මෘදුකාංග - පරිගණක දෘඩාංග සමඟ ඇති සබඳතාව

විකිපීඩියා වෙතින්

පරිගණක මෘදුකාංග යනු පරිගණක දෘඩාංග මගින් පැහැදිලි ලෙස වටහා ගත හැකි වැඩසටහනකි. එමගින් භෞතික අන්තර්සම්බන්ධතා සහ මෘදුකාංග ගබඩා කිරීමට හා ධාවනයට උපකාරීවන උපාංග වටකර ඇත. පරිගණකවලදී මෘදුකාංග “රැම්” මතකයට පළමුව හරවන අතර එය ධාවනයවන්නේ මධ්‍යම සැකස්ම් පද්ධතියෙනි. ප්‍රාථමික මට්ටමේදී මෘදුකාංගයක් තුල යාන්ත්‍රික භාෂාවක් ඇතුලත් වේ. යාන්ත්‍රික භාෂාවක අන්තර්ගතය වන්නේ ද්විමය වටිනාකම් වන අතර එමගින් පරිගණකයේ ස්වභාවය පූර්ව ස්වභාවයෙන් වෙනස් කිරීම සඳහා සකසනයට උපදෙස් නිකුත් කරයි. මෘදුකාංගයක් යනු නියෝග කල එනම් ස්ථිර අනු පිළි‍වෙලක මගින් විශේෂ අනුපිලිවෙලකට පරිගණක දෘඩාංග ස්වභාවය වෙනස් කිරීමයි. එය සාමාන්‍ය‍යෙන් ඉහල මට්ටමේ වැඩසටහන් කරන භාෂාවන් මගින් ලියන අතර එමනිසා යාන්ත්‍රික භාෂාවට වඩා මිනිසුන්හට මෙම ක්‍රමය පහසු සහ කාර්යක්ෂම එකක් බවට පත් වී ඇත. ඉහළ මට්ටමේ වැඩසටහන් කරන භාෂාවන්ද යාන්ත්‍රික භාෂා කේත වලට අනුකූල නිර්මාණය කර ඇත. එසේම එක් “එකලස” භාෂාවක් (assembly language) යොදාගෙන ද ලිවිය හැකි අතර විශේෂයෙන් යාන්ත්‍රික භාෂාවක ධාරණමය නිරූපණයකදී සාමාන්‍ය භාෂා හෙරඩියක් යොදා ගැනීම ඊට හේතුව වේ. එක්ලස් කරුවකු හරහා මෙම එක්ලස් බැස විෂය වස්තුවට එක්රැස් කර ගත හැකිය. මෘදුකාංග ("software" ) යන වදන 1958 දී ජෝන් W ටුකි(John W. Tukey) විසින් පළමුව මෙම විෂයේදී ඉදිරිපත් කර ඇත. “පරිගණක විද්‍යාව” සහ මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යන විෂයන් හිදී සියළුම පරිගණක වැඩසටහන් “පරිගණක මෘදුකාංග” ලෙස හැඳින්වේ. බොහෝ නූතන මෘදුකාංග සඳහා මූලය වූ මෙම න්‍යාය මුල්වරට 1935 දී “ඇලන්ටුරින්” විසින් ඔහුගේ නිබන්ධනයකින් ඉදිරිපත් කර ඇත.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computer_software#Relationship_to_computer_hardware