යට ඇඳුම්

විකිපීඩියා වෙතින්
කාන්තා යටඇඳුම්/ කොට කලිසම්
පිරිමි බොක්සර් කොට කලිසම්

යට ඇඳුම් යනු පිටස්තරයෙන් ඇඟලනු ලබන ඇඳුමට ඇතුළතින්, සාමාන්‍යයෙන් සෘජුවම සම සහ ස්පර්ශ වන පරිදි පළඳිනු ලබන වස්ත්‍ර වේ. මිනිස් දේහ ශ්‍රාවයන් හේතුවෙන් සිදුවන කිලිටි වීම් හෝ හානි වලින් පිටස්තර පැළඳි ඇඳුම ඈත්කර තබා ගැනීමට, පිටස්තර ඇඟලුමෙන් සම මත ඇති කරන ඝර්ෂණය තුනී කිරීමට, දේහ හැඩය ඇතිකරවීමට, සහ දේහ ප්‍රදේශ සඟවා ගැනීමටත්/ අවයව සංධාරණය සඳහාත් යට ඇඳුම් භාවිත කෙරේ. ශීත කාලගුනවලදී අතිරේක උණුසුම සපයා ගැනීම උදෙසා සමහර අවස්ථාවන්හී දිගු යටඇඳුම් භාවිතය සිදුකරනු ලැබේ. ගැලපෙන අමුද්‍රව්‍ය හෝ පෙහෙකමින් නිර්මිත සමහර යට ඇඳුම්, නිදන ඇඳුම් හෝ පිහිනුම් ඇඳුම් ලෙසත්, සමහර අවස්ථාවන්හී ලිංගික ආකර්ෂණය අරමුණු කොටගනිමින් භාවිතාවට ගත හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=යට_ඇඳුම්&oldid=418565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි