යාඥා - තෙවැදැරුම් යාඥා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

නිත්‍ය කර්‍ම වර්ගීකරණය අනුව සංඛ්‍යාවෙන් හතලිහක් වූ සස්කාරවල (Saskaras) ඇතුළත් වන පූජා වර්‍ග ගණන 21 ක් වෙයි. මෙම පූජාවන් ජිවිත කාලය තුල අවම වශයෙන් එක් වරක් හෝ ‍ඉෂ්ඨ කළ යුතු වේ. මෙම පූජා හත බැගින් කොටස් තුනකට බෙදා වෙන් කෙරේ. ඒවා සාක්‍ය යාඥා, හවිර්ය යාඥා සහ සෝම යාඥා වේ.


සාක්‍ය යාඥා[සංස්කරණය]

සාක්‍ය යාඥා යනු සුළු යාඥා වර්ගයක් වන අතර ඒවා නිවෙස් තුළ දීම ක්‍රියාත්මක කෙරේ. සාක්‍ය යාඥා සහ හවිර්ය යාඥා දින 14 ක්වන චන්ද්‍ර චක්‍රයේ සෑම පළමු දිනකම සිදුකරනු ලැබේ. (පිළිවෙලින් Grhyagui සහ Shrautagui) මෙයින් පළමු වැනි ස්නාලිපාක (Sthali) සාක ලෙස හැඳින්වේ. ස්නාලි යනු සහල් ඉසීමට ගන්නා භාජනයයි. මේ සඳහා තෝරා ගන්නා චාරු නමැති සහල්, විශේෂයෙන් පිළියෙල කරගනු ලබන ගින්දරකින් පිස ගත යුතුය. මෙසේ පිස ගත් සහල් එම ගින්නටම පිදිය යුතුය.


හවිර්ය යාඥා (Haviryajna)[සංස්කරණය]

මෙම යාඥා විශේෂය ඉතා උත්කර්ෂමත් ලෙස සිදුකෙරේ. එම පූජාවන් ප්‍රමාණවත් සෝම යාඥා තරම් ව්‍යාප්ත ‍ව සිදු නොවේ. මෙම පූජාවන් සෑම ප්‍රථම දර්ශ පුර්‍ණ දිනයන්හිදි එනම් පුර පොහෝ දිනවල දී පැවැත් වේ. මෙම පුද පූජා දෙවර්ගය “ස්ති” නමින් ද හැඳින්වේ. දශපුර්ණ මාස ස්තිනිය හවිර්ය යාඥාවන්ට විකල්පයක් ලෙසද පැවැත්වේ. ආධාන, අග්නිගෝත්‍ර, දර්ශ පුර්‍ණ මාස සහ අග්‍රයාන යන පළමු හවිර්ය යාඥා සතර නිවෙස් තුළ සිදු කෙරේ. ද්‍රව්‍ය යාඥා තුන වු චතුර්මාස්‍ය, නිරෝධා, පශු බන්ධු සහ සෞත්‍රමනි පුජාවන් යාඥා ශාලා තුළදී සිදු කරනු ලබයි.

සෝම යාඥා[සංස්කරණය]

මෙම පුජාව සඳහා යොදාගන්නා සෝම නම් ශාඛයේ යුෂ වර්ගය නිසා සෝම යාඥා නමින් හඳුන්වයි. මෙම යුෂ වර්ගයට දෙවියන් ප්‍රිය කරන බැවින් එය දෙවියන් වෙත පුජා කරනු ලබයි. මේ යාඥා පුජා අවස්ථා වලදී සාමන් (Samans) ගායනා කරනු ලබන අතර ඒ සඳහා ගෝත්‍ර, අද්වාර්ය, Udgatar සහ බුන්වත් යන සියළු ෂාරයුල(Sharaula) පූජකවරුන් සමඟ 12ක් හෝ 13 බැගින් සහයකයෝද සහභාගී වෙති. මෙහිදී සෑම පූජකවරයෙකුටම ‍අනෙක් අය තිදෙනා බැගින් ආධාර කිරීමට සූදානම් ව සිටි. සෝම යාඥා වලින් පළමුවැන්න වන අග්නිසෝම යාඥාව මෙහි අනෙකුත් යාඥා 6 වර්ගයට වඩා විශේෂ වේ. මෙම යාඥා වර්‍ග නම් අත්යාන්ගිසෝම, උක්ත්‍ය, සොදායි, වජ්‍යසේය, අත්රාත්තු සහ අස්තෝරයාස වේ. මේවායින් වජ්‍යසේය විශේෂ වැදගත්කමක් උසුලයි. පූජාව අවසානයේ දී පූජාව පවත්වනු ලැබු තැනැත්තා අවභාත්‍රා ස්තානයෙන් පසු නැවත පැමිණෙන විට රජතුමන් ඔහු විසින් ම සුදු චක්‍රයක් ඔසවා පිළිගනු ලබයි. දැනට භාවිතා කෙරෙන 'වජ' යන වචනයෙහි අර්ථය සහල් නැතිනම් ආහාර වේ. මෙය එහි පුරාණ අර්ථයෙන් වෙනස් අරුතකි. 'සේය' යනු පානය යන අර්ථයයි. එම නිසා ජයග්‍රහණයේ පාලනය යන අරුත දිව සඳහා වාජයෝය යන යෙදුම තෝරාගෙන ඇති බව පෙනේ. මෙම යාගය සෝම යුෂ, පශු හෝම (සතුන් 23 ක්) සහ 'අන්න' හෝ වජ හෝඩ යන අංගයන්ගෙන් සමන්විත වේ. තවද මෙහිදි පුජාව පවත්වනු ලැබූ ‍අය වත්කරන්නා සේ ඉතිරි වු සහලින් නාවනු ලබයි. එමනිසා වජපේය ලෙසින් මෙම පූජාව හැඳින්වීම යෝග්‍ය බව පෙනේ.

සටහන්[සංස්කරණය]

Yajna - Three kinds of Yajnas
"https://si.wikipedia.org/w/index.php?title=යාඥා_-_තෙවැදැරුම්_යාඥා&oldid=180341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි