මහා අවපාතය

විකිපීඩියා වෙතින්
1910 සිට 1960 දක්වා එක්සත් ජනපදයෙහි සේවා වියුක්ති අනුපාතිකය (විරැකියා අනුපාතය) දැක්වෙන ප්‍රස්තාරයක්. මහා අවපාත කාල සීමාව නිල් පැහැයෙන් දක්වා ඇත.

මහා අවපාතය යනු 1930 දශකයේ එක්සත් ජනපදයෙන් ආරම්භ වී ලෝකය පුරා පැතිර ගිය ගෝලීය ආර්ථික අවපාතයකි. බොහෝ රටවල 1929 දී ආරම්භ වූ මෙය 1930 දශකයේ අවසානය තෙක් පැවතුනි.[1] මෙය 20 වෙනි ශතවර්ෂයේ ඇතිවූ දීර්ඝතම සහ වඩාත් පුළුල්වම පැතිර ගිය ආර්ථික අවපාතය විය.[2] ගෝලීය ආර්ථිකය කොතරම් දරුණු ලෙස පරිහානියට පත් විය හැකිද යන්නට උදාහරණයක් ලෙස මහා අවපාතය දැක් විය හැක.[3]

1929 සැප්තැම්බර් 4 වැනිදා එක්සත් ජනපදයේ කොටස් වෙළඳපොලෙහි කොටස් මිල ශීඝ්‍රයෙන් අඩු වීම මහා අවපාතයෙහි ආරම්භය යැයි සැළකේ. 1929 ඔක්තොම්බර් 29 වැනිදා කොටස් වෙළඳපොල කඩාවැටීමත් සමග (මෙය Black Tuesday නොහොත් "කලු අඟහරුවාදා" ලෙස හැඳින්වේ) මෙය ලොව පුරා ප්‍රවෘත්තියක් බවට පත් විය. 1929 සහ 1932 අතර කාලයේදී ලොව පුරා දළ දේශීය නිෂ්පාදිතය (GDP) 15% කින් පමණ පහත වැටුණි. ඇතැම් ආර්ථිකයන් 1930 දශකයේ මැද භාගය වනවිට ප්‍රකෘති තත්වයට පත් වෙමින් තිබුනද, බොහෝ රටවල මහා අවපාතයෙහි ඍණාත්මක බලපෑම් දෙවන ලෝක යුද්ධය ආරම්භ වනතෙක්ම පැවතුණි.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. John A. Garraty, The Great Depression (1986)
  2. Charles Duhigg, "Depression, You Say? Check Those Safety Nets", ද නිව් යෝක් ටයිම්ස්, 2008 මාර්තු 23.
  3. Barry Eichengreen, Hall of Mirrors: The Great Depression, The Great Recession, and the Uses-and Misuses-of History (2014)
  4. Garraty, Great Depression (1986) ch1
"https://si.wikipedia.org/w/index.php?title=මහා_අවපාතය&oldid=491792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි