මානව සම්පත් කළමනාකරණ සංගමය (එ. ජ.)
ගොනුව:Shrm logo.jpg | |
ආදර්ශ පාඨය | "ප්‍රමුඛ පුද්ගලයන්. ප්‍රමුඛ සංවිධාන." |
---|---|
සංස්ථාපනය | 1948 |
වර්ගය | වෘත්තීය සංවිධානයකි |
මූලස්ථානය | ඇලෙක්සැන්ඩ්‍රියාව, වර්ජිනියාව, එක්සත් ජනපදය |
Membership | 285,000+ |
සභාපති/විධායක නිලධාරී | හෙන්රි ජී. (හෑන්ක්) ජැක්සන් |
Staff | 400 |
වෙබ් අඩවිය | www.shrm.org |
මානව සම්පත් කළමනාකරණ සංගමය (SHRM) යනු ඇලෙක්සැන්ඩ්‍රියා, වර්ජිනියා හී මූලස්ථානය පිහිටන වෘත්තීය මානව සම්පත් සාමාජිකත්ව සංගමයකි. මානව සම්පත් කළමනාකරණ සංගමය විසින් වෘත්තියක් ලෙස මානව සම්පත් භූමිකාව ප්‍රවර්ධනය කිරීම සහ අධ්‍යාපනය ලබාදීම, සහතික කිරීම ආදිය සිදුකරනු ලැබේ. එලෙසම එම කොංග්‍රසය විසින් ශ්‍රම කළමනාකරණය හා සම්බන්ධ ගැටළු සඳහා බලපෑම් සිදුකරන අතර සිය සාමාජිකයන් අතර ජාලයක් ලෙස සම්බන්ධ කොටගෙන සිටී.
ඉතිහාසය
[සංස්කරණය]සේවක පරිපාලනය සඳහා වූ ඇමෙරිකානු සංගමයක් (ASPA) ලෙස 1948 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර මෙම සංවිධානය 1964 වර්ෂය වන තෙක් ස්වේච්ඡා සංවිධානයක් ලෙස ක්‍රියාත්මක විය. එහි මූලස්ථානය බෙරියාවේ ඔහිඕහි ස්ථාපිත කරන ලද අතර අනතුරුව කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීම ආරම්භ විය. වර්ෂ 1984 දී මෙම මූලස්ථානය පිහිටි ස්ථානය වෙනස්කොට ඇලෙක්සැන්ඩ්‍රියාවේ වර්ජිනියාහි එය පිහිටුවන ලදි. වර්ෂ 1989 දී මෙම සංවිධානය එහි නම මානව සම්පත් කළමනාකරණ සංගමය ලෙස වෙනස් කරන ලදි.[1]
මානව සම්පත් කළමනාකරණ සංගමය එහි ආදායම ඩොලර් මිලියන 114.56 ට රැගෙන ඒම මගින් 2015 වර්ෂයේදී එක්සත් ජනපදය තුල දොළොස් වන විශාලතම සංගමය බවට පත්විය. එක්සත් ජනපදය තුල මෙන්ම ලෝකය පුරා විසිරී ඇති ශාඛා 575 කට වැඩි ගණනකින් මෙම සංගමය සමන්විත වන අතර එම ශාඛා මගින් සාමාජිකයන්ට අවශ්‍ය සහතික කිරීම්, අධ්‍යාපනය සහ ජාලකරණ අවස්ථාද සපයනු ලැබේ. එම සංවිධානය දැනට මාතෘකා කිහිපයක් වෙත අවධානය යොමු කර ඇත. එම මාතෘකා අතර කම්කරුවන්ගේ නව අතිකාල රෙගුලාසි දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය, කුසලතා පරතරය, සේවා ස්ථානයෙහි නම්‍යශීලී බව, ලිංගික හැඩගැස්මෙහි නොවෙනස්කම්, සහ අනුපූරණ සාධාරණාත්වය යන මාතෘකාද ඇතුලත්ය. [2]
අද වන විට මානව සම්පත් කළමනාකරණ සංගමය සතුව රටවල් 165 ක් පුරාවට කාර්ය මණ්ඩල සාමාජිකයන් 400 කට අධික ප්‍රමාණයක් සහ සාමාජිකයින් 285,000 කට අධික ප්‍රමාණයක් පවතී. සංගමයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස හෙන්රි ජී (හෑන්ක්) ජැක්සන් කටයුතු කරයි.[3]