මානව විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මානව විද්‍යාව මානව වර්ගයා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනය වෙයි.

විෂය ක්ෂේත්‍රයක් ලෙසින් මානව විද්‍යාව මුලින්ම අර්ථදැක්වුනු එක්සත් ජනපදයෙහි, ක්ෂේත්‍රය සාම්ප්‍රදායික ලෙසින් උප-ක්ෂේත්‍ර සතරකට බෙදෙයි: සංස්කෘතික මානව විද්‍යාව, පුරා විද්‍යාව, වාග්විද්‍යාත්මක මානව විද්‍යාව, සහ ජීවවිද්‍යාත්මක මානව විද්‍යාව.[1]


උපක්ෂේත්‍රයන්[සංස්කරණය]

එක්සත් ජනපදයෙහිදී, සාම්ප්‍රදායික ලෙසින්, මානව විද්‍යාව උපක්ෂේත්‍රයන් සතරකට බෙදෙන අතර ඒ එක එකක් අමතර ශාඛා සහිත වෙයි: ජීවවිද්‍යාත්මක හෝ භෞතික මානව විද්‍යාව, සාමාජීය මානව විද්‍යාව හෝ සංස්කෘතික මානව විද්‍යාව, පුරා විද්‍යාව සහ මානව විද්‍යාත්මක වාග්විද්‍යාව.[1] මෙම ක්ෂේත්‍රයන් නිරොතුරුවම උපරිපතනය වන මුත් විවිධ ක්‍රමවේදයන් හා ශිල්ප ක්‍රම භාවිතා කිරීමට ප්‍රවණතාවයක් දක්වති.

සංස්කෘතික මානව විද්‍යාව[සංස්කරණය]

සංස්කෘතික මානව විද්‍යාව යන්න සමාජ-සංස්කෘතික මානව විද්‍යාව හෝ සමාජ මානව විද්‍යාව (විශේෂයෙන්ම එක්සත් රාජධානියෙහිදී) හෝ ලෙසින්ද හැඳින්වෙයි. එය වනාහී සංසකෘතිය පිළිබඳ අධ්‍යයනය වන අතර, ප්‍රධාන වශයෙන් මානව වංශ ශාස්ත්‍රය මත පදනම් වෙයි. මානව වංශ ශාස්ත්‍රය යන්න ක්‍රමවේදයක් ලෙසින් හා පර්යේෂණයක, එනම් ඒක විෂය කෘතියක හෝ ග්‍රන්ථයක, ප්‍රතිඵලයක් ලෙසින් යන දෙක ලෙසින්ම සැලකිය හැකිය. සමාජ සංස්කෘතික මානව විද්‍යාව යනු කිසියම් ජන කොට්ඨාශයක සංස්කෘතිය හා සමාජ සංවිධානය, එනම් භාෂාව, ආර්ථික හා දේශපාලන සංවිධාන, නීතිය හා ගැටුම් නිරාකරණය, පරිභෝජන හා හුවමාරු රටාවන්, ඥාතීත්වය සහ පවුල් ව්‍යුහය, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය, දරුවන් ඇති දැඩි කිරිම සහ සමාජය, ආගම, මිථ්‍යා කථා සංකේත වාදය ආදිය දීර්ඝ කාලීන සුක්ෂම ක්ෂේත්‍ර අධ්‍යයනයක් මගින් විමර්ශනයට ලක් කිරිමයි. (ඇමෙරිකානු විශ්ව විද්‍යාල බොහෝවිට සංස්කෘතික මානව විද්‍යාව යන පදය යොදයි. බ්‍රිතන්‍ය විශ්ව විද්‍යාල එම ක්ෂේත්‍රය සමාජ මානව විද්‍යාව යනුවෙන් හැදින්විමට පුරුදුව සිටි අතර 20 වැනි සියවසේ වැඩි කාලයක් තුළදී සංස්කෘතික සංකේතවාදයට වඩා සමාජ සංවිධානය විග්‍රහ කිරිම පිළිබදව අවධාරණය කළහ) සමහර යුරෝපීය රටවල සමාජ සංස්කෘතික මානව විද්‍යාව, ‘මානව වංශ විද්‍යාව’ ලෙස හැදින්වේ. (එම පද වර්ෂ 1783 දී ‘ඇඩම් එෆ් කොලාර්’ විසින් ප්‍රබන්ධ කොට නිර්වචනය කළ අතර එය ඉංග්‍රීසි භාෂාව කථා කරන රටවල්වල සමාජ සංස්කෘතික මානව විද්‍යාවේ සංසන්දනාත්මක පැතිකඩ ඇඟවීමට ද යොදා ගැනේ) එහි උප ක්ෂේත්‍රයන් හා සම්බන්ධිත ක්ෂේත්‍රයන් අතර මානසික විද්‍යාත්මක මානව විද්‍යාව, ජන කථා, ආගමෙහි මානව විද්‍යාව, මානව වංශ පිළිබඳව අධ්‍යයනයන්, සංස්කෘතික අධ්‍යනයන්, මධ්‍යයේ සහ සයිබර් අවකාශයේ මානව විද්‍යාව සහ සමාජ පුරුදු සහ සංස්කෘතික හැඩතල පැතිරියාම පිළිබද අධ්‍යයනය ද වේ.

වාග් විද්‍යාත්මක මානව විද්‍යාව වාචික සහ වාචික නොවන මානව සංවේදනය, කාලය හා අවකාශය හරහා භාෂාවේ විචල්‍යතාව, භාෂාවේ සමාජ භාවිතයන් සහ භාෂාව හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාව පිළිබද ක්‍රියාවලීන් තේරුම් ගැනීමටත් උත්සාහ කරයි. එය භාෂාමය ආකෘතින් හා ක්‍රියාවලීන්, සමාජ සංස්කෘතික ක්‍රියාවලීන් හා සම්බන්ධ කරමින් වාග් විද්‍යාත්මක ක්‍රම මානව විද්‍යාත්මක ගැටළලු කෙරෙහි බලපාන අන්දම විග්‍රහ කරනු ලබන මානව විද්‍යාවේ ශාඛාවයි. වාග් විද්‍යාත්මක මානව විද්‍යාඥයින් බොහෝවිට මානව විද්‍යාත්මක වාග් විද්‍යාව, සමාජ වාග් විද්‍යාව, ප්‍රායෝගිකතාවය, ඥානාත්මක වාග් විද්‍යාව, ලක්ෂණ විමංසාව , අනුශාසනා විශ්ලේෂණය සහ ආඛ්‍යාත විශ්ලේෂණය වැනි ඊට සම්බාධිත ක්ෂේත්‍රයන්ගෙන් කරුණු උකහා ගනී.

ආශ්‍රීත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මානව_විද්‍යාව&oldid=379358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි