මවුල දිනය

විකිපීඩියා වෙතින්

මවුල දිනය යනු, රසායනඥයන් සහ රසායන විද්‍යා ශිෂ්‍යයන් විසින්, ඔක්තොම්බර් 23 දින පෙ.ව. 6:02 සිට ප.ව. 6:02 දක්වා සැමරෙන නිලනොලත් නිවාඩු දිනයක් වන අතර,[1][2][3] දින ලිවීමේ ඇමරිකානු ක්‍රමය පරිදී එම දිනය 6:02 10/23 ලෙසින් ලියති. මෙම වේලාව සහ දිනය ව්‍යුත්පන්න කර ඇත්තේ, ද්‍රව්‍යය එක් මවුලයක ඇති අංශූන් (පරමාණු හෝ අණු) සංඛ්‍යාව වශයෙන් අර්ථ දක්වා ඇති හා, දළ වශයෙන් 6.02×1023 වන්නාවූ, එස්අයි පදනම් ඒකක හතෙන් එකක් වන ඇවගාඩ්රෝ සංඛ්‍යාව වෙතිනි.

1980 ගණන් වල මුල් භාගයේදී ද සයනස් ටීචර් යන්නෙහි පළවූ ලිපියක් වෙතින් මවුල දිනයෙහි සම්භවය ඇති විය. [4] මෙම ලිපියෙන් පෙළඹුනු, දැනට විශ්‍රාමලත් උසස් පාඨශාලා රසායන විද්‍යා ගුරුවරයෙක් වන, ප්‍රෙයරි ඩු ෂන්, විස්කොන්සින් හි ජීවත් වන මොරිස් ඕලර් විසින්, 1991 මැයි 15 දිනදී ජාතික මවුල දින පදනම (NMDF) පිහිටුවන ලදි.[4]

එක්සත් ජනපදයෙහි, දකුණු අප්‍රිකාවෙහි, ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ බොහෝ උසස් පාඨශාලාවන්හීදී මවුල දිනය සමරනු ලබන්නේ රසායන විද්‍යාව කෙරෙහි කැමැත්තක් ශිෂ්‍යයන් තුල ඇතිකිරීම සඳහා වන අතර, රසායන විද්‍යාව හෝ මවුල ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් එදිනදී සිදු කෙරෙති.

තේමා[සංස්කරණය]

වසර තේමාව[5]
1991 ද මෝල් ද මෙරියර්
(The Mole The Merrier)
1992 ගෝ ෆො ද මෝල්
(Go For The Mole)
1993 මෝල් අවුට් ද බැරල්
(Mole Out The Barrel)
1994 ඇන් ඒස් ඉන් ද මෝල්
(An Ace in The Mole)
1995 මොලෙඩි ග්‍රාස්
(Moledi Gras)
1996 මෝල්මෝරියල් ඩේ
(Molemorial Day)
1997 වී ඩිග් කෙමිස්ට්‍රි
(We Dig Chemistry)
1998 රයිඩ් ද මෝලකෝස්ටර්
(Ride the Molercoaster)
1999 ඉට්ස් අ මෝල් වර්ල්ඩ්
(It's A MOLE World)
2000 සෙලිබ්‍රේට් ද මොලේනියම්
(Celebrate the Molennium)
2001 මෝලර් ඕඩිසි
(Molar Odyssey)
2002 මෝලර් රිෆ්ලෙක්ෂන්ස්
(Molar Reflections)
2003 රොක් ඇන් මෝල්
(Rock "n" Mole)
2004 පයි අ ලා මෝල්
(Pi a la MOLE)
2005 මෝල්ස් ගෝ රවුන්ඩ්
(Moles-Go-Round)
2006 මෝල් මෑඩ්නස්
(Mole Madness)
2007 සීක්‍රට් ඒජන්ට් ඩබල් මෝල් සෙවන් ඉන් මෝල්ස් ආ ෆොරෙවර්
(Secret Agent Double Mole Seven in Moles are Forever)
2008 රිමේම්බර් ද ඇලමෝල්
(Remember the Alamole)
2009 මෝලාර් එක්ස්ප්‍රස්
(Molar Express)
2010 මෝල්ස් ඔෆ් ද කැරිබියන්
(Moles of the Caribbean)
2011 මෝල්ස් ඔෆ් ද රවුන්ඩ් ටේබල්
(Moles of the Round Table)
2012 මෝලාර් ඉක්ලිප්ස්
(Molar Eclipse)
2013 ඇනිමෝල් කිංඩම්
(Animole Kingdom)

විකල්ප සැමරුම්[සංස්කරණය]

  • සමහර පාසැල් විසින් ඔක්තොම්බර් 23 අවට "මවුල සතියක්" සමරනු ලැබේ.[6]
  • ඇමරිකානු රසායන විද්‍යා සමිතිය විසින්, ජාතික රසායන විද්‍යා සතිය සඳහා අනුග්‍රාහකත්වය සපයන අතර,[2]එය ලෙසින් සැලකෙන්නේ 23 වන දින අඩංගු වන හා ඉරිදා දිනයකින් ඇරඹී සෙනසුරාදා දිනයකින් කෙළවර වන සතියයි. මෙය නිසා ජාතික රසායන විද්‍යා සතිය තුල මවුල දිනය අනුකල කොටසක් බවට පත් වෙයි.

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. දිස් වීක් ඉන් කෙමිකල් හිස්ට්‍රි, ඇමරිකානු රසායන විද්‍යා සමිතිය, සම්ප්‍රවේශය 2010-02-14
  2. 2.0 2.1 "නැෂනල් කෙමිස්ට්‍රි වීක් සෙලිබ්‍රේට්ස් 20 ඉයර්ස්", කෙමිකල් ඇන්ඩ් ඉංජිනියරිං නිවුස්, vol. 85, no. 51, දෙසැම්බර් 17, 2007, සම්ප්‍රවේශය 2010-02-14
  3. "කෙමිස්ට්‍රි ඉන් ද ස්පොට්ලයිට්", කෙමිකල් ඇන්ඩ් ඉංජිනියරිං නිවුස්, vol. 88, no. 50, දෙසැම්බර් 13, 2010, සම්ප්‍රවේශය 2010-02-14
  4. 4.0 4.1 "හිස්ට්‍රි ඔෆ් නැෂනල් මෝල් ඩේ ෆවුන්ඩේෂන්, ඉන්කෝපටෙර්ටඩ්". moleday.org.
  5. "නැෂනල් මෝල් ඩේ ෆවුන්ඩේෂන්, INC". Moleday.org. 2011-11-18. සම්ප්‍රවේශය 2012-10-23.
  6. "කෙමිකල් ක්ලබ් වින්ස් නැෂනල් රෙකග්නිෂන්)". සෙන්ට්‍රල් මිචිගන් ලයිෆ්. 27 සැප්තැම්බර් 2004. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 8, 2012.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මවුල_දිනය&oldid=354748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි