Jump to content

මිහියැවුම් සැටිය

විකිපීඩියා වෙතින්

මිහියැවුම් සැටියක් (එක්සත් රජදහන සහ IEC: Earthing system; චීන: 接地系统[1]; එක්සත් රජයුවන්: Grounding system) අරැකුම් හා ක්‍රියාකාරී හා අරමුණු සඳහා විදිලි බල සැටියකැ නිශ්චිත කොටස් පොළොවට, සැමැනියෙන් පොළොවේ පිරියැවුම්[2] මතුපිටට, අවුණයි. මිහියැවුම් සැටියක් තෝරාගැනීම පිහිටැවුමේ අරැක්මට හා විදුයකැති අනුකූලතාවයට හා බලපෑ හැකියි.බොහෝ රටවල් දෑබැඳි විදුසිප් කමිසුවේ (IEC) හුවාපෑම්[3] අනුයන නමුදු, මිහියැවුම් සැටි සඳහා අඳාළ වන රෙගුලාසි රටින් රටට වෙනස් වේ. පතල්වලැ, රෝගී සත්කාරක පෙදෙස්වලැ හෝ උවදුරුසුලු කම්යුරු පිළියත්[4] පෙදෙස්වලැ හෝ මිහියැවුම සඳහා වෙසෙස් අවස්ථා රෙගුලාසි මඟින් සුහැඳිනේ.

විදිලි බල සැටිවලට අමතැරි වැ, අනෙකුදු සැටිවලැ අරැක්ම හෝ ක්‍රියාකාරිත්වය හෝ සඳහා මිහියැවුම ඇවැසි වියැ හැකියි. උස් සැහැටියන් අකුණු සැර වැදීමෙන් අරකිනුව සැටියකැ කොටසක් ලෙස අකුණු රිටි(?) - lightning rods - තිබියැ හැකියි. තෙලකුරු රැහැන්[5] වලදී සැරියේ එක් පිරියවනයක් ලෙස පොළොව යොදාගනු වියැ හැකි අතර, එයින් දිගු සැරියක් පුරා පිළිතතක්? - return wire - පිහිටැවීමේ පිරිවැය ඉතිරි කරයි. මෙහෙයුමට මෙන්ම නිසල විදිලිය පාලනය කිරීමටත් අකුණු පිරිරැක්ම ලබාදීමටත් රෙදෙවු ඇහැසිවලට වෙසෙස් මිහියැවුම් ඇවැසි වියැ හැකියි.

අඩු-වෝල්තතා සැටි[සංස්කරණය]

මිහි කාන්දු පිරිරැක්ම[සංස්කරණය]

අහඹු පහර වළකනුව, කාන්දු දහර යම් සීමාවක් ඉක්මවත බලය හුදකලා කිරීමට ප්‍රභවයෙහි දහර සංවේදක සැරි යෙදේ. මේ අරමුණ සඳහා අවසෙසු?-දහර අටවු (Residual-current devices - RCDs, RCCBs හෝ GFCIs) ගැනේ. පෙරින්, මිහි කාන්දු සැරි සිඳුවක්[6] යෙදුණි. කම්යුරු අපැහැසිවලැ[7] දී, වෙනම හර තුලායුරු දහර තරාපැවි[8] සමඟ මිහි-කාන්දු පිළිපවරු යෙදෙයි. මේ පිරිරැක්ම milli-Amps පරාසය තුළ වැඩ කරන අතර 30 mA සිට 3000 mA දක්වා සිටුවියැ හැකියි.

වැඩි-වෝල්තතා සැටි[සංස්කරණය]

මහජනයාට ඉතා අඩුවෙන් පිවිසියැ හැකි වන වැඩි-වොල්තතා දැලැටි (කි.වො. 1ට වැඩි) සඳහා මිහියැවුම් සැටි නිමැවුමේ දී අරැක්ම කෙරෙහි වන අවධානය අඩු වන අතර සපයුවේ විශ්වාසනීයත්වය, පිරිරැක්මේ විශ්වසනීයත්වය හා ලුහු සැරියකැ දී උවාරණවලට වන බලපෑම කෙරෙහි වැඩි අවධානයක් යොමයි. දහර මඟ බොහෝ දුරට පොළොව හරහා වැසී ඇතියෙන්, වඩාත් සුලබ phase-to-ground ලුහු සැරිවලැ තරම පමණක් මිහියැවුම් සැටි තෝරාගැනීමේ දී සැලකියැ යුතු ලෙස බලපායි. බෙදෑරුම් උපපොළවලැ පිහිටි තෙ-කලා HV/MV බල තරාපැවියන්, බෙදෑරුම් දැලැටි සඳහා වඩාත් පොදු සැපැයුම් මූලාශ්‍රය වන අතර, ඒවායේ නෑලියේ මිහියැවුම් පන්නය අනුව මිහියැවුම් සැටිය තීරණය කෙරෙයි.

නෑලි මිහියැවුම් පන්න සතෙකි:

1. ගනයුරු-මිහියැවි නෑලිය (Solid-earthed neutral) 2. මිහිනොයැවි නෑලිය (Unearthed neutral) 3. රොද-මිහියැවි නෑලිය (Resistance-earthed neutral) 4. අඩු-රොද මිහියැවුම (Low-resistance earthing) 5. වැඩි-රොද මිහියැවුම (High-resistance earthing) 6. පිළිකිරි-මිහියැවි නෑලිය (Reactance-earthed neutral) 7. මිහියැවුම් තරාපැවි යෙදීම (සිග්සැග් තරාපැවි වැනි) (Using earthing transformers (such as the Zigzag transformer))

  1. https://zh.wikipedia.org/wiki/%E6%8E%A5%E5%9C%B0%E7%B3%BB%E7%BB%9F
  2. Conducts - පිරියවයි; Conductor - පිරියවනය
  3. Recommendations of the International Electrotechnical Commission
  4. Hazardous industrial plants
  5. Telegraph lines
  6. Earth leakage circuit breaker
  7. Industrial applications
  8. Core balanced current transformers
"https://si.wikipedia.org/w/index.php?title=මිහියැවුම්_සැටිය&oldid=672114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි