මේරියන් ජෝන්ස්

විකිපීඩියා වෙතින්
මේරියන් ජෝන්ස්
පදක්කම් වාර්තාව

සමර් ඔලිම්පික් තරඟ
2000 සිඩ්නි මීටර් 100 සුදුසුකම් නොලැබුවාය
2000 සිඩ්නි මීටර් 200 සුදුසුකම් නොලැබුවාය
2000 සිඩ්නි 4x100 වී රිලේ සුදුසුකම් නොලැබුවාය
2000 සිඩ්නි 4x400 වී රිලේ සුදුසුකම් නොලැබුවාය
2000 සිඩ්නි දුර පැනීම සුදුසුකම් නොලැබුවාය

ලෝක ශූරතාවලිය
2001 එඩ්මන්ටන් මී.100 සුදුසුකම් නොලැබුවාය
2001 එඩ්මන්ටන් මී.200 සුදුසුකම් නොලැබුවාය
1999 සෙවිල් දුර පැනීම ලෝකඩ
1999 සෙවිල් මී.100 රන්
1997 ඈතැන්ස් මී.100 රන්
1997 ඇතෑන්ස් 4x100 මී.රිලේ රන්

මේරියන් ලුසි ජෝන්ස් (මේරියන් ජෝන්ස් තොම්සන් නමින්ද හැඳින්වේ) 1975 ඔක්තෝම්බර් මස 12 වෙනි දින කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලිස් හීදි උපත ලැබුවාය. ඇය මීට පෙර ජවන හා පිටිය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලෝක ශූරිය වූවාය. 2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි පැවැත්වුනු ගිම්හාන ඔලිම්පික් උළලේදි පදක්කම් පහක් දිනා ගත්තාය. එහෙත් ඉන් පසු තහනම් උත්තේජක ඖෂධ ලබා ගත් බව පිළිගැනීම නිසා 2000 වර්ෂයේ සිට ඒ දක්වා ඇය ලබා ගෙන තිබු පදක්කම් සියල්ල ආපසු භාර දීමට ඇයට සිදු විය.

2000 සිඩ්නි ගිම්හාන ඔලිම්පික් තරඟාවලියට පෙර ඇය තහනම් උත්තේජක ලබා ගත් බව 2007 ඔක්තෝම්බර් මාසයේදි ඇය පිලිගත්තාය. එමෙන්ම මේ සම්බන්ධයෙන් පුවත් පත් වලට, නොයෙක් ක්‍රීඩා නියෝජිත ආයතන වලට, සහ විනිශ්චය සභාවන් දෙකකටද බොරු කී බවද පිළිගත්තාය. මෙම පිළිගැනීම් වල ප්‍රතිඵලයක් වූයේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවුරුදු දෙකක කාල සීමාවකට පැනවූ තහනම ඇයට පිළිගන්නට සිදු වීමයි. එසේම තමන් එම තරඟ වලින් ඉවත් වන බවද 2007 ඔක්තෝම්බර් 05 වැනි දින ප්‍රකාශයට පත් කළාය. 2001 සැප්තැම්බර් මස 1 වැනි දිනට පසු තරඟ දිනීමෙන් ලබා ගත් සියලු ප්‍රතිඵල වලට ඇය නුසුදුසු බවත් එදිනෙන් පසු ඇය විසින් ලබා ගත් සියලු පදක්කම්, ලකුණු හා ත්‍යාගයන් ඇයට අහිමි වන බවත් එක්සත් ජනපද මත් ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (US Anti Doping Agency) ප්‍රකාශ කළේය. 2007 ඔක්තෝම්බර් 05 දින ඇය ෆෙඩරල් නියෝජිතයින්ට බොරු කීමේ වරදට වැරදිකාරිය බව එක්සත් ජනපද දිසා අධිකරණයේදි පිළිගත්තේය. 2008 ජනවාරි 11 ඇයට මාස 6 ක සිර දඬුවමක් නියම කරන ලදි.

ඇය විසින් මෙම චෝදනාවන්ට වරද පිළිගන්නා කාලය වන විට බැල්කෝ පරීක්ෂණ වලට සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයින් කීප දෙනාගෙන් කෙනෙකු විය. හරියටම දින 41 ට පසු මේජර් ලීග් බේස් බොල් ක්‍රීඩකයෙකු වූ බැරි බොන්ඩ්ස්ට එරෙහිව විනිශ්චයට බාධා කිරිම සම්බන්ධයෙන් වූ එක් චෝදනාවකටද ඔහුගේම ප්‍රකාශයෙන් වැරදි බවට පිළිගැනීම සම්බන්ධ තවත් චෝදනා හතරකටද නඩු පවරන ලදි.

නීති විරෝධි (තහනම් උත්තේජක) ඖෂධ භාවිතය[සංස්කරණය]

මේරියන් ජෝන්ස්ගේ සම්පූර්ණ ක්‍රීඩා දිවිය පුරාම, ඇගේ උසස් පාසැලේදි පවා තහනම් උත්තේජක ඖෂධ ගත් බවට ඇයට චෝදනා එල්ල වුනේය. ඇතැම් විට ඇය එසේ කළා වන්නට ඇත. නැතහොත් ඒ සම්බන්ධයෙන් ඇගේ නම කෙසේ හෝ සඳහන් වූ අවස්ථා ඇත. මෙම චෝදනාව ජවන හා පිටිය මලල ක්‍රීඩා වල යෙදෙන ක්‍රීඩකයින්ට බොහෝ විට නැගෙන චෝදනාවකි. 2007 දක්වා ඇය පුරුද්දක් වශයෙන් හැකි සෑම ආකාරයකින්ම සහ සෑම අවස්ථාවකදීම මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළාය. ඇයගේ ආරක්ෂාවට ඇය නිතරම කියු කරුණක් නම්, ඇය කිසිදු දිනෙක තහනම් ඖෂධ පිළිබඳ පරීක්ෂණ වලදි වැරදි කාරියක නොවුනු බවයි. මෙම චෝදනා සම්බන්ධයෙන් 2002 දී කඩාකප්පල් වූ සී.ජේ.හන්ටර් සමග තිබුනු ඇ‍ගේ විවාහය කෙරේ දොස් පැවරුවාය. 2000 ඔලිම්පික් තරඟ වලට කලින් හන්ටර් සිව් වතාවක් තහනම් ඖෂධ පිළිබඳ පරීක්ෂණ වලදි වැරදිකරු වී තිබුනේය. මෙය තහනම් ඖෂධ වලින් තොර ඇගේ ප්‍රතිරූපයට හානි පමුණුවන්නක් විය. 1990 වර්ෂයේ මුලදි ඇයගේ උසස් පාසැලේ පැවැත්වුණු තහනම් මත් ද්‍රව්‍ය පිළිබඳ හදිසි පරීක්ෂණයක් ඇය විසින් මග හරින ලදි. එම අවස්ථාවේදි ඇරඹුනු කටකථා සහ චෝදනා ඔලිම්පික් තරඟ දෙකක් සහ ශූරතාවලි කීපයක් දක්වා ඇදි ගියේය. (එම පරීක්ෂණ පිළිබඳ තමන් දැනුවත් නොකළ බව ජෝන්ස් කියා සිටියාය. ඇයගේ නීතිඥ ජොනි කොච්රන් ජවන හා පිටිය තරඟ වලට පනවා තිබු සිව් අවුරුදු තහනමද පරීක්ෂණය මග හැරීමට පනවා තිබු දඬුවමද ඉවත් කර ගත්තේය) කෙසේ වෙතත් කටකථා වලින් හා චෝදනාවන්ගෙන් ධෛර්යට පත් වුනු පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් දෙපාර්ශවයම සමග පුහුණු වීමට යොදා ගත් ජෝන්ස්ගේ තෝරා ගැනීමේ ක්‍රමයක් ඉතා ඉක්මණින් ආරම්භ විය.

"https://si.wikipedia.org/w/index.php?title=මේරියන්_ජෝන්ස්&oldid=505862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි