Jump to content

මහා චිකාගෝ ගින්න

විකිපීඩියා වෙතින්
මහා චිකාගෝ ගින්න
ගින්න ඇතිවූ ආකාරය පිළිබඳව චිත්‍රශිල්පියෙකුගේ විදහා දැක්වීමක්, කරියර් ඇන්ඩ් අයිව්ස් වෙතින්; දෘෂ්ඨිපථය රැන්ඩෝල්ෆ් ස්ට්‍රීට් පාලම හරහා ඊසාන දිග දෙසට වෙයි
පිහිටුමචිකාගෝ, ඉලනෝයි
සංඛ්‍යාන
Costමිලියන $222 (ඇඩෝ 1871)[1]
(2018 වසරෙහිදී බිලියන $4.593)[2]
දිනය(න්)ඔක්තෝබර් 8, 1871 (1871-10-08) – ඔක්තෝබර් 10, 1871 (1871-10-10)
Burned area2,112 acre (8.55 km2)
හේතුවනොදනී
Buildings
destroyed
17,500 ගොඩනැගිලි
මියගියවුන්300 මිය ගියෝය (ඇස්තමේන්තු ගත)

මහා චිකාගෝ ගින්න යනු, 1871 ඔක්තොම්බර් 8-10 දක්වා ඇමරිකානු චිකාගෝ නගරය පිළිස්සූ මහා ගින්නකි. මෙම ගින්න හේතුවෙන් දළ වශයෙන් 300 දෙනෙක් මිය ගිය අතර, නගරයෙහි දළ වශයෙන් 3.3 square mile (9 km2) ප්‍රමාණයක් විනාශ කරමින්, වැසියන් 100,000 වැඩි දෙනෙක් නිවාස අහිමි බවට පත් කෙරිණි.[3] නගර මධ්‍යයෙන් නිරිත දිග දෙසට වන වටපිටාවෙහි ගින්න ඇරඹිණි. උණුසුම්, වියළි, සුළං සහිත තත්ත්වයන් දිගු කාලසීමාවක් තුල පැවතීම සහ, නගරය තුල ව්‍යාප්තව පැවති දැවමය ගොඩනැගීම් යන දේ මහා ගින්න ඇති වීමට උපකාරී වූහ. චිකාගෝ ගංගාවෙහි දකුණු අතු ගංගාව මතින් පිම්මක් පැන්න ගින්න මධ්‍යම චිකාගෝහී බොහෝ ප්‍රදේශයක් විනාශ කල අතර, ඉන්පසු ගංගාවෙහි ප්‍රධාන අතු ගංගාව මතින් පිම්ම පැන උතුරු දිග ප්‍රදේශය ගොදුරු කර ගති.

ගින්නෙන් පසුව ඈත සහ මෑත ප්‍රදේශ වලින් ආධාර ගලා ඒමට පටන් ගති. අනාගත ගිනි ගැනීම් විගසින් ව්‍යාප්තව යෑම වැලැක්වීම සඳහා නගරයේ පාලනය විසින් ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳව වැඩි දියුණු කල නීති සංග්‍රහයන් පිළියෙල කළ අතර, මෙම ඉහළ මට්ටමෙහි ප්‍රමිතීන් අනුකූලව විගසින් යළි-ගොඩනැගීම් සිදු කෙරිණි. ගිනි ගැනීමට පෙර පැවැති, සාමාජිකත්වය සඳහා මුදල් අය කෙරුණු පෞද්ගලික පුස්තකාල වලට හාත්පසින් වෙනස්වූ, මුදල් අය නොකෙරෙන මහජන පුස්තකාල ක්‍රමයක් වූ චිකාගෝ මහජන පුස්තකාලය සංස්ථාපනය කිරීම පොළඹවනු ලැබුවේ, එක්සත් රාජධානිය විසින් ලබා දුන් ප්‍රදානයක් විසිනි.

සම්භවය

[සංස්කරණය]
'මහා ගින්න' ඇතිවීමට පෙර 1871 චිකාගෝ දිස්වුනු අයුරු

137 ඩිකෝවන් වීදිය යන ලිපිනයට පසු පසින් තිබූ පටු පාර යාබදව ඕලියරී පවුලට අයත්ව තුබූ කුඩා ගොවිපොල ගබඩාව ආශ්‍රිතව ඔක්තොම්බර් 8 දින ප.ව.  9:00ට පමණ මෙම ගින්න හටගත් බව ආරංචි පැතිර ගියේය.


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. Miller, Donald (1996). City of the Century: The Epic of Chicago and the Making of America. New York: Simon & Schuster. ISBN 978-0684831381.
  2. "$222,000,000 ඉන් 1871 → 2018 | Inflation Calculator".
  3. රේෆීල්ඩ්, ජෝ ඈන් (1997). "ට්‍රැජඩි ඉන් ද චිකාගෝ ෆයර් ඇන්ඩ් ට්‍රයම්ප් ඉන් ද ආකිටෙක්චරල් රෙස්පොන්ස් (චිකාගෝ ගින්නෙහි ඛේදවාචකය සහ ගෘහ නිර්මාණාත්මක ප්‍රතිචාරයෙහි විශිෂ්ට මස්තකප්‍රාප්තිය)". ඉලනෝයි හිස්ට්‍රි ටීචර්. සම්ප්‍රවේශය සැප්තැම්බර් 25, 2018 via ඉලනෝයි පීරියොඩිකල්ස් ඔන්ලයින්.
"https://si.wikipedia.org/w/index.php?title=මහා_චිකාගෝ_ගින්න&oldid=442125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි