මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ

විකිපීඩියා වෙතින්
මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ
පෝස්ටරය මඟින් කල්කි කේක්ලන් විසිම් මාර්ගරිටා පානය කරන අයුරු නිරූපණය වේ.
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්ෂණයශෝනාලි බෝස්
නිෂ්පාදනයශෝනාලි බෝස්
රචනයශෝනාලි බෝස්
නීලේස්ජ් මණියාර්
රංගන ශිල්පීන්කල්කි කේක්ලන්
රේවතී
සායානි ගුප්තා
විලියම් මෝස්ලී
සංගීතයමයිකි මැක්ලියරි
සිනෙමාරූපණයඈන් මිසාවා
සංස්කරණයමොනීෂා බල්දාවා
චිත්‍රාගාරයවයාකොම්18 මෝෂන් පික්චර්ස්
නිකුත්වූ දිනය(න්)8 සැප්තැම්බර් 2014 (2014-09-08) (TIFF)
17 අප්‍රේල් 2015 (2015-04-17) (ඉන්දියාව)
දිවෙන කාලය100 මිනිත්තු[1]
රටඉන්දියාව
භාෂාවහින්දී
පිරිවැයINR65 මිලියන[2]
ආදායමINR74 මිලියන[2]

මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ යනුවෙන් හැඳින්වෙන්නේ ශෝනාලි බෝස් විසින් අධ්‍යක්ෂණය කළ 2014 ඉන්දියානු හින්දි-භාෂා නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන කල්කි කේක්ලන් සිය උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව වෙත පැමිණෙන මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන ඉන්දියානු තරුණියකගේ චරිතය රඟ දක්වයි. එහි ඇගේ අන්ධ පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්නේ සායානි ගුප්තා විසිනි. රේවතී, කුල්ජීත් සිංහ්, සහ විලියම් මෝස්ලී මෙහි සහාය චරිත නිරූපණය කරති. බෝස් සහ වයාකොම්18 මෝෂන් පික්චර්ස් සහයෝගීත්වයෙන් නිෂ්පාදනය කළ, මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ රචනා කරන ලද්දේ බෝස් සමඟ නීලේශ් මණියාර් විසිනි. මෙම චිත්‍රපටය තුළින් ලිංගිකත්වය, ආබාධිත අයිතිවාසිකම්, ස්වයං-ප්‍රේමය, සහ ස්වයං-පිළිගැනීම වැනි සංකල්පයන් නිරූපණය වේ.

චරිත නිරූපණය[සංස්කරණය]

මෙහි නම් පෙළ රොට්න් ටොමැටෝස් වෙතින් උපුටා ගැනිණි.[3]

  • කල්කි කේක්ලන්, ලේලා කපූර් ලෙස
  • රේවතී, ශුභාංගිනී කපූර් ලෙස
  • සායානි ගුප්තා, ඛානුම් ලෙස
  • කුල්ජීත් සිංහ්, ලේලාගේ පියා ලෙස
  • හුසේන් දලාල්, ධෲව් ලෙස
  • විලියම් මෝස්ලී, ජාරඩ් ලෙස
  • මල්හාර් ඛුෂූ, මෝනු ලෙස
  • ටෙන්සින් දල්හා, නිමා ලෙස
  • ශුචි ද්වීවේදී, සමීරා ලෙස
  • ඩූග් ප්ලෝට්, රොබ් ලෙස
  • ජෙනිෆර් සිල්වර්ස්ටයින්, නැන්සි ලෙස
  • මාර්කෝ ටොරියානි, චාර්ල්ස් ලෙස

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; variety නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bo නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "Margarita with a Straw". Rotten Tomatoes. Archived from the original on 1 December 2017. සම්ප්‍රවේශය 6 January 2018.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:LGBT in India