මහජන කොටස් ආරම්භක නිකුතුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහජන කොටස් නිකුතුවක් (Initial Public Offering) යනු සමාගමක් විසින් පළමු වතාවට සමාගම් කොටස් මහජනතාව වෙත නිකුත් කිරීමයි. බොහෝ විට ව්‍යාපාර වලට ප්‍රාග්ධනය අවශ්‍යව සිටින නැත්නම් සමගම ව්‍යාප්ත කිරීමට කැමති සමාගම් විසින් මෙවන් කොටස් නිකුතු අරබන අතර සමහර විට පොදු සමාගම් බවට පත්වීමට රිසි විශාල සමාගම්ද මෙවන් කොටස් නිකුත් කිරීම් කරයි.

මහජන කොටස් නිකුතුවක් යනු අවදානම් සහිත ආයෝජනයකි. ආයෝජකයාට කොටස් අනාගතයේ කෙසේ මිල ඉහල පහල යාම් වලට ලක් වෙයිද යන්න අනුමාන කිරීමට වන අතර , පැරණි කොටස් මිලට ගැනීමේදී මෙන් අතීත දත්ත පාවිච්චියට ගැනීමට නොහැක.

සාමාන්‍ය භාවිතාව අනුව ව්‍යාපාරයක් සිය කොටස්වලින් 20% - 30% අතර මහජනයා වෙත නිකුත් කිරීම සිදුකරයි.

ගොනුව:Ipooffer.jpg
මහජන කොටස් නිකුතුව

මහජන කොටස් නිකුතුවක් සිදුකරන්නේ ඇයි[සංස්කරණය කරන්න]

බොහොමයක් සමාගම් මහජනයාට කොටස් නිකුත් කිරීමට හේතු කිහිපයක් අපට හඳුනාගත හැක.

  1. ප්‍රාග්ධනය වැඩිකරගැනීම උදෙසා - ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම හෝ ව්‍යාපාරය විසින් ලබාගත් ණය පියවාගැනීම පිණිස
  2. වෙනත් සමාගම්වල අයිතිකාරත්වය ලබාගැනීම සඳහා. - බොහොමයක් පෞද්ගලික සමාගම්වල කොටස් වැඩි මිලක් රහිත වන අතර වෙනත් සමාගම් කොටස් නිකුතුවන් ඔස්සේ අයිතිකරගැනීමේ හැකියාව මගින් වඩාන් විශ්වාසනීය ලෙස ගනුදෙනු කිරීම මග පෑදීම සිදුවේ. එමගින් ණය ලබාගැනීම සහ ණය ගනුදෙනු කිරීම පහසු වේ.
  3. සේවක ප්‍රතිලාභ ලබාදීමට - සමහර ආයතන මගින් සේවකයක් උදෙසා ඔවුන්ගේ කොටස් නිකුතුවෙන් කොටස් ලබාදීම සිදුකරයි. එමගින් සේවකයාහට අමතර ආදායමක් සහ වත්කමක් හිමිවේ.
  4. සමාගම් ප්‍රසිද්ධිය වැඩිකිරීමට - යම් රටක් තුල ප්‍රචලිත නොමැති කර්මාන්තයක් රට තුල ප්‍රචලිත කිරීම උදෙසා මහජන කොටස් නිකුතුවක් කිරීම සිදුකල හැක එමගින් නව ආයෝජකයින්, ගනුදෙනුකරුවන් හා නව හිමිකාරත්වයන් ලබාගැනීමේ හැකියාව පවතී.

සමහර අවස්ථාවල නෛතික රාමුවක් යටතේ මෙම ව්‍යාපාර කොටස් නිකුත් කිරීම සිදුවේ. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ කොටස්කරුවන් 500 නීතිය භාවිත කරමින් කොටස්කරුවන් 500කට වඩා සිටින පෞද්ගලික සමාගම්වල මූල්‍ය වාර්තා මහජනයාට නිකුත්කිරීම සිදු කෙරේ. මෙය ප්‍රසිද්ද ගූගල් ආයතනය සිය කොටස් නිකුත් කිරීමට මූලික හේතුව ලෙස දැක්විය හැක.

සමාගම් සඳහා මහජන කොටස් නිකුත් කල නොහැකි/ උවමනාවක් නොමැති අවස්ථා.[සංස්කරණය කරන්න]

මහජන කොටස් නිකුතුවක් සමාගමක් විසින් සිදු නොකරන අවස්ථා කිහිපයක් හඳුනාගත හැක.

  1. පොදු සමාගමක් වීමේදී කාර්තුවකට වරක් සමාගමේ ආදායම් විස්තර කොටස් කරුවන්ට ලබාදීමට සිදුවේ. යම් සමාගමට එය සිදුකල නොහැකි නම් මහජන කොටස් නිකුතුවක් සිදුකල නොහැක.
  2. දැනටමත් ලාභ උපයන සමාගම්.
  3. කුඩා සමාගම් වලට මහජන කොටස් නිකුතුවක් සිදුකල නොහැක.
  4. නෛතික කරුණු සඳහා වැයවන වියදම සාපේක්ෂව ඉහලය.

සමාගමක් මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට තීරණය කිරීම[සංස්කරණය කරන්න]

බොහෝ අවස්ථාව වල අධ්‍යක්ෂ මණ්ඩලය හා ප්‍රධාන හවුල්කරුවක් මහජන කොටස් නිකුතුවක් නිකුත් කිරීම පිලිඹඳව තීරණය ගැනීම සිදුකරයි.

මහජන කොටස් නිකුත් කිරීමේ පිලිවෙත[සංස්කරණය කරන්න]

හඳුන්වා දීම (Pitch)[සංස්කරණය කරන්න]

බොහෝ අවස්ථාවල බැංකුකරුවන් විසින් සමාගම සමග පවත්වා ගන්නා ලබන සම්බන්ධතාවල ප්‍රතිළුලයක් වශයෙන් සමාගමට මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට අවශ්‍ය වූ විට ඔවුන් විසින් ඒ පිලිඹඳ දැනුවත් කිරීම සිදුවේ. එසේත් නැතිනම් සමාගම විසින් බැංකුකරුවන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදේ. මේ සඳහා බැංකුව විසින් කලින් සිදුකර ඇති මහජන කොටස් නිකුතුවන් පිලිඹඳ විස්තර හැදෑරීම සිදුවන අතර අවසානයේ සාමාන්‍යයෙන් කොටස් නිකුතුව සඳහා බැංකු එකක් හෝ දෙකක් සඳහා තෝරාගනී.

ආරම්භක සමුළුව[සංස්කරණය කරන්න]

මහජන කොටස් නිකුතුවට අදාල සියළු පාර්ශව - කලමණාකාරීත්වය, විගණන, ගණකාධිකාරවරු, බැංකු, නිතී උපදේශකවරුන් මෙම සමුළුව සඳහා සහභාගී වේ. මෙහිදී කොටස් නිකුතුව, අයදුම් කිරීමේ ක්‍රමවේදය, වගකිවයුතු පාර්ශව සහ කාලසීමාවන් පිලිඹඳ සාකච්ඡා කිරීම සිදුවේ. ආරම්භක සමුළුවට පසු බැංකු, ගණකාධිකාරවරු, සහ නීති උපදේශකවරුන් නැවතත් කොටස් නිකුතු ලියාපදිංචියේ නිවැරදිතාවය පිලිඹද සොයාබැලීම සිදුකරයි. මෙහිදී

  • ගනුදෙකරුවන් ආමන්ත්‍රණය
  • ව්‍යාපාර සමීක්ෂණය - ඉදිරි පියවර, ව්‍යාපාරයේ අනාගත භාවිතාව පිලිඹඳ විශේෂඥ අදහස්.
  • නීත්‍යනුකූල භාවය - නිතීඥයින් විසින් ව්‍යාපාරය විසින් සිදුකරන ලද ගනුදෙනු, ගිවිසුම්, ලියාපදිංචි කිරීම් යනාදියේ නිත්‍යානුකූල භාවය විමසීමක් සිදුකරයි.
  • මූල්‍ය වගකීම් - ගණකාධිකරුවන් විසින් ව්‍යාපාරයේ පැරණි මූල්‍ය ප්‍රකාශ, බදු සහතික ආදී මූල්‍ය කටයුතු වල නිරවද්‍යතාවය ගැන විමසීම සිදුකරයි.

[1]

ලියාපදිංචි කිරීම - විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව[සංස්කරණය කරන්න]

මේ සඳහා S-1 ලියාපදිංචිය සිදුකරයි. S-1 ලේඛනය තුල ව්‍යාපාරයේ පැරණි මූල්‍ය වාර්තා, කොටස් ප්‍රමාණය, කොටස් විකුණන පාර්ශව, ව්‍යාපාරය පිලිඹඳ විස්තර යනාදී කොටස් නිකුතුවට අදාල සියළු විස්තර ඇතුලත් වේ. S-1 ලේඛනය සමාගම විසින් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවට ලබාදේ. පසුව විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව දින 30කට පසු නැවත සමාගම ඇමතීම සිදුවේ. එහිදී වෙනස්කිරීම් අඩුපාඩු පෙන්වා දීම හෝ S-1 ලේඛනය අනුමත කිරීම සිදුකරයි. මෙය කොමිෂන් සභාවේ නීති උපදේශකයින් විසින් සිදුකරනු ලබන අතර අදාල අඩුපාඩු සම්පූර්ණ කිරීමෙන් පසුව S-1 ලේඛනය අනුමත කිරීම සිදුවේ. [2]

පූර්ව විකුණුම්කරය[සංස්කරණය කරන්න]

S-1 ලේඛනය ලබාදුන් පසු ව්‍යාපාරය විසින් එය පුනරීක්ෂණය කරනු ලබයි. එය පූර්ව කොටස් නිකුතු විශ්ලේෂකවරුන් විසින් සිදුකරනු ලබන අතර ඔවුන් විසින් බැංකුව සහ ව්‍යාපාරය කොටස් නිකුතුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකරයි.
විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව S-1 ලේඛනය අනුමත කල පසු බැංකුව විසින් ව්‍යාපාරයට අදාල red herring (පූර්ව සංස්ථා ප්‍රකාශය) නිකුත් කරනු ලබයි. සාමාන්‍යයෙන් සමාගම් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබෙන තෙක් මෙම ලේඛනය නිකුත් කිරීම සිදුනොකරන නමුත් එය නෛතිකව සඳහන් වන කරුණක් නොවේ. පූර්ව සංස්ථා ප්‍රකාශය යම් තරමකට S-1 ලේඛනයට සමාන වුවත් එය කොටස් විකිණීම පිලිඹඳ වඩාත් වැඩි විස්තර සහිතව නිර්මාණය කරනු ලබයි. ඊට අමතරව පූර්ව සංස්ථා ප්‍රකාශයේ කොටස් නිකුත් කරන මිල, බැංකු සඳහා ලබාදෙන වටිටම්/ කොමිස්, විකුණුම් පාර්ශව සඳහා ලබාදෙන වට්ටම්/ කොමිස්, යනාදී විස්තරද ඇතුලත් වේ.
පූර්ව සංස්ථා ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පූර්ව ප්‍රචාරණය ඇරඹෙන අතර එය සති දෙකක කාලයක් තුලදී අවසන් වේ. ඉන්පසුව පර්යේෂණ විශ්ලේෂකවරුන් (Research analysts) සංස්ථායික ආයෝජකවරුන් (institutional investors) අතර සාකච්ඡා සිදුවන අතර එමගින් ආයෝජකවරුන්ට සමාගම පිලිඹද විස්තර ලබාදීම සිදුවේ. එයින් ආයෝජකවරුන්ට සමාගම තුල ආයෝජනය කිරීම පිලිඹද තීරණය කිරීමට අවස්ථාව සැලසේ. එම සමාගතිය අවසානයේ බැංකුව විසින් නිකුතුව උදෙසා මිලක් තීරණය කිරීම සිදුකරයි. බැංකුව විසින් ආයෝජකයින් තෝරාගැනීම සඳහා පහත පියවර අනුගමනය කරයි.

  • තැරැකාර සමාගම්වල කොමිස් මුදල් - තැරැව්කාර සමාගම් වල වර්තමාන ස්ථාවරය
  • රුචිය සහ ඉතිහාසගත දත්ත - තැරැව්කාර සමාගම විසින් දැනට සිදුකරන කොටස් ගැනුම් විකුණුම් විස්තර
  • තැරැව්කාර සමාගම්වල අයකිරීම්

පූර්ව ප්‍රචාරණයට පසුව ආයෝජකයින්ගේ ප්‍රතිචාර අනුව බැංකුව විසින් S-1 ලේඛනය නව මිල පරාසය සමග වෙනස්කිරීම සිදුකරයි. [3]

එලිදැක්වීම[සංස්කරණය කරන්න]

කලමණාකාරීත්වය විසින් ආයෝජකයින් සොයායාම මූලිකව සිදුවේ. මෙය සති 1-2 අතර කාලයකදී සිදුවන අතර නව ආයෝජකයන් හමුවේ ඔවුන්ට සමාගම පිලිඹඳ විස්තර ලබාදී ඔවුනට සමාගම පිලිඹඳ උනන්දුවක් ඇතිකිරීම සිදුකරයි. එමගින් මෙම කාලය ඇතුලත සමාගමකට ඔවුන් නිකුත්කරන කොටස් ප්‍රමාණය පිලිඹඳ නැවත තීරණය කිරීමේ හැකියාව පවතී. නමුත් භාවිතාවේදී සමාගම් විසින් එලෙස සිදුනොකරන අතර එමගින් ඔවුන් කෙරෙහි ආයෝජකයින්ගේ ඇතිවන විශ්වාසය පලුදු වීමේ හැකියාවක් පවතී. [4]

මිල නියම කිරීම[සංස්කරණය කරන්න]

එලිදැක්වීම අවසාන වූ පසු ආයෝජකයින්ගෙන් ලැබුන ඇණවුම් සලකා බලා සමාගමේ කලමණාකාරීත්වය බැංකුව හා සමග එක්ව කොටසක අවසාන අගය තීරණය කිරීම සිදුකරයි. මෙහිදී ඇණවුම් ප්‍රමාණය අපේක්ෂිත ප්‍රමාණය වඩා වැඩිනම් සමාගම විසින් මිල ඉහල දැමීම සිදුකරයි. බොහෝ අවස්ථාවල සමාගම කොටස් මිල පහල අගයක පවත්වා ගනී. එවිට කොටස් ගනුදෙනුව අවස්ථාවේ කොටස් වල මිල ඉහල යාමේ ඉඩක් පවතින අතර එය කොටස් වෙලඳපොල අගයේ ඉහලයාමටද හේතුවක් වේ.[5]

පැවරීම[සංස්කරණය කරන්න]

මිල නියම කිරීම අවසන් වූ පසු ආයෝජකයින්ට කොටස් පැවරීම සිදුවේ. මෙහිදී ආයෝජකයින්ගේ පැටිකිරිය අනුව පැවරීම සිදුකරයි. [6]

ගැනුම් - විකුණුම්[සංස්කරණය කරන්න]

පැවරුමෙන් පසු කොටස් මහජනයා වෙත නිකුත් වේ. සාමාන්‍ය වශයෙන් කොටස් නිකුතුවකින් 3% - 7% වැනි ප්‍රමාණයක් බැංකුව විසින් අයකරගනී. එය සමාගමේ ප්‍රමාණය හා බැංකුව විසින් සිදුකරන ලබන කාර්යභාරය සමග වෙනස් විය හැක.

යොමුව[සංස්කරණය කරන්න]

--Ambarox (talk) 13:35, 10 අගෝස්තු 2015 (යූටීසී)

  1. http://www.mergersandinquisitions.com/initial-public-offering-process-ipo/
  2. http://money.howstuffworks.com/nasdaq-ipo1.htm
  3. http://www.mergersandinquisitions.com/initial-public-offering-process-ipo/
  4. http://money.howstuffworks.com/nasdaq-ipo1.htm
  5. http://www.mergersandinquisitions.com/initial-public-offering-process-ipo/
  6. http://www.mergersandinquisitions.com/initial-public-offering-process-ipo/