මිල විප්ලවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

15 වන සියවසෙහි දෙවන භාගයෙහි සිට 17 වන සියවසෙහි පළමු භාගය දක්වා සිදුවූ ආර්ථික විද්‍යාත්මක සිදුවීම් මාලාව විස්තර කිරීමට සාමාන්‍යයෙන් භාවිතා වන මිල විප්ලවය යන පදය විශේෂිත වශයෙන් දක්වන්නේ, එම යුගය තුල බටහිර යුරෝපය පුරා විදහා දැක්වුනු, වසර 150 කාලයක් තුලදී සය ගුණයකින් සාමාන්‍ය මිල ඉහල නැගීමෙන් පිළිබිඹුවූ, ඉහළ සීඝ්‍රතා උද්ධමනය වෙයි.

එක් අවස්ථාවකදී උපකල්පනය කෙරුණේ ඉහළ උද්ධමනයට හේතු කාරක වූයේ නව ලෝකයෙන් පැමිණි ස්පාඤ්ඤ නිදන් වස්තු රැගත් නෞකා සමූහ සමග විශාල ලෙසින් රන් හා රිදී, විශේෂයෙන් 1545 සිට විශාල ලෙසින් ඇරඹූ කැණීම් තුලින් නිපැයුනු බොලිවියාවේ සහ මෙක්සිකෝවේ රිදී, ආගමනය වීම බවයි. මෙම සිද්ධාන්තය අනුව, බොහෝ මුදල් ඇති බොහෝ ජනයා සීමිත භාණ්ඩ කිහිපයක් සඳහා ආයෝජනය කලහ.

සත්‍ය වශයෙන්ම, අත්ලාන්තික් සාගරය ඔබ්බෙන් සිට රන්-රිදී පිඬු විශාල වශයෙන් ආගමනය වීමට පෙරදී මිල වැඩිවීම් ඇරඹුනු අතර, මධ්‍යම යුරෝපයේ රිදී නිෂ්පාදනය 1460-1530 කාලය තුලදී පස් ගුණයකින් ඉහළ යෑම එය සිදුවීමට හේතුව වශයෙන් භාගික වශයෙන් දැක්විය හැක: මෙම ප්‍රතිදානය 1610 ගණන් වන විට තුනෙන් දෙපංගුවක් දක්වා පහළ බැස්සද, 1170-1320 දක්වා රීදී නිෂ්පාදනයෙහි සිදුවූ හදිසි ඉහළ යෑමට අනතුරුව පැවති මිල තන්ත්‍රය අවුල් කොට උද්ධමනයේ මුල් අදියරට අඩිතාලම දැමීමට තරම් එය සැලකිය යුතු විය.

කළු මරණයෙන් පසුව සියවසක් පුරා සිදුවූ ජන විකාශනමය ඇණහිටීමෙන් හා ජනහායනයෙන් පසුව දක්නට ලැබුනු යුරෝපියානු ජනගහණයෙහි පුබුදුව (15 වන සියවසෙහි තුන් වන කාර්තුවෙහි සිට) හා සබැඳුනු ජන විකාශන හේතූන්ද මිල ඉහළ යෑම කෙරෙහි බලපෑම් ඇති කලේය. වසංගත පැවති වර්ෂවල ආහාර මිල ශීග්‍රයෙන් ඉහළ නැගුනු අතර ඉන්පසුව ජනගහනය පහළ යාම නිසා නැවත ශීග්‍රයෙන් පහළ වැටුණි. ඒ කාළය තුලම සැපයුමේ ඇතිවූ ගැටලු සහගත තත්වය හේතුකොටගෙන, කාර්මික භාණ්ඩ මිල ඉහළ යෑමේ ප්‍රවනතාවයක් ඇතිවිය. ඉන් පසුව, ඉහළ ගිය ජනගහනය කෘෂිබිම් සඳහා ඉහළ ඉල්ලුමක් ජනිතකල අතර, 1340 දශකයෙන් පසු එම බිම් ප්‍රමාණය ශීග්‍රයෙන් පහතට වැටුණි. නැතිනම් මුඩුබිම් පශු සම්පත් නිෂ්පාදන බවට පත්කරන ලදී.

යුරෝපයේ නාගරික ජනගහන ප්‍රතිශතයේ ඉහළයාම, 19 වන සියවස තෙක් ඉතා සුළු ප්‍රමාණයකින් සිදුවුවද (මේ කළාපයේ ශතකයකට සියයට දෙකක්) ආර්ථික විවිධාංගිකරණය සමග එය දෙගුණ විය. මෙයින් අදහස් වූයේ විශාල පිරිසක් යැපෙන්නන් වුවද, අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන පිරිස ඉතා සුළු පිරිසක් බවයි. නාගරිකරණයද, යුරෝපා කළාපය තුල වෙළඳාම ඉහළ නැංවීමට දායකවූ අතර, එමගින් ඉල්ලුමේ මිල සංවේදීතාවය ඉහළ නැංවීමද ස්පාඤඥයේ සිට බටහිර යුරෝපය හරහාද ඉන්පසු මධ්‍යම යුරෝපය හරහාද රිදි ගෙන ඒමට මාර්ගයක් සැපයීමද සිදු කරනලදි.

ඉහළ ගිය වෙළඳාම හා කාර්මික හා සුපිරි භාණ්ඩ වල සුලභ බව මගින් විශේෂයෙන්ම 16 සියවසේ බොහෝ ඉඩම් හිමියන් ඔවුන්ගේ බදුකුලි නිෂ්පාදනවල සිට මුදල් දක්වා හැරවිමට පොළඹවන ලදී. මුලිකව මෙය ධනවතුන්ට ධනෝපායන මාර්ග ඇතිකිරීමට උපකාර කර ඇති නමුත් පසුව මිල ඉහළ යාම නිසා මුදලින් තම ගෙවීම් ලද ඉඩම් හිමියන්ට මුල්‍ය අසිරුතා වලට මුහුණදිමට සිදුවිය. ඔවුන් බොහෝවිට ගැටලුව පාලනය කිරීමට, සමාජ අසහනය වැඩිකරන සහ ඔවුන්ගේ හා ඔවුන්ගේ කුලීකරුවන්ගේ මුල්‍ය තත්වය වඩා උග්‍ර අතට පරිවර්තනය කරන ආකාරයේ අන්තවාදී ක්‍රියාමාර්ග ගන්නා ලදි.

උදාහරණයක් ලෙස එංගලන්තයේ පොදු ඉඩම් ලෙස පැවති බොහෝ ඉඩම් (තණබිම්, කුඹුරු ආදිය)ඉඩම් හිමියන්ට පමණක් තම සතුන් තබාගත හැකි පරිදි සීමා කෙරිණි. මෙමගින් පෙර කුලිකරුවන්ට ඉහළ ගිය බදුකුලී ගෙවීමට (ඔවුන්ගේ බොහෝදුරට කල නොහැකි වන ඉඩම් අත්හැරිමට සිදුවිය. ) මෙමගින් මංකොල්ලකෑම් හා රැකියා සොයාගැනීමට නගර කරා ගමන් කිරීම්ද, එහි රැකියාවක් නොලද විට නාගරික දරිද්‍රතාවය හා අපරාධ ඉහළයාමද සිදුවිය. නව රන් සඳහා පැවති දැඩි උනන්දුව අඩුවීමත් සමගම 1470 –- 1620 කාළය තුල උද්ධමනය ක්‍රමයෙන් පහළ වැටුණි. 17 වන සියවසේ මුල භාගයේ සිට 18 වන සියවසේ අග භාගය දක්වාවූ නව උද්ධමන පීඩනයේ ඇතිවීම තෙක්, මිල මට්ටම ස්ථාවරව හෝ සුළු උච්චාවචන සහිතව පැවතුණි.

"https://si.wikipedia.org/w/index.php?title=මිල_විප්ලවය&oldid=249965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි