යකිතොරි

විකිපීඩියා වෙතින්
පුළුස්සනු ලබන යකිතොරි
ලුණු රසැති සහ පැණි රසැති සෝස් සමගින් යකිතොරි වීදියේ විකුණන ආහාරයක් ලෙසින්
ටෝකියෝ නගරයෙහිදී යකිතොරි නැවුම් ලෙසින් පුළුස්සා ගන්නා අයුරු

යකිතොරි (焼き鳥?) යනු ජපාන ක්‍රමයට සකස් කෙරුණු මස්කූරෙහි අමුණන ලද ඌරු මස් හෝ කුකුළු මස් වෙයි. එය පිළියෙල කිරීමෙහිදී, සාමාන්‍යයෙන් වානේ, බම්බු, හෝ එවැනි ද්‍රව්‍යයකින් තැනුනු කුෂී () නමැති මස්කූරක මස් වර්ගය අමුණනු ලැබේ. ඉන්පසුව, ඒවා අඟුරු ගින්නෙහි පුළුස්සා ගනු ලැබෙයි. පිසීමෙහිදී හෝ පිසීමෙන් පසුව හෝ මස් වර්ගය සාමාන්‍යයෙන් ටරෙ සෝස් හෝ ලුණු හෝ වෙතින් පදම් කරගනු ලැබෙයි. [1] මෙම පදය පුළුල් වශයෙන් කුෂීයකි (පුළුස්සන ලද සහ කූරෙහි ඇමුණූ ආහාර) සඳහාද අවිධිමත් ලෙසින් භාවිතා කෙරෙයි.

  1. "යකිතොරි (මස් කූරෙහි ඇමිණූ රෝස් කල මස්), දිනැති 10 මැයි, 2010". ගුරුනවි. සම්ප්‍රවේශය 2016-02-14.
"https://si.wikipedia.org/w/index.php?title=යකිතොරි&oldid=482200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි