Jump to content

මිචෙල් ඩි නොස්ට්‍රෙඩමේ

විකිපීඩියා වෙතින්
මිචෙල් ඩි නොස්ට්‍රඩාම්
නොස්ට්‍රඩාමස්: ඔහුගේ පුතු සීසර් විසින් කරන ලද මුල් සිත්තමක්
උපත14 දෙසැම්බර් හෝ 21 දෙසැම්බර් 1503
මියගිය දිනය2 July 1566(1566-07-02) (වයස 62)
සැලොන්-ඩි-ප්‍රොවන්ස්, ප්‍රොවන්ස්, ප්‍රංශය
රැකියාවබෙභෙත් සකස්කිරීම, ග්‍රන්ථකර්තෘ, පරිවර්තක, ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය පිළිබඳ උපදේශක
ප්‍රසිද්ධව ඇත්තේඅනාගතවාක්‍යය කීම, ප්‍රතිකාර කිරීම මහාමාරිය
අත්සන
ආගමරෝමානු කතෝලික

මිචෙල් ඩි නොස්ට්‍රෙඩමේ (1503 වසරේ දෙසැම්බර් 14 හෝ 21 – 2 July 1566 දින දක්වා තබන ලද මූලාශ්‍රය අනුව), සාමාන්‍යයෙන් නොස්ට්‍රඩාමස් ලෙස ලතිනිකරණය වූ අපොතිකරිවරයෙකු හා අනාගත වාක්‍ය සම්පාදනය කල හා ලොවට ඉදිරිපත් කල මුනිවරයෙක් ලෙස ලෝකය පුරා ම පිළිගත් ප්‍රංශ ජාතිකයෙක් විය.මෙම පොත ප්‍රකාශනය වූ දා පටන්, ඔහුගේ මරණින් පසුව මෙම ග්‍රන්ථය කලාතුරකින් මුද්‍රණය වුවත්,නොස්ට්‍රඩාමස් ජනප්‍රිය පුවත්පත් ඇතුළු අනුගාමිකයන් රැසක් ආකර්ෂණය කර ගන්නේ, ලෝකයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්දයෙන් අනාගත වාක්‍ය සපයමිනි.

බොහෝ ශාස්ත්‍රිය මූලාශ්‍ර ඔප්පු කර පෙන්වන පරිදි ලෝකධාතු සිදුවීම් හා නොස්ට්‍රඩාමස්ගේ සිව්පද කාව්‍යයන් අතර ගොඩනගන ලද සම්බන්දය,විශාල වශයෙන්ම වැරදි අර්ථ විමසුම් හෝ වැරදි පරිවර්තනයන්(සමහරවිට හිතාමතාම කරන ලද)හෝ ඒවා අව්‍යාජ දිවැස් කීමේ බලයක සාක්ෂි ලෙස ගෙනහැර දැක්විය නොහැකි තරම් තුනී ප්‍රභවයන් වන බවයි.කෙසේනමුත් කාලින අර්ථකථාචාර්ය්‍යයන් ඉතා සාර්ථක අයුරින් නිදහස් අර්ථ නිරුපන හා ඔහුගේ අබරුන වචනයන් සදහා ස්ථිර අදහස් ඇති පැහැදිලිව වහා සිදුවෙන්නට යන සිදුවීම් පුරෝකථනය කිරීම සදහා සාර්ථක ක්‍රියාවලියක් භාවිතා කර තිබේ.උදාහරණ වශයෙන් වර්ෂ 1867 දී (එය සිදුවීමට වසර 3කට පෙර)ලේ පෙලටිඑර් නම් පුද්ගලයා විසින් 3වන නැපෝලියන් වරයාගේ ජය හෝ පරාජය අපේක්ෂා කිරීම සදහා එසේ කර තිබේ.එම සිදුවීම ෆ්රෑන්කො-පෘශියන් යුද්දය ලෙස හදුන්වන ලෙස ඉල්ලා සිටි අතර, එය කවදා කුමක් වෙයි දැයි නියමාකාරයෙන් කිව නොහැකි බව ඔහු පිළිගෙන තිබේ.

චරිතාපදානය

[සංස්කරණය]
මෑතකාලීන අළුත්වැඩියා කිරීමට පළමුව නොස්ට්‍රඩාමස් උපන්නා යයි සැලකෙන ස්ථානය, සාන්ත-රෙමී-ඩි-ප්‍රොවන්ස්

කුඩා කාලය

[සංස්කරණය]

නොස්ට්‍රඩාමස් වර්ෂ 1503 දෙසැම්බර් මස 14 හෝ 21 දින ප්‍රංශයේ සාන්ත-රෙමී-ඩි-ප්‍රොවන්ස්හි උපත ලැබිඉය.නොස්ට්‍රඩාමස් උපන් ස්ථානය තවමත් පවතී යයි සලකනු ලැබේ. මිචෙල් ඩි නොස්ට්‍රඩාම්, රෙයිනියර් (හෝ රෙනී) ඩි සෙයින්ට්-රෙමි හා ධාන්‍ය වෙළෙන්දෙකු, නොතාරිස් වරයකු වන ජවුමේ (හෝ ජැකස්)ඩි නොස්ට්‍රඩාම් දේපල ගේ අඩුම තරමේ දරුවන් නාමයක් අතරින් එකෙකු විය. ඊට ඉහතදී ඔවුන් මුලින්ම යුදෙව්වන් වුවත්, නමුත් ජවුමේගේ පියා, ගයි ගසෝනෙට්, වසර 1455දි පමණ, "පියෙරේ" යන කතෝලික නාමය හා "නොස්ට්‍රඩාම්" (අපගේ ආර්යාව, සාන්තුවරයාගේ දවසේදී ඔහුගේ පරිවර්තනය චාරිත්‍රානුකූලව සිදුකරන ලදී යන අර්ථ සහිතව)පෙළපත් නාමය ලෙස ගනිමින් රෝමානු කතෝලික ආගම වැලදගන්නා ලදී. දැලෆිනේ, ජීන් I (1507-77), පියෙරේ, හෙක්ටර්, ලුයිස්, බර්ට්‍රන්ඩ්, ජීන් II (1522 දී අපත ලද) සහ ඇන්ටොයින් (1523 ඩි උපත ලද) මිචෙල් ගේ පසක් කරගත් සහෝදර සහෝදරියන් වෙයි. ඔහුගේ ළමා කාලය පිළිබද දන්නා තවත් කරුනක් නම්,අනවරත සාම්ප්‍රදය අනුව ඔහුව උගතෙක් කරනු ලබන්නේ ඔහුගේ මව් පක්ෂයේ මීමුත්තා වන ජීන් ඩි සාන්ත රේමී විසින් වුවත්, එම සම්ප්‍රදාය බිදදමන්නේ,ඔහුට පළමු වසර සම්පුර්ණ වන විට, ඔහුගේ මිමුත්තා ඓතිහාසික මුලාශ්‍ර වලින් 1504න් පසුව අතුරුදන් වී ඇති බැවිනි.

ප්‍රංශයේ සාන්ත රේමී දී, නොස්ට්‍රඩාමස් උපන් ස්ථානය යයි සහතික කරමින්,ඔහුව 'නක්ෂත්‍රඥයා' ලෙස විස්තර කරමින් හා උපන් දිනය 1503 දෙසැම්බර් 14 යයි සනාථ කරමින්,නගර සභාව විසින් තබන ලද එලකය (ජූලියන් දින දර්ශනයට අනුව)

සිසු අවධිය

[සංස්කරණය]

නොස්ට්‍රඩාමස් වයස අවරුදු 15දි ප්‍රථම උපාධිය සම්පුර්ණ කිරීම සදහා ආවින්ග්ටන් සරසවියට ඇතුලත් විය. වසරකට වඩා ගතවූ පසු(ඔහු ත්‍රිවීථි [[ව්‍යාකරණ],අලංකාර ශාස්ත්‍රය හා තර්ක ශාස්ත්‍රය,සසුකලිනව චතුර්වීථි ජ්‍යාමිතිය, අංක ගණිතය, සංගීතය හා තාරකාවිද්‍යාව/ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය ඉගෙන ගනිමින් සිටියදී), මහාමාරිය වසංගතය පැතිරීම නිසා ඔහුට ආවින්ග්ටන් සරසවියෙන් බලෙන් හෝ පිටව යාමට සිදුවිය. ආවින්ග්ටන් වලින් පිටවීමෙන් පසුව, නොස්ට්‍රඩාමස්(ඔහුගේ වාර්තා වලට අනුව)1521 පටන් පුරා වසර 8ක් ඖෂධී ප්‍රතිකර්මය ගවේෂණය කරමින් පිටිසර සංචාරය කරන ලදී.1529 දී, ඇපොතිකරිවරයෙක් ලෙස වසර කීපයක් ගත කිරීමෙන් පසුව, ඔහු වෛද්‍ය විද්‍යාව පිළිබද උසස් උපාධිය හැදෑරීම සදහා මොන්ට්පෙලියර් විශ්වවිද්‍යාලයට ඇතුලත්වන ලදී. කෙටි කලකින් ඔහු ඇපොතිකරිවරයෙක් යයි සොයාගැනීමෙන් අනතුරුව,විශ්වවිද්‍යාලය බර නඩු පවරන්නා ගයිලමේ රොන්දෙල්ට් විසින්, ඔහුව නෙරපන ලදී.එකල එය විශ්වවිද්‍යාල ව්‍යවස්ථාවට අනුව විශේෂයෙන්ම තහනම් කරන ලද, වෛද්‍යවරුන්ට නින්දාවන් ගෙන දෙන ශාරීර වෙළදාමක් ලෙස සලක තිබේ.තවමත් එම අපහරණ වාර්තාව(බිඅයියු මොන්ට්පෙලියර්, ලැයිස්තුව S 2 පිටුව 87) අධ්‍යාපන පීඨ පුස්තකාලයේ තිබේ. කෙසේවුවත්, ඔහුගේ ප්‍රකාශකයන් හා වාර්තාකරුවන් කිහිපදෙනෙකු විසින් පසුකාලීනව ඔහුට "වෛද්‍යවරයා" ලෙස ආමන්ත්‍රණය කර තිබේ. ඔහුගේ නෙරපීමෙන් පසුව, නොස්ට්‍රඩාම් අපොතිකරිවරයෙකු ලෙස කටයුතු කිරීම දිගටම සිදුකරන ලද අතර, මහාමාරියට එරෙහිව හිතු පරිදිම අරක්ෂාකරවන "රෝස පෙත්ත" සාදමින් ප්‍රසිද්ධ විය.

විවාහය හා සුවකිරීමේ කාර්යය

[සංස්කරණය]

1531 ඩි ජූල්ස්-සීසර් ස්කලිගර් විසින් පුනරුදවාදී නොස්ට්‍රඩාම් ශාස්ත්‍රධරයා හට ඒජන් නගරයට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. එහිදී ඔහු කාන්තාවක් සමග විවාහ වූ අතර නම නිශ්චිත නොවුවත් (හෙන්රිඑට් ද'එන්කොසි වියහැක), යට දාව ඔහුට දරුවන් දෙදෙනෙක් ලැබුණි. 1534දි ඔහුගේ බිරිද හා දරුවන් අනුමාන වශයෙන් මහාමාරිය වැලදී මියගියේය. ඔවුන්ගේ මරණයෙන් පසුව ඔහු, බාග වේලාවට ප්‍රංශය පසුකර ඉතාලිය දක්වා යලිත් සංචාරය කිරීම අරබන ලදී.

1909 ලම්බෙස්ක් භූමිකම්පාවෙන් පසු නැවත ඉදිකරන ලද, සැලෝන්-ඩි-ප්‍රොවන්ස් හි ඇති නොස්ට්‍රඩාමස් ගේ නිවස

1545 දී ඔහු ආපසු පැමිණීමෙන් පසුව,ප්‍රකට භෞතවෛද්‍යවරයෙකු වූ ලුයිස් සේරේ හට මාර්සේ හි පැතිරගිය විශාල මහාමාරිය වසංගතයට එරෙහිව සටන සදහා ඔහුට උදව් උපකාර කරන ලදී.ඉන් පසුව සැලෝන්-ඩි-ප්‍රොවන්ස් හා ඉක්ස්-එන්-ප්‍රොවන්ස් හි නාගරික ප්‍රදේශයන්හි පැතිරගිය රෝගාබාද නිරාකරණය කරනය කිරීම තනිවම සිදු කරන ලදී.අවසානයේ 1547 දී,වර්තමානයේ සැලෝන්-ඩි-ප්‍රොවන්ස් හි ඇති නිවසේ පදිංචි ව,එහි විසු ඈන් පොන්සාර්ඩ් නම් පොසොසත් වැන්දබුව සමග විවාහ විය.එම විවාහයෙන් ඔහුට දුවරුන් 3ක් හා පුතුන් 3 දෙනෙකු ලෙස දරුවන් 6 දෙනෙක් ලැබුණි.1556 හා 1557 අතරතුර සැලෝන්-ඩි-ප්‍රොවන්ස් හා ඩේ ලා කෘ කාන්තාරය අවට ජලය නැති ප්‍රදේශවලට,ඩියුරන්ස් ගඟ මගින් ජලය සැපයීම සදහා,ඇඩම් ඩේ ක්‍රපොන් විසින් සංවිධානය කරන ලද විශාල ඇල මාර්ග වියාපෘතියේ දහතුනෙන් එකක කොටසක් ඔහු හා ඔහුගේ බිරිද අත්කරගත්තේය.

අනාගත වාක්‍ය

[සංස්කරණය]

ඉතාලියට නැවත වරක් පැමිණීමෙන් පසුව, නොස්ට්‍රෙඩමේ වෛද්‍ය විද්‍යාවෙන් ඇත වී ගුප්ත විද්යාවන් කෙරේ වැඩි අවධානයක් යොමු කළේය.ප්‍රසිද්ද නැඹුරුවීම් අනුගමනය කරමින්, ඔහු 1550 සදහා පංචාංගයක් ලියු පසු,ප්‍රථම වරට ඔහුගේ නම නොස්ට්‍රෙඩමේ සිට නොස්ට්‍රෙඩාමස් ලෙස ලනිස්ටිකරනය කරන ලදී. එම පංචාංගය බොහෝ සාර්ථක වීම නිසා නිතිපතාම එකක් හෝ කිහිපයක් ලිවිම සදහා ඔහු උනන්දු විය. සියලු වශයෙන්, ඒවා අනාගත වාක්‍ය අඩුම තරමින් 6,338 හා සාමාන්‍යයෙන් ජනවාරි 1 හෝ සමහරවිට මාර්තු වලින් පටන් ගැනෙන වාර්ශික දින දර්ශන 11ක් අඩුම තරමින් අන්තර්ගත වී ඇති යයි සැලකෙයි. ඉතාම ඉක්මනින් දුර ඇත ප්‍රදේශයන් සිට පැමිණි රදළයින් හා අනෙකුත් ප්‍රසිද්ධ පුස්ගලයන් ඔහුගෙන් ජන්මපත්‍ර හා ආධ්‍යාත්මික උපදේශයන් සදහා පැමිණීම නිසා ඊට උපකාරයන් ලෙස එම පංචාංගයන් ඔහුට උපකාර විය.වෘත්තිමය ඡ්‍යෝතීර්වේදියකු අයුරින් එම සටහන් ඔහු විසින්ම ගණනය කරනු වෙනුවට,ඔහු සාමාන්‍යයෙන් ඔහුගේ උපදෙස් පතන්නන් ගෙන් එම උපන් වාර්තාවන් සපයයි යයි බලාපොරොත්තු විය.දවසේ ප්‍රකාශයට පත් කරන ලද වගු ආශ්‍රයෙන් එය කිරීමට කරන්නට බැඳී සිටින මුත්,ඔහු නිරන්තරයෙන් ඔහුගේ සේවාදායකයන් ගේ උපන් වෙලාව හා උපන් ස්ථානය නිශ්චිතව සොයාගැනීමට අපොහොසත් විය.

පළමු ශතවර්ෂය, ශ්ලෝකය 1 : 1555 ලියොන් බොන්හොමේ වෙළුම.

ඔහු ඉන් පසුව ඔහුගේම වියාපෘතියක් ලෙස පොතක් ලිවිම අරඹ කරන ලද අතර එහි ප්‍රංශ සිව්පද කාව්‍යයන් දහසක් පමණ අඩංගු වෙයි.ඒවායින් බොහොමයක් දින නියමයකින් තොර ඒවා වන අතර වර්තමානයේ විශාල ලෙස ජනප්‍රිය වී තිබේ. ආගමික පරිසරය තුල විරුදවාදීන් වෙතින් අනතුරට භාජනය වියහැකි වූවත්, ඔහු ඔහුගේ අර්ථයන් "රහස් ඉගි" යොදාගනිමින් සම්මීලනය කිරීමේ උපායක් යොදාගත් අතර, වචන ක්‍රීඩා හා ග්‍රීක, ඉතාලියානු, ලතින්, හා ප්‍රොවෙන්කල් අනික් භාෂාවන් යොද්ගන්නා ලදී.ඒවා වාරිකය වශයෙන් එලි දැක්වීමේඩි ඇතිවූ තාක්ෂණික හේතුන් නිසා (තුන්වන හා අවසන් වරිකයන් හි ප්‍රකාශකයා,පැදි 100ක් අවසානයේ නැවත අරඹ කිරීමට අකමැති වීම ), හත්වන සියයේ අවසාන සිවුපදයන් 58 ඊලග වෙළුම් සදහා නොනැසී පවතීමට අපොහොසත් විය.

ලෙස් ප්‍රෝපටිස්(අනාගත වාක්‍ය) ලෙස ප්‍රකාශයට පත් කල පොතෙහි අඩංගු සිව්පද කාවයන්, ප්‍රකාශයට පත් වූ විට මිශ්‍ර ප්‍රතිචාරයන් ලබාගත්තේය. සමහර මිනිසුන් නොස්ට්‍රඩාමස් යනු මාරයාගේ අතවැසියෙක්, බොරුකාරයෙක්, පිස්සෙක් ලෙස සලකු අතර, බොහොමයක් ප්‍රභූ පිරිස් පැහැදිලිවම එසේ සිතුවේ නැත. කැතරින් ඩි මෙදිසිස්, ප්‍රංශයේ දෙවන හෙන්රි රජුගේ අග මෙහෙසිය, නොස්ට්‍රඩාමස් ගේ ශ්‍රේෂ්ට ලෙස අගය කරන්නියකි. ඇය ඔහුව ප්‍රංශ මාලිගයට කැදවා ඔවුන්ට හේතු දක්වන ලෙස හා අගේ දරුවන්ට හදහන් අදින්න යයි පැවසුයේ, ඔහු රාජකීය පවුලට අනතුරක් වේ යයි 1555 දී ඔහුගේ පංචාංගය මගින් අනාවැකි පළකර තිබු බැවිනි. එම කාලයේදී, ඔහුව හිස ගස මර දමාවි යයි ඔහු බිය වුවත්, 1566 ඔහු මරණයට පත්වන විට,කැතරින් රැජින විසින් ඔහුව උපදේශකයෙකු හා ඇයගේ පුතු වන,ප්‍රංශයේ හතරවන තරුණ චාර්ල්ස් රජුගේ පුද්ගලික භෞතවෛද්‍යවරයා ලෙස පත්කර තිබුණි.

සමහර නොස්ට්‍රඩාමස් ගේ වාර්තාවන් පෙන්වාදෙන පරිදි, ඔහු මිථ්‍යාදෘෂ්ටිය සදහා විභාග කිරීම මගින් හිංසා කිරීම සදහා බිය වී සිටි බවයි. නමුත් අනාගත වාක්‍ය කීම හෝ ජෝතිෂ්‍යය මෙම ගොඩට අයත් නොවේ. ඔහුට අනතුරක් ඇති වන්නේ ඉන්ද්‍රජාල අභ්‍යාසයේ යෙදීම හෝ ඒවාට සහය දීම හෝ කල හොත් පමණි. ඇත්ත වශයෙන්ම, නිතරම පල්ලිය සමග ඔහුගේ තිබුනේ ඉතා යහපත් සම්බන්දයකි. ඔහුගේ 1561 අගබගයේ දී මරිග්නනේ හි කෙටිකාලින සිරගතවීම ට මුලිකවම හේතු වුයේ, ඔහු ඔහුගේ 1562 පන්චාන්ගය, බිශෝප්වරයකුගේ අවසරය නොමැතිව ප්‍රකාශයට පත් කල බැවිනි. එය රාජකීය නියෝග පහරහරීමක් ලෙස සලකමිනි.

අවසාන කාලය සහ මරණය

[සංස්කරණය]
නොස්ට්‍රඩාමස් ගේ සාන්ත-ලෝරෙන්ට්-කොලිගිල්හි වර්තමානයේ ඇති සොහොන, සැලෝන්. 1789 පසු ඔහුගේ විසිරුන භාස්මවශේෂ මාරුකිරීම කරන ලදී.

1566 වන විට ඔහුට වේදනා සහිතව වසර ගණනාවක් වැලදී තිබුණු රක්තවාතය නිසා, ඔහුට චලනය වීම ඇත අපහසු විය. පසුව එය ඉදිමුම් රෝගයක් බවට පරිවර්තනය විය.ජුනි අග වන විට ඔහු ඔහුගේ නීතිඥවරයා කැදවා, ඔහුගේ වත්කම් හා 3,444ක් ක්‍රවුන් ( අද ඩොලර් 300,000 පමණ), ඔහුගේ නය සදහා, බිරිද ගේ නැවත විවාහය වෙනුවෙන්, ඔහුගේ පුතුන් 25 විය සමරයි යයි විස්වාසයෙන් හා ඔහුගේ දුවරුන්ගේ මංගල්‍යයන් වෙනුවෙන්, සවිස්තර අන්තිම කැමති පත්‍රයක් ඇදීමට පසවස්න ලදී. මෙයට අමතරව ඉතාම කෙටි අන්තිම කැමති පත්‍රයේ උපලේඛණයක්ද තිබුණි. ජුලි පළමුවන දා සවසක ඔහු ඔහුගේ ලේඛකාධිකාරි වරිය වන ජීන් ඩේ චාවිග්නි හට "ඔබ හෙට මම ජිවිත්ව ඉන්නවා නොදකිනු ඇත" පැවසුයේ යයි සැලකේ. පසුදා උදැසනම ඔහුගේ ඇද හා බංකුව අතර බිම මියගියේ යයි වාර්තා වෙයි. (අශුභ නිමිති 141 [මුලින් 152] 1567 නොවෙම්බෙර්, චාවිග්නි විසින් සිදුවුයේ කුමක්දයයි මරණින් පසුව සංස්කරණය කරන ලද ). ඔහුව නගරයේ ප්‍රැන්සිස්කානු දෙව්මැදුරක (එහි කොටසක් අද ලා බ්රෝෂරි අවන්හල ට යති වෙයි ) මිහිදන් කරන ලද අතර ප්‍රංශ විප්ලවය අතරතුර සාන්ත-ලෝරෙන්ට්-කොලිගිල්හි, අද පවතින ස්ථානය වෙත නැවත තැම්පත් කරන ලදී.

කාර්යයන්

[සංස්කරණය]
ගරෙන්සියෙර්ස් හි පිටපතකි. 1672 ප්‍රොපසිස් හි ඉංග්‍රීසි පරිවර්තනය, පි.අයි. නික්සන් විද්‍යා ඉතිහාස පුස්තකාලයේ ඇති ඉංග්‍රීසි පරිවර්තනය

ඔහු පලකල අනාවැකි බොහොමයක් ප්‍රධාන වශයෙන්ම දිර්ගකාලින ඒවා වෙයි. ප්‍රථම එකතුව වර්ෂ 1555 දී ප්‍රකාශිත කල අතර එහි ශ්ලෝක 353 ක් අඩංගු විය.දෙවැන්න අනාගතය හෙළි කරන පැදී 289 ක් ඇතුලත් එකතුවක් 1557 දී ම ප්‍රකාශනය කරන ලදී.තෙවැන්න පැදී 300 ක් ඇතුලත් වූ අතර වාර්තාගත ලෙස මුද්‍රණය කල අතර ඒ 1558 මෙතුමාගේ අභාවයෙන් පසුවය.අදටත් එම එකතුව ඔහුගේ අභාවයෙන් පසුවත් නොනැසී පවතී.මෙම පිටපතෙහි එළිසමය සහිත හා අලිසමය නොමැති පැදි 941 ඇත.මෙම පැදි කාණ්ඩ 9 කට බෙදා තිබුණු අතර ඒවා ගණනින් 100කි.42 සහිත කාණ්ඩයක් "සියවසක්" ලෙස හඳුන්වන ලදී.

මෙම කාලය තුලදී මුද්‍රණ පුහුණුව ලබා දුන් අතර (වචන අස ලිවිම ඇතුලත්ව), ප්‍රකාශන දෙකක් සර්වසම ප්‍රකාශන වුයේ නැත.එමෙන්ම එකම වර්ගයේ ප්‍රකාශන දෙකක් සොයා ගැනීම ඉතා අපහසු වුන දුර්ලබ අවස්ථාවක් විය.එමෙන්ම මෙතුමාගේ මුල් පිටපත් හොර රහසේ මුද්‍රණය කරන පුද්ගලයන්ට කිසිදු බලපත්‍රයක් නිකුත් කලේ නැත. සමහරුන් මුල් පිටපත් වල වචන වෙනස්කම් මෙන්ම විරාම ලක්ෂණ වල වෙනස්කම් පවා සිදු කරන්නට වුහ.

ලිත මෙතුමාගේ ඉතාමත් වැදගත් ප්‍රකාශනයක් වූ අතර වාර්ෂිකව එය ප්‍රකාශනය කෙරිණි එතුමාගේ මරණය වෙන තෙක්.මෙතුමා ඇතැම් විට අවුරුද්දට තුනක් හෝ හතරක් මුද්‍රණය කරන ලදී.ඒ අසුබ නිමිති හා පෙර නිමිතිද ඇතුළත්වය.

නොස්ට්‍රදමුස් අනාවැකි කියන්නෙකු පමණක් නොව ඔහු වෘත්තිමය රෝග සුවකරන්නෙකු ද විය.එතුමා වෛද්‍ය විද්‍යාව ගැනද ග්‍රන්ථ 3ක් පමණ රචනා කරන ලදී.එමෙන්ම එයින් එකක් අනුවාදනයක් විය.එය ගාලෙන් නම් කෙනෙක් රචනා කරන ලද්දකි.(ඩේ සි ගැලියන් අනුවාදය sus l'Exhortation de Menodote aux estudes des bonnes Artz, mesmement Medicine)මෙතුමා එම අනුවාදනයේ වෛද්‍ය අහර නිෂ්පාදනය හා ඒ සඳහා භාවිත කරන දේවල් සඳහන කෙරුවේය.එමෙන්ම මෙම ග්‍රන්ථයේ මෙතුමා මහාමාරිය රෝගය සුව කරන ක්‍රම ද සදහන් කළේය.ශරීරයෙන් රුදිරය ඉවත් කිරීම පමණක් නොව තවත් ක්‍රම ඇති බව එතුමා පෙන්වා දුන්නේය.තවද මෙම ග්‍රන්ථයෙහි විලවුන් සාද ගන්න ආකාරයද විස්තර කර ඇත. මේ අත්පිටපත "ඔරුස් ඇපොලෝ" යන නමින් හඳුන්වන අතර ලියොන් පොදු පුස්තකාලයේ දක්නට ලැබේ.මෙම පුස්තකාලයේ නොස්ට්‍රඩාමස් ගේ 200 කට අසන්න මුල් පිටපත් මිචෙල් චෝමර්ට් නම් පුද්ගලයා ගේ අනුග්‍රහය යටතේ සුරක්ෂිතව පවතී.මෙය පැරණි ග්‍රීක හෛරෝරෙකනයඅදහස් කරගෙන සම්පාදනය කෙරුණු අනුවාදනයකි.මෙය ලතින් පිටපත් අනුසාරයෙන් කරන ලද්දක් වන අතර පැරණි ඊජිප්තු පිටපතෙහි සත්‍ය අදහස හුව දක්වන්නක් නොවේ.මෙය19 වන සියවසෙහි චම්පොලියන් යුගය වන තෙක් කිසි කෙනෙකු හරි හැටි කියව තේරුම් ගත්තේ නැත.

මෙතුමාගේ මරණය වන තෙක් මරණය ගැන පැවසු අනාවැකිය ප්‍රසිද්ද වූ අතර අනිත් පුද්ගලයන්ට මෙය ඇති විශේෂ විය.මෙම කාලය වන විට ප්‍රකාශන 200 කට අසන්න සංක්යාවක් අර්ථකතන 2000ක් සමග ප්‍රකාශනය ට පත් විය.නමුත් මේව අද වශයෙන් ජනප්‍රිය විය.එයට හේතුව වුයේ ඒවායෙහි ඇති නොපැහැදිලි බව හා කල නිර්ණය ඉතා දුර්වල වූ හෙයිනි.ඔවුන් ඒවා ඉතා පහසුවෙන් මුල් පිටපත් වලින් උපුටා ගත ඒවා වන අතර ඒවා අතීතයට බල පැවැත්වෙන් ඒවා විය(නොස්ට්‍රඩාමස් ප්‍රසිද්ධ හැදියාව බලන්න).

ද ප්‍රෝෆසිස් මුලාරම්භය

[සංස්කරණය]

අපක්ෂපාතී නොස්ට්‍රඩාමස් ඔහුගේ ප්‍රකාශයට පත්කරන ලද අනාවැකි, ඡ්‍යෝතිශ්ශාස්ත්‍රයට අනුව අපක්ෂපාතී ලෙස කරන ලද,උපත්, මංගල්‍යයන්, මරණයන්, ආදී විශේෂ සිදුවීම් කරන ලද 'මතයන්', හෝ තක්සේරුවක් අයිතිවාසිකම් සපයන ලදී. නමුත් ඒ සදහා ඔහුව ඔහුගේ කාලින ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් වූ ලෝරන්ස් විඩෙල් විසින්, අශක්නුවත්බව හා "සන්සන්දනාත්මක හඳහන් කීම" මගින් සත්‍ය වශයෙන්ම අනාගත සිදුවීම් ප්‍රකාශ කල හැකි යයි පැවසීම(අතීතයේ සිදිවු සිදුවීම් ඇසුරින් අනාගතය සදහා අනාවැකි පළකිරීම) විවේචනය කරන ලදී.

පර්යේෂණයන් යෝජනා කරන පරිදි ඔහුගේ ඔහුගේ අනාවැකි කාර්යයන්,අතීත ලෝක අවසානය පිළිබද අනාවැකි වල අනුවාදයන් (බොහෝවිට බයිබලය අනුසාරයෙන්), අතීත සිදුවීම් වලින් එකතු කරන ලද හා පෙරනිමිති වාර්තාවන් වල ගද්‍ය පද්‍ය සංග්‍රහයන් සහ සංසන්දනාත්මක හදහන් කීම ආධාරයෙන් අනාගතය සදහා කරන ලද කෘතියක් ලෙස සැලකිය හැකි බවයි. මේ අයුරින් ඔහුගේ බොහෝ අනාවැකි න් අතීත සිදුවීම් ඇසුරින් වෙය්. උදාහරණ වශයෙන් සුල්ලා, ගායස් මේරියස්, නීරෝ, සහ අනෙකුත් අතීත පුද්ගලයින් හා "වලාකුළු අතර යුද්දය" හා "අහසින් වැටෙන ගෙම්බන්" යන සිදුවීම් ගෙන කරන ලද විස්තරයන් දැක්විය හැකිය. ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය ඔහුගේ පොත්වල පූර්විකාවන්හි දෙවරක් පමණක් සදහන් වන අතර 41 වතාවක් ඔහුගේ "සියවස්" තුල සදහන් වෙයි.නමුත් 2වන හෙන්රි රජුට ලියන ලද ඔපුපු කරන ලියමනෙහි නිතර නිතර එය භාවිත කර තිබේ. ඔහුගේ හයවන සියවසේ අවසාන ශ්ලෝකදී ඔහු විශේෂයෙන්ම ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රඥයන්හට නිග්‍රහ කරන ලදී.

ඔහුගේ අතීත ප්‍රභවහි පහසුවෙන් හදුනගතහැකි පාඨයන් ඇතුලත්වන අතර ලිවී, සුටිනියස්, ප්ලුටර්ක්, සහ අනෙකුත් සම්භාව්‍ය ඉතිහාසඥයන් වගේම, විලහර්දොයින් හි ජෙෆ්රි හා ජීන් ෆ්රෝයිසාර්ට් වැනි මෙදිවල් ඉතිහාසකරුවන් ඇතුලත් වෙයි.ඔහුගේ බොහොමයක් ඡ්‍යෝතිශ්ය මුලාශ්‍රයන්, රිචර්ඩ් රුසට්ස් ගේ 'ලිව්රේ ඩි ලෙසාර්ට් එට් මියුටෂන්ස් දෙස් ටෙම්ප්ස් ඔෆ්' (1949-50) නමැති පොතෙන් වචනයෙන් වචනය උපුටාගත් ඒවා වෙයි.

පැහැදිලිවම ඔහුගේ මුලික අනාවැකි පලකිරීමේ ප්‍රභවයක් වූයේ 1522 දී නිකුත් කල අනාවැකි විශාල ප්‍රමාණයක් අඩංගු වන මිරබිලිස් ලිබෙර් හි, සුඩෝ-මෙතෝදියස්, ටර්බටින් සිබිල්, ෆියෝරි හි ජෝචිම්, සවොනරෝල සහ අනෙකුත් අය (ඔහුගේ මුල්පිටුවෙහි බයිබලයේ අඩංගු වන උපුටාගැනීම් 24 අඩංගු වෙයි,සවොනරෝල විසිය් දෙකක් හැර අනෙක් සියල්ල භාවිත කර ඇත). 1520 වන විට මෙම පොත සැලකිය හැකි පමණ සාර්ථකත්වයක් ලබා තිබුණි. නමුත් එය මුද්‍රනයන් 6ක් පමණ යනවිට, එහි බලපෑම රදවාගැනීමට නොහැකි විය. සමහරවිට එහි වූ ලතින් වචනයන්ටම සිමා වෙමින්, ගොතික් හා බොහෝ අපහසු කෙටි කිරීම් අඩංගු වූ නිසා විය හැක. මෙම අනවකින් ප්‍රංශ බසින් නැවත අනුවාදනායක ලෙසින් ඉදිරිපත් කල පුද්ගලයන් අතරින් මුල් අයෙක් වෙයි. එය ඔවුන් ඔහුට සම්මානයන් දෙන අයුරින් විස්තර වෙයි. 16 වන සියවසේදී වර්තමානයේ මෙන් රචනා සොරකම පිළිබද අදහස් උදහස් යොදා නොගත් බව සදහන් කලයුතු කරුණක් වෙයි. කතෘන් විසින් නිරන්තරයෙන් පෙර දැනුම් දීමකින් තොරව පොත්වලින් වදන් උපුටාගැනීම සිදී කරන ලද අතර, විශේෂයෙන්ම ශාස්ත්‍රීය පොත්වලින් ඒසේ උපුටා ගන්න ලදී. වර්තමාන ගවේෂණයන් පෙන්වාදෙන පරිදි, ඔහු විසින් පොත් ඇසුරින් පේනකීම සදහා ඔහුගේ සිතැගි පරිදි අසම්බව්‍ය ලෙස පොතක් තෝරාගෙන විවර වන ඕනෑම පිටුවකින් ඔහු අතීත අනාවැකියක් තොර ගන්නා බවයි.

තවදුරත් ඔහු විසින්, 1504 දී පිට්රුස් ක්‍රිනිටුස් විසින් ලියවුනු ඩි ඔනෙස්ට දිසිප්ලිනා පොත මගින් අදහස් අහිදගනු ලබයි, එම ග්‍රන්ථයත් අනෙක් පොත් මගින් අදහස් ඇහිද ගනු ලබා ඈති අතර මයිකල් සෙලොස් ගේ ඩි දිමොනිබස්, හතරවන සියවසේ විසු නියෝ-ප්ලතෝනිකවාදයෙකු වූ ඉයම්බ්ලිකස් විසින් ලියන ලද, කෙල්දියන් හා අසිරියන් ඉන්ද්‍රජාල අඩංගුවන, ඩි මිස්ටිරියස් ඉජිප්ටෝරියම් උදාහරණ වෙයි. පොත් දෙකම ලතින් භාෂාවෙන් ලියොන් හි ප්‍රකාශයට පත් කර ඇති අතර, දෙකෙන්ම උපුටා ගන්න ලද අනුවාදයක් ( දෙවන අවස්ථාවේදී සත්‍ය වශයෙන්ම ) ඔහුගේ මුල්ම වැඩි පෙළෙහි අඩංගු වන අතර, දෙකෙන්ම ප්‍රථම එක මෙම විස්තරයෙහි අමුණනා ඇත. 1555 ඩි නොස්ට්‍රදාමුස් විසින් ඔහු විසින් කරන ලදුව පුස්තකාලයේ තිබු සියලුම රහස් ලියවිලි, පුළුස්ස දමනු ලැබී යයි සනාථ වුවත්, සැබෑ ලෙසම කුමන පොත් විනාශ වුව දැක නිසැකයෙන්ම කාටවත් පැවසිය නොහැක.

මිනිසුන් ඔහුව විස්වාස කිරීමට මුලින්ම පටන් ගනු ලබන්නේ 17 වන ශතවර්ශ දී වන අතර බොහොමයය් සම්ප්‍රදායික මුලරම්බයන් වෙයි. එම කල වකවානුවේදීම, ප්‍රංශයේ පන්තිකමරවල අනාවැකි පිලිබදව කතාකිරීම අරඹ වූ නිසා මෙම සිදිඋවිම විය හැකිය.