යුගල සංගීතය (Duet)

විකිපීඩියා වෙතින්
හෙන්ඩ්‍රික් ට බෘගන් විසින් නිර්මාණය කළ යුගල සංගීත කොටසක්.


ඉදිරිපත් කරන්නන් යුගලක් වෙනුවෙන් සකස් කළ සංගීතය යුගල සංගීතය නම් වේ. සම්භාව්‍ය සංගීතයේ දී බොහෝ විට මෙම යෙදුම ගායකයන් හෝ පියානෝ වාදකයන් යුගලක් සඳහා රචනා කළ සංගීතය හැඳින්වීමට භාවිතා වේ. මේ හැරුණු විට වෙනත් සංගීත භාණ්ඩ යුගලක් භාවිතයෙන් ඉදිරිපත් කරනු ලබන සංගීතය හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් Duo නම් පදය බහුලව භාවිතා වේ. එකම පියානෝවක් භාවිතයෙන් එක්ව ඉදිරිපත් කිරීම් කරනු ලබන පියානෝ වාදකයින් දෙදෙනෙකුගේ ඉදිරිපත් කිරීමක් ඉංග්‍රීසි බසින් Piano Duet (පියානෝ යුගල සංගීතය) හෝ Piano four hands ලෙස හැඳින්වේ. පියානෝ යුගලක් භාවිතයෙන් එකවිට පියානෝ වාදකයන් යුගලක් එක්ව කරන ඉදිරිපත් කිරීම Piano Duo ලෙස හැඳින්වේ.

Duet නම් ඉංග්‍රීසි පදය ඇතැම් විට යුගලක් වශයෙන් ඉදිරිපත් කිරීම යන අර්ථය ඇතිව ද ඉංග්‍රීසි භාෂාවේ දී යෙදේ. එවිට එය ක්‍රියාපදයක ස්වභාවය ගනී. තවද වාචික භාවිතයේ දී Duet යන පදය යුගල ඉදිරිපත් කිරීමක් සිදු කරන ශිල්පීන් හැඳින්වීමට ද භාවිතා වේ. මේ හැරුණු විට මෙම පදය ඇතැම් විට පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කරන සංගීතමය නොවන ක්‍රියාවන් හැඳින්වීමට ද භාවිතා වේ.

පුනරුද යුගයේ සංගීතයේ දී ඉගැන්වීම් ක්‍රමයක් ලෙස විශේෂයෙන් භාවිත වූ ගුරුවරයා සහ ගෝලයා එක්ව ඉදිරිපත් කරන යුගල සංගීත නිර්මාණය Bicinium ලෙස හැඳින් වුණි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Duet

"https://si.wikipedia.org/w/index.php?title=යුගල_සංගීතය_(Duet)&oldid=470269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි