මායායථාර්ථවාදය

විකිපීඩියා වෙතින්

මායා යථාර්ථ්වාදය තුළ සැබෑ ලෝකය සහ මායා ලෝකය ඒකාබද්ධ කරමින් සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට අනුබල දෙයි. මායායතාර්ථවාදය සාහිත්‍යය ප්‍රවණතාවයක් ලෙස නැගී එන්නේ ලතින් ඇමරිකානු උත්පාතය (Latin American Boom) යනුවෙන් හඳුන්වන ප්‍රවණතාවත් සමග ය. මෙමගින් අදහස් වූයේ ලතින් ඇමරිකානු සාහිත්‍යකරුවන් යුරෝපීය සාහිත්‍යය කතිකාව තුළ ප්‍රමුඛස්ථානයකට පැමිණීමේ ප්‍රවණතාවය යි. මායායතාර්ථවාදයේ වඩාත් ම කැපී පෙනෙන සාහිත්‍යකරුවා ලෙස සැලකෙනු ලැබෙන්නේ 1982 වසරේ සාහිත්‍යය සඳහා නෝබෙල් සම්මානය දිනූ ගබ්‍රියෙල් ගාර්සියා ම්රකේස් ය. ඔහුගේ සියක් වසක හුදකලාව (One Hundread Years of Solitude) නමැති කෘතිය මායායතාර්ථවාදයේ මූලාරම්භය ලෙස ද සමහර විචාරකයෝ සලකති. මායායථාර්ථවාදය ලතින් ඇමරිකාවට තුළින් බිහි වූ සාහිත්‍යය ප්‍රවණතාවයක් වන අතර එහි කැපී පෙනන නිර්මාණකරුවන් රැසක් ම ලතින් ඇමරිකානුවෝ වෙති. නිදසුන් ලෙස අලේහෝ කාපෙන්ටියර් (Alejo Carpentier), ජෝර්ජ් ලුවී බෝර්ගේස් (Jorge Luis Borges), හුවාන් රුල්ෆෝ (Juan Rulfo), ඉසබෙල් අයියන්දේ (Isabel Allende) වැනි ලේඛක ලේඛිකාවන් දැක්විය හැකි ය. කෙසේනමුත් රුසියානු ලේඛක නිකොලායි ගොගොල්ගේ Nose නමැති කෙටිකතාවෙහි මෙන් ම මිහායු බුල්ගාකෝෆ් (Bulgakov) ගේ මාස්ටර් සහ මාර්ගරීටා නවකතාවෙහි ද, ජර්මානු සාහිත්‍යකරු ෆ්‍රාන්ස් කෆ්කාගේ ඇතැම් නිර්මාණවල ද මායායතාර්ථවාදය ප්‍රකට වන බව කිව හැකි ය.

නොබෙල් ත්‍යාගලාභී ජර්මන් නවකතාකරුවකු වන ගූන්තර් ග්‍රාස්, ඉන්දීය සම්භවයක් සහිත ඉංග්‍රීසි ලේඛකයකු වන සල්මන් රුෂ්ඩි, ජපන් නවකතාකරුවකු වන හරුකි මුරකමි මායායතාර්ථවාදී සාහිත්‍යයේ කැපී පෙනෙන නිර්මාණකරුවෝ වෙති. ලෝක සම්භාවනාවට ලක් වූ මායාතාර්ථවාදී සාහිත්‍ය කෘති අතර ගාර්සියා මාර්කේස්ගේ One Hundred Years of Solitude, ඉසබෙල් අයියන්දේගේ House of Spirit (මායාවාස), ගූන්තර් ග්‍රාස්ගේ Drum, සල්මන් රුෂ්ඩිගේ Midnight's Children (මැදියමේ දරුවෝ) යන කෘති දැක්විය හැකි ය.

ශ්‍රී ලංකා සාහිත්‍යය තුළ මායායතර්ථවාදී ඇසුරු කළ ලේඛකයන් අතර ප්‍රමුඛයා වන්නේ සයිමන් නවගත්තේගම බව විචාරක කේ. කේත සමන් කුමාර පවසයි. සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, ක්ණීර සාගරය කැළඹිණ, සාපෙක්ෂණී වැනි කෘතිවල බෞද්ධ පුරාණෝක්ති සහ දර්ශනයෙන් අනුබල ලැබූ මායාතාර්ථවාදයක් හඳුනා ගත හැකි ය. එමෙන් ම ටෙනිසන් පෙරේරාගේ නිර්මාණ බොහොමයක ද මායායතාර්ථවාදී ලක්ෂණ හඳුනා ගත හැකි ය. සිංහල කෙටිකතාව තුළ පියල් කාරියවසම්ගේ නිර්මාණ මායායතාර්ථවාදය ඇසුරු කරයි.

මායා යථාර්ථවාදයේ ලක්ෂණ,

  • යුරෝ කේන්ද්‍රීය සම්මත යථාර්ථවදී රීතිය ප්‍රතිකෙෂේප කිරීම.
  • මායා යථාර්ථවාදීය ආඛ්‍යාන රීතිය සහ සන්ද්ර්භය තුන් වෙනි ලෝකයේ රටවල පාරම්පරික සංස්කෘතියට ආසන්න ප්‍රකාශ විලාස ලෙස සැලකේ.
  • හේතුඵල සම්බන්ධය සංකීර්ණ වූවකි. එයට විවිධ පැතිකඩ ඇත.
  • කාලය, දේශය සහ අනන්‍යතාවය අරභයා වූ සාම්ප්‍රදායික සංකල්ප ආක්‍රමණය කිරීම.
  • භාෂා මාධ්‍යයේ අපූර්වතා.
"https://si.wikipedia.org/w/index.php?title=මායායථාර්ථවාදය&oldid=602610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි