මාදං

විකිපීඩියා වෙතින්
මාදං/මහදන්‍/රාජ ජම්‍බු/මහා ජම්‍බු
Syzygium cumini
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Myrtales
කුලය: Myrtaceae
ගණය: 'Syzygium'
විශේෂය: S. cumini
ද්වීපද නාමය
Syzygium cumini
(L.) Skeels.
පර්යාය නාම(ය)
  • Eugenia cumini (L.) Druce
  • Eugenia jambolana Lam.
  • Syzygium jambolanum DC.

ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ පලතුරු අතරට ගැනෙන මා දං ජම්බු කුලයට හෙවත් මර්ටේසියේ Myrtaceae කුලයට අයත් සදාහරිත ශාකයකි. Syzygium cumini යනු මෙහි විද්‍යාත්මක නාමයයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර, ලදු කැළෑ ආශ්‍රිත ව ස්වාභාවික ව වැවෙන දං, තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ ද දක්නට ඇත.මෙම ශාකය සෙවණ ලබා දෙන ශාකයක් ලෙස හැදින්විය හැකිය . දිඹුලාගල, රිටිගල, මහබේරියතැන්න වැනි සංරක්ෂිත ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබේ. දං අතීතයේ සුලබ ව තිබී කැළෑ එළි කිරීම නිසා වද වි යන්නට ඇතැ යි ඒවා සංරක්ෂිත ප්‍රදේශ වල වැඩිපුර පැවතීමෙන් සිතිය හැකි ය.

මා දං නැවුම් පලතුරක් ලෙස මෙන් ම අගය වැඩි දියුණු කල ජෙලි, ජෑම්, වයින්, අච්චාරු හා ආහාර වර්ණක ආදි නිෂ්පාදන සෑදීමට අනෙක් රටවල උපයෝගි කරගත්ත ද ශ්‍රී ලංකාවේනැවුම් පලතුරක් ලෙස හෝ යොදා ගන්නා ප්‍රමාණය නොගැණිය හැකි තරම් කුඩා ය. කරුණු එසේ වුවද පෝෂණීය අගය අතින් ගත් කල මා දං ඉහළ පෝෂණයකින් යුත් පලතුරකි.


පොෂණ වගුව

ජලය 28.2%
ප්‍රෝටින් 0.7%
මේදය 0.1%
ඛනිජ ලවණ 0.4%
තන්තු 0.9%
කාබෝහයිඩ්‍රේට 19.7%
කැල්සියම් 0.02%
පොස්පරස් 0.01%
යකඩ 1.0%
ශක්තිය (ග්‍රෑම් 100ක) 83

මිටර 5-15 අතර ඉතා උසට හා සෙන්ටිමිටර 50-150 අතර කද මහතට වැවෙන මා දං ගස සෙවණ ශාකයක් ලෙස මනා ව භාවිතා කළ හැකි ය. ගොවි ජනපද ආශ්‍රිත ව තරමක් විශාල ගෙවතු වලට හා ගොවිපළවල ඉතිරි වී ඇති මෙවැනි මා දං ශාක සෙවණ මෙන් ම අලංකාරදර්ශනයක් ද ඇති කරයි. වටිනා දැව වර්ගයක් ලෙස ද පිළිගන්නා මා දං වන වගාවේ දී යොදාගත හැකි ය.

දැනුම සංරක්ෂණය කළ පිටපත 2016-03-08 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=මාදං&oldid=592892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි