියාවක් ලෙසය. ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්රිච් හීගෙල් (Georg Wilhelm Friedrich Hegel), යුද්ධය ඉතිහාසය ගොඩනැගීමටත්, සමාජය දියුණුවීමටත් අවශ්‍ය ක්‍රියාදාමයක් ලෙස පෙන්වීය. ෆ්‍රෙඩ්රිච් නීශ්ච් (Friedrich Nietzsche) යුද්ධය දුටුවේ උබෙර්මෙන්ස්ච් (Übermensch) ජාතීන්ට කීර්තිය විදා දැක්වීමට අවස්ථාවක් ලෙසය. I වන ලෝක යුද්ධය ඇති වූ විට කතෘ තොමස් මැන් (Thomas Mann) දැක්වූයේ "සාමය සිවිල් දූෂණයක් හි ගුණාංගයක් නොවේද? යුද්ධය පරිශෝධනයක්, විමුක්තිදානයක්, ඉමහත් බලාපොරොත්තුවක් නොවේද?" ලෙසය. මෙම අදහස වැළඳගත් ස්පර්ටා හා රෝමය පැරණි ලෝකයේ 1930 දක්වා ඒකාධිපත්‍යයට තුඩු දුන්නේය.
අන්තර්ජාතික නීතීන් යුද්ධය නීත්‍යානුකූලව පිලිගන්නේ අවස්ථා 2කකදී පමණය.
1. යුද්ධය රැකවළ සඳහා ඇතිකරනා අවස්ථාවන්: එක් රාජ්‍යයකට ආක්‍රමණිකයන් විසින් ප්‍රහාර එල්ල වන විට ආරක්ෂාවීමට යුද වැදීම පිලිගැනේ.
2. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අවසරලත් යුද්ධයන්: එක්සත්ජාතික ආරක්ෂක මණ්ඩලය එක් සමූහයක් ලෙස එක් රාජ්‍යයකට එරෙහි වන විට මෙය අදාළ වේ. සාමය රදා පැවතීමේ ක්‍රියාදාමවලට මෙය වැදගත් වේ.
අන්තර්ජාතික නීතියේ උපකුලකයක් වන යුද නීතිය, නැතහොත් අන්තර්ජාතික මානවවාදී නීතිය යුද්ධ හැසිරවීම පිළිබඳ රෙගුලාසීන් හඳුනාගෙන තිබේ. ජිනීවා සම්මේලන තුලින්ද අවිආයුද භවිතයත්, යුද සිරකරුවන්ට දක්වන සැලකිල්ල පිළිබඳවත් රෙගුලාසීන් ගොඩනැගී තිබේ. මෙම නීතීන් කඩකරනා අවස්ථා යුද අපරාධ ලෙස හැදිනෙන අතර IIවන ලෝක යුද්ධයේ අවසානයේ තිබූ නුරෙම්බර්ග් ට්‍රයල්ස් (Nuremberg Trials) වලින් අන්තර්ජාතික සමාජය මෙවැනි අවස්ථා සඳහා අධිකරණ නීතීන ගොඩනගා ඇත.