මායා (දෙමළ චිත්‍රපටිය)
මායා | |
---|---|
![]() Theatrical release poster | |
අධ්‍යක්ෂණය | අශ්වින් සරවණන් |
නිෂ්පාදනය | එස්.ආර්. ප්‍රකාශ්බාබූ එස්.ආර්. ප්‍රභූ ප්‍රභූ වෙන්කාටචලම් ගෝපිනාත් පී. තංගා ප්‍රභාකරන් ආර්. |
රචනය | අශ්වින් සරවණන් |
රංගන ශිල්පීන් | නයන්තාරා ආරී ලක්ෂ්මි ප්‍රියා චන්ද්‍රමෞලී අම්සාත් ඛාන් |
සංගීතය | රොන් ඒතන් යොහන් |
සිනෙමාරූපණය | සත්‍යන් සූර්‍යන් |
සංස්කරණය | ටී.එස්. සුරේෂ් |
චිත්‍රාගාරය | Potential Studios |
බෙදා හරින ලද්දේ | ශ්‍රී තෙනාඩල් චිත්‍රපට සී. කළ්‍යාන් (තෙළිඟු) |
නිකුත්වූ දිනය(න්) | 17 සැප්තැම්බර් 2015 |
දිවෙන කාලය | මිනිත්තු 142 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
පිරිවැය | ![]() |
ආදායම | ![]() |
මායා යනු 2015 ඉන්දියානු දෙමළ-භාෂා සංත්‍රාස චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ අශ්වින් සරවණන් විසිනි.[2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නයන්තාරා සහ ආරි විසිනි.[3] ලක්ෂ්මි ප්‍රියා චන්ද්‍රමෞලි සහ අම්සාත් ඛාන් සහාය රංගනයෙන් දායක වෙති. මෙය 2015 වර්ෂයේ ඉහළම ආදායම් ලද දෙමළ චිත්‍රපටවලින් එකකි.[1] මෙහි හඬකැවූ තෙලිඟු ප්‍රභේදය මයුරි ලෙස මුදාහැරිණි. මායා නිෂ්පාදනය කරන ලද්දේ පොටෙන්ෂල් ස්ටූඩියෝස් වෙතිනි. මෙම චිත්‍රපටය චිරන්ජීවි සර්ජා ප්‍රධාන චරිත නිරූපණය කළ කේ. එම්. චෛතන්‍යාගේ ආකේ කන්නඩ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.[4]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 "10 Blockbuster Tamil Films of 2015".
- ↑ "Nayanthara signs for a supernatural thriller!". IndiaGlitz. සම්ප්‍රවේශය 16 June 2014.
- ↑ "Nayanthara in a horror thriller?". The Times of India. සම්ප්‍රවේශය 20 June 2014.
- ↑ http://timesofindia.indiatimes.com/entertainment/kannada/movies/news/Aake-is-a-remake/articleshow/56592364.cms