Jump to content

මැණික් වෙහෙර

විකිපීඩියා වෙතින්
මැණික් වෙහෙර
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
පිහිටීමපොළොන්නරුව
ද්වාරය:බුද්ධාගම

මැණික් වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරයේ උතුරු දොරටුව මහ වීදියට ආසන්නව ඉදි කොට ඇති විහාරාරාමයක් වේ.

ඉතිහාසය

[සංස්කරණය]

සාමාන්‍ය වහරේදී මැණික් වෙහෙර ලෙස හැඳින්වෙන මෙම විහාරරාමයේ ඉතිහාසය අවිනිශ්චිත වේ. කෙසේ වූවද මෙහි වූ ලක්ෂණ අනූව මෙය ක්‍රි.ව. 8-9 සියවසේ ඉදිකරන ලද්දක් සේ විශ්වාස කෙරේ.[1]

ආරාමය

[සංස්කරණය]

මාළක තුනකින් සමන්විත වන ආකාරයට නිමවා ඇති මෙම විහාරාරාමයේ ස්තූපයක්, බෝධිඝරයක්, ප්‍රථිමා ගෘහ කිහිපයක්, දාන ශාලාවක්, වෙද පන්සලකි හා වෙනත් කුටි රැසක් දැකගත හැකි වේ. ස්තූපය ගඩොලින් කල උස්වූ චතුරස්‍රාකාර වේදිකාවක් මත ගඩොල් බිත්ති වලින් වටවන සේ නිමවා ඇත. ගඩොල් වේදිකාවේ පාදම් අලංකාර සිංහ රූ සහිත ඵලකයන් මගින් සරසා තිබෙන අතර ස්තූප මළුවට ඇතුළුවීමට ශෙෙලමය උළුවස්සක් යොදා ගෙන තිබේ.[2] මෙහි වූ මුරගල්හී විශේෂත්වය වන්නේ ඒවායේ පිටත පැතිහී ඇත් රූපයක් නෙලා ඇති ආකාරය දැකගත හැකිවීමයි.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මැනික් වෙහෙර". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2015.
  2. ^ "ඉන්ක්‍රෙඩිබල් ආලාහන පිරිවෙන ඇන්ඩ් මැජිකල් මැනික් වෙහෙර". සිලෝන්ටුඩේ. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2015.
  3. ^ "මැනික් වෙහෙර". ඒන්ජල්ෆයර්. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=මැණික්_වෙහෙර&oldid=399592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි