මහින්ද අල්ගම

විකිපීඩියා වෙතින්

මහින්ද අල්ගම ජාතික ගුවන් විදුලියේ සේවය කල ජෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක වරයෙකි. 1970 දශකයේ දී ජාතික ගුවන් විදුලියට එකතු වූ මහින්ද අල්ගම මහතා , ළමා පිටිය වැඩසටහන් සම්පාදක වරයෙකි . හෙතෙම ප්‍රවීණ ගේය පද රචකයෙකි. ළමා පිටිය , සරස්වතී මණ්ඩපය , ශිල්ප මඩුලු යට, චක්‍රාවාටය , යනු ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ළමා වැඩසටහන් වලින් කිහිපයකි. මඩොල්දූව හා ලන්දේසි දූපත මහින්ද අල්ගම නිෂ්පාදනය කරන ලද ජනප්‍රිය ළමා නාට්‍ය දෙකකි.

අරුණුවලා යට , විශ්වශ්‍රවනි වැනි ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් රැසක් ද මහින්ද අල්ගම නිෂ්පාදනය කලේය. සිංහල හා ඉංග්‍රීසි භාෂා පිලිබඳ හසල දැනුමක් මහින්ද අල්ගම ට තිබුණි. හේ 2014 පෙබරවාරි 15 මියගියේය.

ඉන්දික ජයරත්න .

"https://si.wikipedia.org/w/index.php?title=මහින්ද_අල්ගම&oldid=469718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි