මිහිදු පුවරු ලිපි

විකිපීඩියා වෙතින්
(මිහින්තලය පුවරු ලිපි වෙතින් යළි-යොමු කරන ලදි)
මිහින්තලය පුවරු ලිපි

ශ්‍රී ලංකාවේ මිහින්තලය පිහිටි මිහිදු පුවරු ලිපි ද්විත්වය ක්‍රි.ව. 10වන ශතවර්ෂයේ අනුරාධපුරය අග නගරය කොට ගනිමින් රජකම් කල සිව්වන මිහිදු රජුට (ක්‍රි.ව.956-972) අයත් වේ. මිහින්තලා විහාරාරාම පරිපාලනය, භික්ෂුන් වහන්සේලා කෙරේ බලපවත්වනු ලබන නීති රීති, භික්ෂූන් සම්බන්ධ විෂයෙහි රාජ්‍ය මැදිහත් වීම්, අරම්වැසි සේවක කාරකාදීන්ගේ වේතන හා දීමනා, ආරාමික ආදායම් මාර්ග හා වෙහෙර දාගෙය ආදී වෙසෙස් පරිශ්‍රයන්හී කටයුතු පිළිබඳ තොරතුරු මෙහි අන්තර්ගත වේ.

පුවරු ලිපිය I[සංස්කරණය]

පුවරු ලිපි අංක 1 මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් හා සිංහල අක්ෂරයන්ගෙන් සමන්විත වේ. සම්පූර්ණ ගිණුම් පිළියෙල කිරීම සම්බන්ධව නීතිගත කෙරුණු මුල්ම ව්‍යවස්ථාව මෙම ශිලාලේඛනයෙන් දැක්වේ. ආදායම් හා වියදම් වාර්ථා පවත්වා ගැනීම, මාසික ගිණුම් පිළියෙල කිරීම, වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ප්‍රසිද්ධියට පත් කිරීම ආදිය මෙමගින් නියෝගයට ලක් කොට තිබේ.

පුවරු ලිපිය II[සංස්කරණය]

පුවරු ලිපි අංක 2 මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් හා සිංහල අක්ෂරයන්ගෙන් සමන්විත වේ. චේතියගිරි විහාරයේ (මිහින්තලය) පාලක ස්වාමීන් වහන්සේට හා සෑම තරාතිරමකම සේවකයින් වෙනුවෙන් ලබා දිය යුතු දීමනා නියම කිරීම හා එම දීමනාවන් සම්බන්ධ තොරතුරු මෙම පුවරු ලිපියෙන් විස්තර කෙරේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිහිදු_පුවරු_ලිපි&oldid=657242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි