මුණසිංහ පෙළපත
චූල වංශයෙහි සඳහන් පරිදි මොනසීහ වරු රාජ්‍ය පාලනයට සම්බන්ධව සිටි ප්‍රභුවරුන්ය[තහවුරු කර නොමැත]. ඔවුන්ගේ ආගමනය කිනම් අවදියක සිදුවූයේ දැයි පැහැදිලි නැති නමුත් දඹදෙණියේ සතරවන විජයබාහු රාජසභාවේ පුබලයන්ව සිටි බව සඳහන් වේ. ඔවුහු සහෝදරයන් නව දෙනෙකුගෙන් සමන්විත විය. මිත්ත සෙනෙවියා විසින් රජු මරවා රාජ්‍ය බලය පැහැර ගන්නා විට මේ මොනසිහ ප්‍රභූවරුන්ගෙන් උදව් ලබා ගෙන තිබේ[තහවුරු කර නොමැත].
පසුකාලයේ දී මෙම මොනසිහ නාමය මුණසිංහ බවට පත් වී ඇත.
ඔවුහු ගම්පළ රාජ සභාවේද සේවය කරමින් සිට විජය ඈපා නිරිඳුන් සමග රයිගම ට පැමිණියහ.එසේම මහනුවර නරේන්ද්‍රසිංහ රජු කාලයේ දී සිදු වූ පට්ටිටය බණ්ඩාර කැරැල්ලෙන් පසු පහතරට පයියගල ප්‍රදේශයට විත් නවාතැන් ගත් බව සඳහන්ය. පයියගල පට්ටිය වත්තෙන් බෝපිටියටත් පසුව මතුගමටත් සංක්‍රමණය වූ මොවුහු ඕලන්ද රජයෙන් තාන්නමාන්න ලැබ රාජකාරි ඉඩම් ලැබ වැජඹුණහ. මතුගම ගමට ලියවුණු මුණසිංහ තෝම්බුවේ සඳහන් වන්නේ මෙම මුණසිංහ පරපුරට ලබා දුන් ඉඩකඩම් පිළිබඳ විස්තරයක්ය.මුණසිංහ පරපුරේ ශාඛාවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ද මාතර දිස්ත්‍රික්කයේ ද වාසය කරති.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 සැප්තැම්බර්) |