මුල්කාලීන එක්සත් ජනපද සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

මුල්කාලීන එක්සත් ජනපද සාහිත්‍යය[සංස්කරණය]

යුද්ධයෙන් පසු කාලපරිච්ජේදය අතර තුරදී ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, ජේම්ස් මැඩිසම් හා ජෝන් ජේ විසින් ලියන ලද “ද ෆෙඩරලිස්” නිබන්ධන මගින් රාජ්‍ය සංවිධාන හා රිපබ්ලිකන් අගයන් පිළිබද ඓතිහාසික සාකච්ඡාවක් ගෙනහැර දක්වන ලදී. තෝමස් ජේෆර්සන්ගේ එක්සත් ජනපද සාම කෙටුම් පත (Declaration of Peace), ව්‍යවස්ථාවලියට ඔහුගේ බලපෑම, ඔහුගේ චරිතාපදානය, වර්ජිනියා ප්‍රාන්තය පිළිබඳ සටහන් හා ඔහුගේ සුවිසල් ලිපි සමුහය නිසා ඔහුව වඩාත් දක්ෂ මුල් කාලීන ඇමරිකානු ලේඛකයා ලෙස සැලකෙයි. ෆිෂර් ඒම්ස්, ජේම්ස් ඔටිස් හා ෆැට්රික් හෙන්රිද ඔවුන්ගේ දේශපාලනික ලිපි හා දේශනා වලට ඇගයීමකට ලක්වෙයි.

විලියම් හිල්බ්‍රවුන්ගේ ද පවර් ඔෆ් සිම්පති (1789) ග්‍රන්ථය ප්‍රථම ඇමරිකානු නව කථාව ලෙස සමහරක් විට සැලකෙයි. නව ජාතියේ බොහෝමයක් මුල් කාලීන සාහිත්‍යයන් ආවේනික ඇමෙරිකානු හඩක් ‍සොයා ගැනීමට වෙර දැරූහ. බොහෝ විට යුරෝපානු ආකාර හා රටා පරිවර්තනයට ලක් වු අතර විභේදකයන් විසින් ඒවා පහත් දේ ලෙස සලකනු ලැබීය. උදාහරණ ලෙස චාල්ස් බ්‍රෝකේඩන්ස් බ්‍රසවුන්ගේ වෙයිලන්ට් හා අනෙකුත් නව කථා බොහෝ විට සලකනු ලබන්නේ එංගලන්තයේ ලියැවුණු ගොතික් නව කතා වල අනුකරණ ලෙසටයි.





http://en.wikipedia.org/wiki/American_literature#Early_U.S._literature