වත රතු මල් කොහා

විකිපීඩියා වෙතින්
(මල් කොහා වෙතින් යළි-යොමු කරන ලදි)
(වත රතු) මල් කොහා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Cuculiformes
කුලය: Cuculidae
ගණය: 'Phaenicophaeus'
විශේෂය: P. pyrrhocephalus
ද්වීපද නාමය
Phaenicophaeus pyrrhocephalus
(Pennant, 1769)
වත රතු මල් කොහා

පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්‍ෂියෙක් වන වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්‍ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය. උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වත රතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ. ශ්‍රී ලංකා‍වට පමණක් ආවේණික කුරුල්ලෝ


"https://si.wikipedia.org/w/index.php?title=වත_රතු_මල්_කොහා&oldid=451039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි