මැක්ස් ප්ලාන්ක්

විකිපීඩියා වෙතින්
මැක්ස් ප්ලෑන්ක්

දිවිය හා වෘත්තිය[සංස්කරණය]

මොහු සාම්ප්‍රදායික පවුලකින් පැවත එන්නෙකි. ඔහුගේ සීයා සහ මී මුත්තා සිද්ධාන්තමය මුලධර්ම ආචාර්යවරු විය. ඔහුගේ පියා නීතිඥයෙකු වු අතර මාමා විනිසුරුවරයෙකු විය.

ප්ලෑන්ක් ඉපදුනේ හොල්ස්ටේන්හි කීල් ප්‍රදේශයේය. දෙමාපියන් ජුලියස් විල්හෙම් ප්ලෑන්ක් හා එමා පැට්සිග්ය. ඔහු පවුලේ සය වැනි දරුවා විය. ඔහුගේ මතකයට අනුව 1864 දී ඇතිවු ඩැනිෂ් පර්සියානු යුද්ධයේදී පර්සියන් සහ ඔස්ට්‍රියන් හමුදා කීල් ප්‍රදේශයට ඇතුලු වුහ. 1867 ඔවුන් මියුනික් වලට පැමිණි අතර එහිදී ඔහු අධ්‍යාපනය ලබා ගැනීම උදෙසා මැක්සිවිල්යන් පාසැලට ගියේය. හර්මන් මුලර් හා ගණිතාචාර්යවරයෙක් යටතේ ඔහු තාරකා විද්‍යාවද යාන්ත්‍ර විද්‍යාව හා ගණිත ශාස්ත්‍රයද ඉගෙන ගත්තේය. බලශක්ති සුරැකීම ගැන ප්ලෑන්ක් මුලින්ම ඉගෙන ගත්තේ මුලර්ගෙනි. මොහු වයස 17 දී උපාධිය දිනා ගත් අතර භෞතික විද්‍යාව හා සම්බන්ධ වුයේ ඒ සමඟිනි.

මැක්ස් ප්ලෑන්ක්ට සංගීතයට සහජ හැකියාවක් තිබුණි. ඔහු විසින් පියානෝව, ඕගනය , සෙලෝව යන වාද්‍ය භාණ්ඩ වාදනය කරනු ලැබූ අතර ගීතද රචනා කළේය. කෙසේ වෙතත් ඔහු සංගීතය හැදෑරීම වෙනුවට භෞතික විද්‍යා විෂය ධාරා හැදෑරුවේය.


මියුනිකි භෞතික විද්‍යා ආචාර්යවරයෙකු වන ෆිලිප් වොන් ෆ්ලෑන්ක්ගේ උපදෙස් වලට අනුව භෞතික විද්‍යාව හැදැරීම ප්ලෑන්ක් ප්‍රතික්ෂේප කළේය. ඔහු කියා සිටියේ “මෙහි ඇති සියලු දේ සොයාගෙන ඇත” යනුවෙනි. ඔහුට නව සොයා ගැනීම් අවශ්‍ය නොවූණි. ඔහු 1874 මියුනික් විශ්වවිද්‍යාලයට ඇතුලු විය. ෆිලිප් වෝන් ජොලී යටතේ ඔහුගේ විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණවල නියැළුණේය. රත්වු ප්ලැටිනම් තුළින් පැතිරුණු හයිඩ්‍රජන් ගමන් කිරීම ඇරඹුවේය. පසුව ඔහු ප්‍රායෝගික භෞතික විද්‍යාවට මාරු විණි. ප්ලෑන්ක් අධ්‍යයන වාර හයක සිද්ධාන්ත දේශනා මාලාවක් ආරම්භ කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=මැක්ස්_ප්ලාන්ක්&oldid=472322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි