මහින්දාගමනයේ සිට අධ්‍යාපනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මහින්දාගමනයේ සිට ක්‍රි.ව. 1505 දක්වා කාලය පොදුවේ සලකන කල ශාස්ත්‍රිය අධ්‍යාපනයට නැඹුරු වු විධිමත් අධ්‍යාපන රටාවක් ද. ස්වයංපෝෂිත ආර්ථිකයක්ද සහ සාමකාමි සමාජ පරිසරයක් ගොඩනැඟීමට අවිධිමත් අධ්‍යාපන රටාවක් ද ලංකාවේ පැවතිණි.

පළමු වරට මිහින්තලා පර්වත මුදුනෙහි මිහිඳු හිමියන් විසින් දෙවන පෑතිස් රජුට බුදු දහම හඳුන්වා දීමත් සමඟම බෞද්ධ සංස්කෘතියටත්, බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායටත් පදනම වැටුණු අතර, බුදු දහම කෙරෙහි පැහැදුනු දෙවන පෑතිස් මහරජ දෙවන දින අනුරපුර මහමෙවුනා උයන මිහිඳු හිමියන්ට පිදීමත් සමඟ බෞද්ධ අධ්‍යාපන ආයතන ක්‍රමයකට ද පදනම වැටුණි. සංවිධිත වූ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ වීමටත් තැනින් තැන තිබූ අසංවිධිත ගුරු ගෙදර අධ්‍යාපන සම්ප්‍රදායය අනුක්‍රමයෙන් අහෝසි වීමටත් මහා විහාරය මුල් වූ බව අතීතය අපට ගෙනහැර දක්වයි.

බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය වුයේ හික්මීමෙන් යුතු ගුණවත් සිල්වත් ජීවන රටාවක් ගොඩ නැගීමයි. මේ වනාහි දැහැමි ස්වයංපෝෂිත දිවි පෙවෙතක් තුළින් දෙලොවටම හිත සුව පිණිස වන සමාජයක් ගොඩනැගීම යි. පන්සල කේන්ද්‍ර කරගනිමින් අරඹන ලද අධ්‍යාපනය සිල්වත්, විනයවත් පරිසරයක් තුළ දැනුම ලබා දීම එදා දක්නට ලැබුනි. ආගමානුකූල අදහස්, ඔවදන්, ක්‍රියාකාරකම් පන්සලේ හාමුදුරුවන්ගෙන් ලබා ගන්නට හැකි විය. නමුදු රටක සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍යකරණ වෘත්තීය දැනුම ආගමික ශාස්තෘන්ගෙන් ලබා ගැනීම අසීරු වූයේ උන්වහන්සේ වෘත්තීය ආභාෂයට වඩා උදක්ම ආත්ම පාරිශුද්ධත්වය ලඟා කර ගැනීම පිළිබඳ වු කටයුතු වල නියැලීමයි. මේ නිසා වෘත්තිය දැනුම අවිධිමත් ලෙස තම පර‍පුරෙන් පැවතෙන ආකාරය අනුව ලබා ගැනීමට බොහෝ පිරිසකට සිදුවිය. මෙහි වඩාත් ම කැපීපෙනෙන ලක්ෂණය වුයේ සමහරක් වෘත්තින් සමාජයේ පහත් ලෙස සැලකීමට ලක්ව තිබීමයි. උදා - මැටි ආශ්‍රිත වලං කර්මාන්තය. නමුදු එවකට පැවති වැඩ වසම් සමාජ ක්‍රමය නිසා මේ අප්‍රසාදය ප්‍රකාශ කිරීමට බොහෝ පිරිස් ඉදිරිපත් නොවුනි. කරුණු එසේ වුවද මහින්දාගමනයත් සමග ලංකාව තුළ ඇතිවුන බෞද්ධ ප්‍රබෝධය හේතුවෙන් ගොඩනැගුණු අධ්‍යාපන රටාව තුළ විෂයමාලාව එවකට පැවති ශාස්ත්‍රීය, ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් නිර්මාණය සඳහා රුකුලක් විය. මෙහිදි විෂමාලාව  ගුරු ගෙදර  පන්සල  පිරිවෙන  වෘත්තීය ආදී වශයෙන් කොටස් කර දැක්විමට පුළුවන. ගුරුගෙදර විෂයමාලාව තුළ මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරා ලීය. මෙම විෂයමාලාව සරල එකක් විය. එමෙන්ම ගුරුගෙදර ප්‍රධාන විෂයමාලාව ද විය. ගණිතය ඉගැන්වීම පිළිබඳ සාක්ෂි නොමැතත් කියවිම, ලිවිම, වැනි ඉගැන්වීම් කටයුතු අඩංගු වී තිබේ. මෙහිදී පිල්ලම් ඉගැන්වීම සඳහා අක්ෂර 560 ක් භාවිතා කළ බවට සාක්ෂි ඇත. අකුරු හදුන්වා‍දිමෙන්හඳුන්වාදීමෙන් පසු නම් පොත, මගුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් ‍කවි පොත, ආදී කෘති වලට අමතරව බුද්ධ ගජ්ජය, සකස් කඩය කියවීම වැනි අභ්‍යාස මගින් උච්චාරණය පිළිබඳ මනා දැනුමක් ලබා දීමට කටයුතු කරනකර ඇත.මීට අමතරව කඩු ශිල්ප, දුනු ශිල්ප, ආදි ශිල්පීය කුසලතා වර්ධනය සඳහාද අවස්ථව උදාකර දුන් බවට සාක්ෂි පවති. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපන අවස්ථාව ආරම්භ කිරීම පන්සලෙන් සිදු විය. ධර්ම විනය හා පාලී භාෂාව ඉගැන්විම පන්සල ආශ්‍රිත පිරිවෙණ් වලදී සිදු විය. මෙම විෂයමාලාව ක්‍රියාත්මක කරන්නේ මූලික අධ්‍යාපනය ගුරුගෙදරින් ලබා පැමිණෙන බැවිනි. මෙහිදී ගිහි පැවිදි දෙපිරිසටම අධ්‍යාපනය ලබා දිමට කටයුතු සලස්වන ලදි. සිංහල හා පාලී වශයෙන් විෂය මාලාව දෙ‍කොටසකට වෙන් කරන ලද අතර පාලි විෂයමාලාව

  • නාම පද වරනැගීම
  • සමාන පද තේරුම් කිරීම
  • ව්‍යාකරණ ඉගැන්වීම
  • පාලි නාම වරනැගිල්ල
  • පාලි නිඝණ්ඩුව
  • බාලවහැරය ලෙසට නැවතත් කොටස් කෙරිණ.

මීට අමතරව සාමනේර භික්ෂූන්ගේ ශික්ෂණයට අදාළ වූ සාමනේර ශික්ෂා නම් ග්‍රන්ථයද එහි සිංහල අනුවාදනය ද යොදා ගෙන ඇත. පොත පතින් බැහැර වූ විෂය බාහිර ක්‍රියා කාරකම් සඳහා පොහෝ දින බණ ඇසීම, බණ කීම, එදිනෙදා වත්පිළිවෙත් කිරිම දක්නට ලැබුනි. තවද මහ‍පිරිවෙන් වල (අභයගිරිය, මහා විහාරය) ව්‍යාවකරණ, සාහිත්‍යය අංක ගණිතය, ජන්ද ශාස්ත්‍රිමය, නාට්‍ය කලාව, වෛද්‍යවිද්‍යාව වැනි විෂයන් භාවිතා කර ඇති බව සිතිය හැකිය. ගිහි පැවදි ශිෂ්‍යයන් ට අමතරව ‍විදේශිකයන් ද මෙම විෂයමාලාව හදාරා ඇත.

විෂය මාලාව තුල කාන්තා නියෝජනය පිළිබද මහින්දාගමනයට පෙර වැඩි අවධානයකින් යුතුව සිදු වූ බවට ප්‍රබල සාක්ෂි නොමැත. එහෙත් මහින්දාගමනයෙන් ටික කලකට පසු සඟමිත් තෙරණිය ලංකාවට වැඩම කිරීමත් සමඟම කාන්තාවට ද මෙම අවස්ථාව උදාකර ගැනීමට හැකිවිය. තත්ත්වය එසේ නමුදු මෙහිදී මෙහෙණි සසුනට ඇතළු වන කාන්තාවන්ට පමණක් අධ්‍යාපන අවස්ථාව හිමි වු අතර ගිහි කාන්තාවන් සඳහා අවස්ථාව විරල විය. විෂය මාලාවේ සාරාංශය මෙසේ විග්‍රහ කිරීමට හැකිවේ.  විධිමත් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බෞද්ධාගමික පදනමකින් යුතුවිය. මෙය බොදු සමාජයක් බිහිකිරීමේ අවශ්‍ය තාවය මත ගොඩ නැගුනි.  අකුරු ලිවිමේ කියවීමේ හැකියාව ඇති කිරීමේ පදනම විය. මෙහිදී මුලික අවශ්‍යතා ලෙස බෙහෙත්වට්ටෝරුවක් කියවීම, තල්පතක පණිවිඩයක් යැවීම දැක්වීමට හැකිය.  පිරිවෙන් අධ්‍යාපනය තුලින් භික්ෂූන් වහන්සේගේ ධර්ම විනය ප්‍රගුණ කිරීම බෞද්ධ අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය බණ කීම පුණ්‍යානුමෝදනා කිරීම, සෙත් පිරිත් කීම වැනි අවශ්‍යතා සපිරීම ද අවශ්‍යතාවයක් විය.  එවක සමාජයේ පැවති අවශ්‍යතා අතර වූ ජොතිශ ශාස්ත්‍රය, වෛද්‍යවිද්‍යාව ආදී ක්ෂේත්‍ර වල කටයුතු ද වැඩවසම් ක්‍රමය තුළ වු වෘත්තීය පුහුණු අවශ්‍යතාවයන් ද ඉටු කිරීම සිදු විය.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මුල්ම යුගයේදි ගුරු ගෙදර ආශ්‍රිතව දක්නට ලැබුනි. නමුදු මහින්දාගමනයෙන් පසු ඇති වු ආගමික පිබිදීමත් සමඟ ගම හා බැඳුනු පන්සලෙන් ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය ආරම්භවිය. මෙහිදී ඉගෙනුම් කාර්යය පන්සලේ වැඩ සිටි භික්ෂුන් වහන්සේ විසින් සිදුකරනු ලැබීය. ධර්ම දේශනා, අනුශාසනා, දේශනා ආදිය මුලිකම අධ්‍යාපන ක්‍රමවේදයන් ලෙස යොදා ගනු ලැබීය. මෙහි බලාපොරොත්තුව වුයේ අකුරු ලිවිමේ හා කියවිමේ හැකියාව ලබා දිමයි. මෙය ගුරු ගෙදර ඉගැන්වීම් ක්‍රියාවලිය විය. අකුරු ලි‍විම සඳහා ‍‍වැලි පිල්ල සිසුන් සහ ගුරුවරයාද ප්‍රචලිත ඉගෙනුම් උපකරණයක් ලෙස භාවිත කෙ‍රින. කියවීමේ උපකරණ ලෙස පුස්කොල පොත් භාවිතා කළ ද එය ඉතා සීමිත ප්‍රමාණයෙන් විය. මීට අමතරව වනපොත් කිරීමේ ක්‍රමවේදය ද ඉතාමත් සුලභ කාරණයක් විය. මේවා මතක තබා ගැනීමේ පහසුව සඳහා තාලයකට ගැයීම වැනි ක්‍රමවේදයන් යොදාගන්නා ලදි.

පිරිවෙන් හා මහාපිරිවෙන් වලද ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රමවේදයන් ද මීට බොහෝ සෙයින් සමාන විය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමෙන් පසුව වුවද වනපොත් කිරීම දක්නට ලැබුනි. ධර්මය පමණක් නොව ඡන්දස්, අලංකාර, ව්‍යාකරණ, ආදිය ‍ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය වුයේ කටපාඩම් කිරීමයි.

මෙහිදි විශේෂයෙන් සඳහන් කල යුත්තේ පැරණි ප්‍රශස්ත ස්වදේශිය අධ්‍යාපන ක්‍රමයත් විෂයමාලාව ලෙස සලකනු නොලැබුවත් වෘත්තීය විෂයයන් ලෙස වැඩ වසම් කුල ක්‍රමය යටතේ පියාගෙන් පුතුට උරුම වූ විශේෂ වෘත්තීය කුසලතා රැසක් පැවති බවයි. පිළිම නෙලීම, වාරිකර්මාන්ත ඇත් දත් මුතු මැණික් කර්මාන්තය, රන් රිදී ආභරණ නිෂ්පාදනය ආදි කර්මාන්ත ඉතාමත් ඉහල තාක්ෂණික කුසලතාවයෙන් යුතුව ක්‍රියාත්මක වුවත් මේවා විෂයමාලාව තුල විධිමත්ව ඇතුලත් වූ බවක් නොපෙනේ. ගුරුගෙදර ගුරුවරයා වුයේ එහි ගෙහිමියා වේ. ඔ‍හුගේ දැනුම අත්දැකීම් පදනම් කරගෙන ඉගගෙනුම් ඉගැන්වීම් ක්‍රමය සංවිධානය කරන ලදි. මීට අමතරව පන්සලේ ගුරුවරයා වුයේ භික්ෂුන් වහන්සේය. පැවිදි වීමෙන් අනතුරුව ධර්මය ඉගෙනීමෙන් පසු ලද වියත් බවෙන් ලද පන්න‍රයෙන් ගුරුවර චරිතයට පණ පොවයි. මෙය පිරිවෙන් මහ පිරිවෙන් බවට පත් කිරීමට තරම් සුදුසු කමකි. මෙසේ මහ පිරිවෙන් වල වාසය කළ නායක ස්වාමීන් වහනසේලා ගේ දක්ෂතාවය මත එම ආයතන මහත් කිර්තියක් උසුලන්නට විය.

සසුනේ පැවිදිව එකී වියත් භික්ෂුන්ගෙන් අධ්‍යාපනය හදාරමින් එකී සෙවනේ මහණ දම් පිරීමෙන්ම තවත් වියත් භික්ෂූන් රැසක් බිහි වී ඇති බවට අතීතය අපට සාක්ෂි දේ. මේ නිසා දක්ෂ භික්ෂූන් එවැනි මහා පිරිවෙන්හි අධ්‍යාපනය ලැබීමට යොමු කරන ලදි. එමෙන්ම ‍පන්සලේ පිරිවෙනේ හා මහා පිරිවෙන් වල ගුරු භික්ෂුන් පුහුණු කිරීමද මේ අතතුරම සිදු කරන ලදි. අධ්‍යාපනය හදාරණ භීක්ෂුන්ගේ ඇති සුවිශේෂීතා මත අනාගතයේදී ගුරු භීක්ෂුවක ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුනි.

ගුරුගෙදර මීට වෙනස් තත්වයක් විය. එනම් ගුරුගෙදර බොහෝ විට සිටියේ එම නිවසේ ගෙහිමි යා ගුරුවරයා ලෙසය. මෙම නිවස තුළ සියළු කටයුතු ගුරුතුමාගේ අනුදැනුම මත සිදු විය. එනම් මෙහි සමස්ථ සංවිධාන ව්‍යුහය මත රදා පැවතුනි. ඔහු විසින් සිසුන් ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීය. වැටුප් ලැබීමක් නොකරන ලද නමුදු සිසුන් විසින් දෙන ලද ගුරුපඬුරු භාරගන්නා ලදි. ගුරුගෙදර සියළුම පාලන කටයුතු ගුරුවරයාගේ අධීක්ෂනයෙන් සිදුවිය. මෙහිදි අධ්‍යාපන කටයුතු වලට අමතරව එදිනෙදා ගෙදර දොර වැඩ කටයුතුද විය. මේවා සිදුකිරීම මගින් තම ජීවිත කටයුතු පිළිවෙල කිරීම සදහා යොදා ගන්නා ලදි. මේ සංවිධාන ව්යිහය තුළ විධිමත් අවිධිමත් නොවිධිමත් අධ්යායපන ක්රාමවේදයන් පැවති බවට සාක්ෂියකි. තවද සිසුන් ගුරු ගෙදර නේවාසිකව සිටි බැවින් ඔවු‍නගේ සියළු පහසුකම් ගුරුගෙදරින් සපයන ලදි.

පන්සල සහ පිරිවෙණ, මහපිරිවෙණ තුළ ද්විතීයික හා උසස් අධ්යාිපන අවස්ථාවන් උදාකරගන්නා ලදි. මෙහි ඉගැන්වීම කරනු ලැබුවේ භික්ෂූන් විසිනි. මෙම පන්සල් පිරිවෙන් වලට රාජ්යා අනුග්රසහය නිරතුරුම ලැබුනේ රටේ ප්රනධානියාවු රජු තමන්ගේ යුතුකම් සහ වගකීමක් ලෙස සිතා කටයුතු කල බැවිනි. පිරිවෙණ් වලට අවශ්යේ ආහාර, ආවාස, සිවුරු පිරිකර ඇතුළු සියළුම දේ රාජ්යැ අනුග්රණහය යටතේ ලබා දුනි. පිරිවෙණේ පාලනය සිදු කරන ලද්දේ භික්ෂුන් විසිනි. මෙය විහාර පාලනයේම කොටසක් වූ අතර එතම් සංකීර්ණ නොවිය. ගිහි සිසුන් සදහා නේවාසික අවස්ථා විරල වු අතර පැවිදි සිසුන් නේවාසිකව සිටියහ. නේවාසිකයන්ගේ ඉදුම් හිටිම්, අහාර පාන සංවිධානය විශේෂ හිමිනමක් යටතේ සිදුවිය. මහා පිරිවෙණ් වල මෙකි සංවිධාන කටයුතු සංකීර්ණ වු බැවින් ඒ සඳහා විශේස වැඩ පිළිවෙලකට අනුව සිදුවිය. උදෑසන අවදිවීමේ සිට රාත්රීඳ නිද්ද දක්වා මේ සියල්ලම නියමිත කාල සටහනකට අනුව සිදු විය. මේ අයුරින් බලන කල ලංකාව තුළ මහින්දාගමනයත් සමග ඇති වු පිබිදිමත් සමග අධ්යාුපන ක්රකමය ලාංකිය ජන සමාජයට අවැසි පරිදි ගොඩනැගුණු බව කිව හැකිය. සාරධර්ම පිරි සමාජ රටාවක් තුළ කර්මාන්ත ආදිය සිදුකරමින් ස්ව්යං පෝෂිත අර්ථ රටාවක් පැවතුන බව කිවහැකි වේ.