මීමැස්සන්ට දැනුම්දීම

විකිපීඩියා වෙතින්

{{{annotations}}}

චාල්ස් නේපියර් හෙමී විසින් රචිත ද විඩෝ (1895) නමැති සිතුවමේ කොටසක්

මීමැස්සන්ට දැනුම්දීම යනු බටහිර යුරෝපියානු සම්ප්‍රදායයක් වන අතර, එහිදී සිදුවන්නේ, මරණ, උපත්, විවාහ, පිටතටයාම් සහ යළිපැමිණීම් වැනි මීමැසි පාලකයාගේ නිවසේ සිදුවන වැදගත් සිද්ධීන් සියල්ල මීමැස්සන්ට දැනුම්දීමය. මෙම සම්ප්‍රදායය ඉටු නොකර සිටියොත් හෝ අමතකව ගියහොත් හෝ එනයින් මීමැස්සන්ට "දුක්වීමට ඉඩ නොසලසතොත්" , එවිට දඬුවමක් වශයෙන්, මීමැස්සන් මීවදයෙන් පිටත්ව යාම, පැණි නිෂ්පාදනය උන් විසින් නැවැත්වීම හෝ උන් මියයාම වැනි කිසිවක් අත්විඳීමට සිදුවෙතැයි විශ්වාස කෙරෙයි. [1]

මෙම සම්ප්‍රදායය බෙහෙවින් හමුවන්නේ එංගලන්තයෙහිදී වුවද, අයර්ලන්තය, වේල්සය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, බොහෙීමියාව (වර්තමානයෙහි චෙක් ජනරජය) සහ එක්සත් ජනපදයෙහිදීද මෙය සිදුවී ඇති බවක් වාර්තා වෙයි. [2][3] [4][5][6]

ඉතිහාසය සහ සම්භවයන්[සංස්කරණය]

මෙම සිරිතෙහි ඉතිහාසය සහ සම්භවයන් පිළිබඳ ස්වල්ප තොරතුරක් පමණක් දන්නා නමුත්, ස්වභාවික ලෝකය සහ පරලොව අතර බැඳීම ඇති කරලීමට මීමැස්සන්ට ඇති හැකියාව පිළිබඳව පුරාතන එජියානු සංකල්පනය වෙතින්වූ පෙළඹීමෙන් කරනලද්දක් බවට නියත වශයෙන් නොදත් අනුමාන කල්පනාවක් පවතියි. [4]

19වන සියවසෙහි මැද භාගයෙහි එක් ලින්කන්ෂයර් වාර්තාවක් දක්වන්නේ,

සියළු විවාහමංගල්‍ය උත්සවයන්හිදී සහ අවමංගල්‍ය උත්සවයන්හිදී ඔවුන් විසින් විවාහමංගල්‍ය කේක් හෝ අවමංගල්‍ය බිස්කට් හෝ කැබැල්ලක් මීමැස්සන්ට දෙනු ලබමින්, එවිටම විවාහයට පත්වූ හෝ මරණයට පත්වූ හෝ පාර්ශවයෙහි නම් උන්ට දැනුම් දෙයි. විවාහය පිළිබඳ මීමැස්සන් නොදනී නම්, බෙහෙවින් කිපුණු ස්වභාවයක් උන් තුල ජනිත වන අතර, ඔවුන් සමීපයට සේන්දුවන සෑම අයෙකු දෂ්ඨකිරීමට පෙළඹෙති; අවමංගල්‍යය පිළිබඳව මීමැස්සන් නොදනී නම් උන් අසනීප වන අතර උන්ගෙන් බොහොමයක් මිය යති.[7]

දෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව, රාජකීය මීමැසිපාලක, ජෝන් චැපල් විසින්, බකිංහැම් මාළිගයෙහි සහ ක්ලැරන්ස් හවුස් හි මීමැස්සන් වෙත රැජිණගේ වියෝව සහ තුන්වන චාල්ස් රජුගේ සිංහාසනාරූඨය පිළිබඳව දැනුම් දෙන ලදි. [8] භාවිතා කල ක්‍රමය චැපල් විසින් පුවත්පත් වෙත විස්තරාත්මකව ප්‍රකාශ කර සිටියේ මෙසේය: "එක් එක් මීවදයට ඔබ තට්ටුකොට මෙසේ කියයි, 'ස්වාමිදුව මියගොස්ය, එහෙත් ඔබ නොයන්න. මක්නිසාදයත් ස්වාමියා ඔබ හට ඉතා හොඳ ස්වාමියෙක් වන බැවිනි.'"[9]

විචල්‍යයන්[සංස්කරණය]

මරණ සහ අවමංගල්‍යෝත්සව[සංස්කරණය]

නිවැසියෙක් මිය ගිය විටෙක, මීමැස්සන් දැනුවත් කොට එනයින් උන් නියමාකාර දුක්වීමට පත් කිරීමෙහි ක්‍රම කිහිපයක් තිබේය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩ්‍රේක්, සැමුවෙල් ඇඩම්ස් (1901). නිව් ඉංග්ලන්ඩ් ලෙජන්ඩ්ස් ඇන්ඩ් ෆෝක් ලෝර්. ‌බොස්ටන්: ලිට්ල් බ්‍රවුන් සහ සමාගම. pp. 314–315. ISBN 978-1-58218-443-2.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Roud2006 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ෂේක්ස්පියර්ස් ග්‍රීන්වුඩ්. ආර්ඩන්ට් මීඩියා. 1900. p. 159. GGKEY:72QTHK377PC.
  4. 4.0 4.1 ඩබ්. කයිට්, "ටෙලිං ද බීස්," ද මැගසිං ඔෆ් ඇමරිකන් හිස්ට්‍රි විත් නෝට්ස් ඇන්ඩ් ක්වරීස් 21 (ඒ. එස්. බාන්ස් සහ සමාගම, 1889), 523.
  5. මෝර්ලි, මාගරට් වෝනර් (1899). ද හනි-මේකර්ස්. ඒ.සී. මැක්ලර්ග්. pp. 339–343.
  6. ටැමී හෝර්න් (21 අප්‍රේල් 2006). බීස් ඉන් ඇමරිකා: හවු ද හනි බී ෂේප්ඩ් අ නේෂන්. කෙන්ටකි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 137. ISBN 978-0-8131-7206-4.
  7. "ද ප්‍රොවින්සර්ස්." නොදර්න් ස්ටාර් [1838], 29 සැප්. 1849. බ්‍රිටිෂ් ලයිබ්‍රරි නිව්ස්පේපර්ස්. සම්ප්‍රවේශය 13 නොවැ. 2021.
  8. සිට්සර්, ජෝෂුවා (10 සැප්තැම්බර් 2022). "රෝයල් බීකීපර් ඉන්ෆෝර්ම්ස් බීස් දැට් ක්වීන් එළිසබෙත් II ඩයිඩ් ඇන්ඩ් කිං චාල්ස් III ඊස් දෙයා නිව් මාස්ටර් ඉන් සෙන්චරීස්-ඕල්ඩ් ට්‍රැඩිෂන්". ඉන්සයිඩර්. https://www.insider.com/royal-beekeeper-bees-queen-death-king-charles-old-tradition-2022-9. 
  9. ජාවෙඩ්, සාමන්. "රෝයල් බීකීපර් ඉන්ෆෝර්ම්ස් බකිංහැම් පැලස් බීස් දැට් ද ක්වීන් හැස් ඩයිඩ්". ඉන්ඩිපෙන්ඩන්ට්. https://www.independent.co.uk/life-style/royal-family/royal-beekeeper-bees-queen-death-b2164345.html. 
"https://si.wikipedia.org/w/index.php?title=මීමැස්සන්ට_දැනුම්දීම&oldid=604350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි