මහායාන බුදු දහමේ වර්ධනය
පින්තූරය - තුෂාරණ අධිරාජ්‍ය කණිෂ්ක රජු සමයේ බුදුන් වහන්සේගේ පිළිම සහිත කාසියක්
1 වන සියවසේ මහායාන බුදුදහමේ නැග්ම වයඹ දිග ඉන්දියාවේ සිදු වු සංකීර්ණ දේශපාලනික වෙනස්වීම සමග සිදුවිය. ඉන්දු ග්‍රීක රාජධානි ක්‍රමයෙන් පරිහානියට පත් වු අතර එහි සංස්කෘතික ලක්ෂණ ඉන්දු - ස්ක්තියානු හා තුෂාර අධිරාජයයේ ආරම්භක යුසි (Yuezhi) විසින් අවශෝෂණය කරගන්නා ලදී.
තුෂාණයන් බුදුදහමට අනුග්‍රහය දැක්වු අතර ක්‍රි.ව. 100 දී කාශ්මීරය ජලන්දාර් නුවර කණිෂ්ක අධිරාජ්‍යායගේ අනුග්‍රහයෙන් 4 වන ධර්ම සංඝායනාව පැවැත්විනි. මෙය මාහායාන බුදුදහම නිල වශයෙන් වර්ධනය හා එය තේරවාදයෙන් වෙන්විම සනිටුහන් කරයි. තේරවාද බුදුදහම මෙම සංඝායනාවේ සත්‍යයතාව නොපිළිගත් අතර එය සමහර අවස්ථාවලදී මිසදිටු භික්ෂුන්ගේ සංඝායනාව ලෙස හැදින්විය.
බුදුරජාණන්වහන්සේ දෙවියෙකුගේ තත්ත්වයෙන් තබා වැදුම් පිදුම්කරන නව බුදුදමහක් බිහිවු අතර එහිදි සියළු සත්වයන් තුළ බුද්ධ ස්වරෑපය පවතින බැවින් බුද්ධත්වයට පත්විය හැකිය යන අදහස අඩංගු විය.