මැතෙව් අනුව

විකිපීඩියා වෙතින්
මැතෙව් අනුව
ප්‍රදර්ශන නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයචන්ද්‍රන් රත්නම්
රචනයක්‍රිස්ටී එලීසර් සහ ජේම්ස් රත්නම්
නිශ්පාදනයචන්ද්‍රන් රත්නම්
රංගන ශිල්පීන්ජැකලීන් ෆර්නැන්ඩස්
ඇල්ස්ටන් කොච්
කියන් ඕ’ග්‍රේඩි
බිම්සරා ප්‍රේමරත්න
සිනෙමාරූපණයචන්දන ජයසිංහ
සංස්කරණයජේම්ස් රත්නම්
Production
company
බෙදාහැරීමයූ. එස්. ඩිස්ට්‍රිබියුෂන්
රටඕස්ට්‍රේලියාව/ශ්‍රී ලංකාව
භාෂාවඉංග්‍රීසි

මැතෙව් අනුව යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉදිරියේ දී තිරගත වීමට නියමිත චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. ප්‍රේම වෘත්තාන්ත, අපරාධ සහ සංත්‍රාස චිත්‍රපටයක් වන මෙය සඳහා පාදක වී ඇත්තේ කොළඹ, කිංසි වීදියේ, ශාන්ත පාවුළු අපෝස්තලු දේවස්ථානයේ ඇංග්ලිකානු පූජකයකු වූ මැතිව් පීරිස් පියතුමන් විසින් සිදුකළ ද්විත්ව ඝාතනයයි. ඔහු, 1979 සිය භාර්යාව (ඉයුනිස් පීරිස්) සහ රසල් ඉන්ග්‍රම් (ඔහුගේ පෙම්වතියගේ සැමියා) යන අයගේ ද්විත්ව ඝාතනය වෙනුවෙන් වරදකරු ලෙස ඔප්පු විය.[1][2][3]

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හිටපු ශ්‍රී ලංකා විශ්ව රූ රැජිනසහ බොලිවුඩ් නිළියක වන ජැකලීන් ෆර්නැන්ඩස් (මෙය ඇගේ චිත්‍රපට වෘත්තියේ ඉංග්‍රීසි-භාෂා ප්‍රවිෂ්ඨයයි) සහ ඇල්ස්ටන් කොච් විසිනි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන චන්ද්‍රන් රත්නම් විසිනි.[4][5][6][7][8][9][10][11][12]

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන්නේ ඓතිහාසික සිදුවීම්වලට පසුබිම් වූ ශ්‍රී ලංකාවේ ය‍.[13]

කථාපුවත[සංස්කරණය]

මෙම කථාපුවත සඳහා පාදක වී ඇත්තේ ශාන්ත පාවුළු දේවස්ථානයේ පූජක මැතිව් පීරිස් පියතුමන් විසින් පවත්වා ගෙන ගිය ප්‍රේම සම්බන්ධය සහ ඔහු විසින් සිදුකළ මිනීමැරුම් ය. පසුව මැතිව් පීරිස්හට "එල්ලා මැරීමේ මරණ දඬුවම" නියම වූයේ සිය භාර්යාව සහ සිය අනියම් බිරියගේ සැමියාව ඝාතනය කිරීම හේතුවෙනි.[13][14]

චරිත නිරූපණය[සංස්කරණය]

  • ජැකලීන් ෆර්නැන්ඩස්, ඩැෆ්නි රෙනෝල්ඩ්ස් ලෙස
  • ඇල්ස්ටන් කොච්, මැතිව් පීරිස් පියතුමා ලෙස
  • කියන් ඕ’ග්‍රේඩි, රැන්ඩි රෙනෝල්ඩ්ස් ලෙස
  • බිම්සරා ප්‍රේමරත්න, ඉයුනිස් පීරිස් ලෙස
  • රයන් විජේරත්න, ස්ටීවන් ලෙස
  • ගැවින් ලුඩ්වයික්, රහස් පරීක්ෂක කෲස් ලෙස

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Tribune - Volume 23, Issues 27-52 -1979 Page 72 "කොළඹ, කින්සි වීදියේ ශාන්ත පාවුළු දේවස්ථානයේ හිටපු දේවගැතිවරයා වන පූජ්‍ය මැතිව් පීරිස් ඊයේ දින අධිකරණය හමුවන පමුණුවන ලද්දේ සිය බිරිඳ වූ ඉයුනිස් ලොයිස් පීරිස් සහ රසල් ඉන්ග්‍රම්ගේ ඝාතන සමග ඔහුගේ ඇති සම්බන්ධය හේතුවෙනි. නේවාසික රසල් ඉන්ග්‍රම්...
  2. Asiaweek 1979- Volume 5 - Page 11 "දේවගැති ඝාතන පිළිබඳ දේවගැතිවරයා සහ වැන්දඹුවගේ අපරාධය ලොමු දැහැ ගන්වන බිහිසුණු අපරාධයක් බවට සාක්ෂි ඇත. සැලැස්මේ මූලස්ථානය ලෙස... ඔහුට කුමන්ත්‍රණය කිරීමේ සහ මිනීමැරුම් චෝදනා එල්ල විය. ඔහුගේ බිරිඳ වූ 59 වියැති, ඉයුනිස් ෆෙලීෂියා ලොයිස් පීරිස් මාර්තු 19 මියයාමට පෙර දින 49 තිස්සේ කොළඹ රෝහලකට ඇතුළත් කරතිබු‍ණේ කෝමා තත්ත්වයක් හේතුවෙනි. නේවාසික 32 වියැති, රසල් ඉන්ග්‍රම් ද මෙයට මාස හයකට පෙර මියගොස් තිුබණේ දින 42ක් පුරා පැවති කෝමා තත්ත්වයකින් පසුවයි.
  3. Tribune - Volume 24, Issues 26-39 - Page 16 1980 "මැතිව් පීරිස් සහ ඩැල්රීන් ඉන්ග්‍රම් මහත්මියහට සිය වල්ලභයන් ඝාතනයට කුමන්ත්‍රණ කිරීම සහ ඝාතනය කිරීම යටතේ චෝදනා පහක් ගොනුකරන ලදී."
  4. "Jacqueline Fernandez (Popular Bollywood Actress) & Alston Koch on short list for major roles". Lanka Page. සම්ප්‍රවේශය 2013-06-11.
  5. "'Vicarage Murder' plot for Hollywood". Wijeya Newspapers Ltd.Colombo. Sri Lanka. 2013-01-27. සම්ප්‍රවේශය 2013-06-11.
  6. "Jacky to return to her roots?". Wijeya Newspapers Ltd.Colombo. Sri Lanka. 2011-08-03. සම්ප්‍රවේශය 2011-10-03.
  7. "Alston Koch and Jacqueline Fernandez short listed for film on 'Vicarage Murders'". The Times of Sri Lanka. 2013-01-03. සම්ප්‍රවේශය 2013-06-11.
  8. "Jackie wants a classic wedding". The Asian Age. 2013-07-12. සම්ප්‍රවේශය 2013-07-18.
  9. "Jacqueline Fernandez to return to her roots". Mid Day. 2013-04-15. සම්ප්‍රවේශය 2013-07-18.
  10. "Movie on Father Mathew Peiris set for Hollywood". Colombo Gazette. 2013-07-07. සම්ප්‍රවේශය 2013-07-18.
  11. "No fights with anyone (Sajid Khan): Jacqueline Fernandez". ibnlive.in.Com. 2013-04-15. සම්ප්‍රවේශය 2013-07-18.
  12. ""According to Mathew" is a true story of the life and times of Fr. Mathew Peiris". The Times of Sri Lanka. 2013-07-16. සම්ප්‍රවේශය 2013-07-18.
  13. 13.0 13.1 "According to Matthew - A Film on The Most Diabolical Murders of Our Time". PR Inside. 2013-06-14. සම්ප්‍රවේශය 2013-06-14.
  14. "REV. MATHEW PEIRIS v. THE ATTORNEY-GENERAL". Lawnet. සම්ප්‍රවේශය 2013-06-21.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මැතෙව්_අනුව&oldid=592935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි