මැන්නීයන්වරු

විකිපීඩියා වෙතින්

මැන්නීයන්වරු වනාහී, ක්‍රිපූ 10වන සි‍ට 7වන සියවස දක්වා කාලයේදී වර්තමාන ඉරානයේ සහ අසයිබයිජානයේ ජීවත්වූ පුරාතන ජන කොට්ඨාශයක් වෙති. එම කාලයේදී ඔවුහූ ඇසිරියානු සහ උරාර්ටු අධිරාජ්‍යයන්ගේද ඒවා අතරවූ මුසැසිර් සහ සිකිර්ටා වැනි කුඩා සිමාන්තරීක රාජ්‍යයන්ගේද අසල්වැසියෝ වූහ.

ඔවුන්ගේ නියම ජන්ම භූමිය උර්මියා විලට නැගෙනහිරට හා දකුනට වන්නට පිහිටා තිබණ. මෙය දළ වශයෙන් වර්තමාන මහාබාද් නගරය වටා මධ්‍යගත වී තිබුණි. ඔවුන් විසූ ප්‍රදේශය උපරිම වශයෙන් කුරා නදිය දක්වා විහිදෙන ලදී. 1957 දී ආරම්භ වූ කැණීම් මගින් ආරක්ෂිත නගරයක් වූ හසනීලු නගරය සොයා ගන්නා ලදී. කලක් මෙය මැන්නීයන් භූමියක් බවට සැක කෙරිනි. සිතියන් හා ඇසිරියන් වරු අතින් කිහිප විටක් පරාජය වීමෙන් පසු ඉතිරි වූ මැන්නීයන් වරු ඉරාක ජනතාවට අවශෝෂණය වීය. ඉන්පසු මෙම යුගය මැටි ඒනේ ලෙස ප්‍රසිද්ධ වූ අතර මෙඩස් විසින් ක්‍රි. පූ 616 දී අත්පත් කරගන්න ලදී.

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රි.පූ.850 දී පමණ මැන්නයී රාජධානිය සමෘද්මත් වීමට පටන් ගැනුණි. මැන්නයින්වරු යනු ප්‍රධාන වශයෙන් සංක්‍රමණය වූ මොවුහු වාරිමාර්ග පිළිබඳව දැනුමක් තිබූ, ගවයන් හා අශ්වයන් ඇති කළ ජනතාවක් විය. මොවුන්ගේ අගනුවර වූයේ ඉසිර්ටු ( සිර්ටා) නගරයයි. ක්‍රි.පු අටසිය විසි ගණන්වල ඔවුන් කලාපයේ විශාලතම රාජ්‍ය බවට පත්විය. මේ කාලය වනවිට ඔවුන්ට පාලන පන්තිය ලෙස ප්‍රධාන රදළ පන්තියක් තිබූ අතර ඔවුන් රජුගේ බලය තරමක් බෙලහීන කළහ. ක්‍රි.පූ.800 දී පමණ මෙම ප්‍රදේශයේ සටන් ඇති වුණි. ඒ උරාර්ටු ගොත්‍රිකයන් සමගය. හේතුව ඔවුන් මැන්නියන්වරුන්ගේ ප්‍රදේශයේ හා ඇසිරියාවේ බලකොටු කිහිපයක් තනීමටය. ක්‍රි.පූ..750 හා 730 අතර මෙම දෙපාර්ශවය අතර ඇතිවූ විවෘත ගැටුමෙන් පසු මැන්නියන්වරු ඔවුන්ගේ භූමි ප්‍රමාණ තවත් වැඩි කරගැනීමට සමත් විය. ක්‍රි.පූ.725 හා 720 අතර ඉන්පසු රජුගේ රාජ්‍ය කාලයේ මැන්නියන් රාජධානිය එහි ප්‍රබලත්වයේ උත්කෘෂ්ටම අවස්තාවට පත්විය.


මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"Iran" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.
සැකිල්ල:Iran topics

"https://si.wikipedia.org/w/index.php?title=මැන්නීයන්වරු&oldid=592940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි