යාපහුව රාජධානිය (යාපව්ව)
පිහිටීම
[සංස්කරණය]වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ (වන්නි හත්පත්තුවේ පහළ විසිදෙකේ කෝරළේ) මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහව නගරයේ සිට සැතපුම් තුනක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇත.
යාපව්ව පර්වතය කඳු වළල්ලකින් වට වූ ස්වාභාවික ආරක්ෂිත ස්ථානයක් බව බැලු බැල්මට වුව ද පෙනේ. පර්වතයට සැතපුමි භාගයක් පමණ බටහිරින් දක්නට ඇත්තේ කයිකාවල මුරපොළයි. ඔත්තු බැලීමට පමණක් නොව සතුරන්ට පහර එල්ල කළ හැකි අයුරින් විශාල ගල් කුට්ටි පරිවතය මත යාන්තමට රඳවා ඇති ආකාරය පහත සිට බලන විට පෙනේ. යාපවිව පර්වතයට නැගෙනහිරින් මොණරගල පර්වතය ඇති අතර, ඒ අවට තැනින් තැන නැගුණු කුඩා කඳුගැට රාශියක් දක්නට ඇත. මෙම පර්වතයට සැතපුම් එකහමාරක් පමණ දුරින් උතුරේ සිට දකුණට බටහිර දෙසින් විහිදෙන කඳු වළල්ලකි. මේ අනුව, බලන විට පෙනෙන්නේ පැරණි ලංකා ඉතිහාසයේ කිසිම රාජධානියකට නොතිබූ අන්දමේ ස්වභාවික ආරක්ෂාවක් යාපව්ව රාජධානිය සතුව පැවැති බවයි. මෙම පර්වතයේ බටහිර කොටස ස්වභාවිකව ම ආරක්ෂා වී ඇත. අහසින් ආවොත් මිස කිසිම සතුරකුට වැදිය නොහැකි ලෙස එම කොටස ප්‍රපාතාකාරව ඇත.
ප්‍රාග් හා මූල ඓතිහාසික තොරතුරැ
[සංස්කරණය]යාපවිව පුරා ස්ථානය හා අවට ප්‍රදේශය පිළිබඳ ඉපැරණි පුරාවිද්‍යාත්මක සාධක ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදෙයි. මෙම පර්වතය ආශ්‍රිතව හා තදාසන්න ප්‍රදේශවලින් ප්‍රාග් එතිහාසික මානව අවශේෂ හමුවීමෙන් ඒ බව මැනවින් අනාවරණය වේ. පූර්ව ඓතිහාසික හෙවත් මෙගලිතික ජනාවාස පිළිබඳ ව පැහැදිලි සාධක යාපව්ව ආසන්නයේ ඇති ගල් සොහොන් කනත්ත කොණ්ඩදෙණිය නම් ස්ථානයෙන් හමුවී ඇත. විශාල ප්‍රමාණයේ ගල්පුවරැ භාවිත කරමින් සුසාන සකස් කිරීම මෙම අවධියේ විශේෂ ලක්‍ෂණයකි. මෙම මහා ශිලා අවධිය පූර්ව ඓතිහාසික යකඩ යුගය වන ක්‍රි: පු: 900ත් ක්‍රි: පු: 600 ත් අතර කාලයට අයත් ය. මූල ඓතිහාසික අවධියේ අග භාගයේ යාපව්ව මුල් කොටගත් ප්‍රධාන සංඝාරාමයක් තිබූ බවට සාධක කටාරම් කොටා සැකසූ ලෙන් අතරින් කීපයක ඇති පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපිවලින් අනාවරණය වේ.
ඓතිහාසික පසුබිම
[සංස්කරණය]ලංකාවේ රජරට ශිෂ්ටාචාර යුගය ක්‍රිස්තු වර්ෂ 1215 දී පමණ සිදු වූ මාඝ ආක්‍රමණයක් සමඟම අවසන් වේ. රජරට මාඝගේ ආධිපත්‍යයට යටත් ව පැවති වකවානුවේ දී මායා රටේ සහ රැහුණු රටේ සීමා සහිත ප්‍රදේශයක පාලන බලය හිමිකරගෙන සිටි පාලකයන් කීපදෙනෙකු පිළිබඳ ව වැදගත් තොරතුරැ ස්වල්පයක් මහාවංසයේ සඳහන් වේ. "මේ කාලයෙහි මහා පිණැති බොහෝ ඇතැමි ජන කොටස් ඒ ඒ දුර්ග පර්වතයන්හි සිත්කලුව නගර ග්‍රාමයන් කරවා, ඒ ඒ ස්ථානවල වාසය කරමින් ලෝකය ද ශාසනය ද පාලනය කළහ. එසේ ම සතුරන් විසින් නැගීමට දුෂ්කර වූ යාපවිව මතුයෙහි වෙසමුණි රජුගේ ආලකමන්දාව වැනි නගරයක් කර සුභ සෙනෙවි තෙම එහි වාසය කරමින් ඒ දේශය ද පාලනය කළ බව එහි සඳහන් වේ.”
යාපව්ව පිළිබඳ ව අපට අපගේ ප්‍රධාන වංශකථාව වන මහාවංසයේ ප්‍රථම වරට සඳහන් වන අවස්ථාව මෙයයි.
ක්‍රි. ව. 1215 දී මාඝ පොළොන්නරුවේ බලය අල්ලා ගැනීමත් සමඟ මෙතෙක් පොළොන්නරුවේ රජුන් සමඟ රාජ්‍ය කරමින් සිටි සෙන්පතිවරැන් ඈපා, මාපා වැනි රාජක්‍යයෝත් පොළොන්නරුවෙන් පළාගොස් ආරක්ෂක ස්ථානවල ලැගුම් ගන්නට ඇතැයි ඉහත කී මහාවංසයේ සඳහන අනුව අපට සිතාගත හැකි ය. සමහර විට සුභ සෙනවියා ද, මාඝගේ කෲර ක්‍රියාකලාපය නිසා රජරටින් පැන ආ සෙනවියකු විය හැකි ය. මාඝගේ ආක්‍රමණය හේතුවෙන් රජරට සිටි ප්‍රභූන් නිරිත දෙසට සංක්‍රමණය වීමත්, ඒ ඒ ස්ථානවල ඔවුන් විසින් ප්‍රාදේශීය පාලන ඒකකයන් ඇති කරගෙන සිටි ආකාරයත් මහාවංසය, පුජාවලිය, සහ එළු අත්තනගලු වංශය වැනි ඉතිහාස ග්‍රන්ථවලින් මනාව අවබෝධ කොටගත හැකි ය. ඒ අනුව, භීතියෙන් හා අවිනිශ්චිත භාවයෙන් යුක්ත වූ මේ අවධියේ සුභ සේනාධිපති වර්තමාන යාපවිවේ ද රුහුණු