මානසික අවපීඩනය (මනෝභාවය)

විකිපීඩියා වෙතින්
Melencolia I (ca. 1514), by Albrecht Dürer

මානසික අවපීඩනය යනු පුද්ගලයෙකුගේ සිතිවිලි, හැසිරීම, යහපැවැත්ම පිලිබඳ හැඟීම යනාදියට බලපෑ හැකි දුර්වල මනෝභාවයක් සහ ක්‍රියාකාරකම් වලට දක්වන අකමැත්තයි.[1][2] මානසික අවපීඩනය සහිත පුද්ගලයන්ට ශෝකය, සාංකාව, හිස් බව, තනිවූ බව (කිසිවෙකුගේ උදවු නොලැබෙන බව), බලාපොරොත්තු විරහිත බව, තමන් වැදගැම්මකට නැති අයෙක් බව, වරදකාරී බව, නොරිස්සුම් සහගත බව සහ අවිවේකි බව ආදිය දැනිය හැක. කාලයකදී සතුටුදායක ක්‍රියාකාරකම් ලෙස තමන් සැලකූ ක්‍රියාකාරකම් වලට ඇති උනන්දුව අඩු වීම, කුසගින්න අඩුවීම හෝ අධික ලෙස ආහාර ගැනීම, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම අපහසු වීම, කරුණු සිහිපත් කිරීම හෝ තීරණ ගැනීමේ අපහසුතාව, හෝ සියදිවි නසාගැනීමට කල්පනා කිරීම ආදිය ඔවුන් තුල දැකිය හැකි ලක්ෂණ වේ. අඩු නින්ද, අධික නින්ද, විඩාව, වේදනා, කැක්කුම්, ජීර්ණ ගැටළු, හෝ ශක්තිය ඌන බව ආදිය ද ඔවුන් තුල දැකිය හැක.[3]

අවපීඩන මනෝභාවය, විෂාදය වැනි මානසික සින්ඩ්‍රෝමයන්ගේ විශේෂ අංගයකි. නමුත් වියෝව, යම් ශරීර ආබාධයක රෝග ලක්ෂණ, හෝ ඇතැම් ඖෂධ/මත්ද්‍රව්‍ය හෝ වෛද්‍ය ප්‍රතිකාර වල අතුරු ආබාධ ආදියෙහි දී මානසික අවපීඩනය ඇතිවීම සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි.

  1. Salmans, Sandra (1997). Depression: Questions You Have – Answers You Need. People's Medical Society. ISBN 978-1-882606-14-6.
  2. Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition (DSM-5). American Psychiatric Association. 2013.
  3. "NIMH · Depression". nimh.nih.gov. සම්ප්‍රවේශය 15 October 2012.