මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස්
Developer(s) | මයික්‍රොසොෆ්ට් |
---|---|
Stable release | 4.0.1108.0000 / ජනවාරි 11, 2011 |
Operating system | වින්ඩෝස් එක්ස්පී සර්විස් පැක් 3 හෝ පසු සංස්කරණ |
Development status | ක්‍රියාකාරී |
Type | ගණිතමය මෘදුකාංග |
License | නොමිලේදෙන |
Website | microsoft.com/en-pk/download/details.aspx?id=15702 |
'මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් (පෙර මයික්‍රොසොෆ්ට් මැත්) යනු පරිශීලකයන් හට ගණිත හා විද්‍යාත්මක ගැටළු විසඳීමට ඉඩ ලබා දෙන, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වෙනුවෙන් නිර්මාණය කළ, නොමිලේ බාගත කළ හැකි අධ්‍යාපනික වැඩසටහනකි. මයික්‍රොසොෆ්ට් විසින් සංවර්ධන කළ හා නඩත්තු කරන මෙය අධ්‍යාපනික මෙවලමක් ලෙස මූලිකවම සිසුන් වෙනුවෙන් සාදා ඇත.[1]
මීට අදාළ සමාන ක්රියාකාරීත්වයක් ඇති නොමිලේ දෙන සංකලනයක් මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් එඩ්-ඉන් ෆොර් වර්ඩ් ඇන්ඩ් වන් නෝට් ලෙස මයික්‍රොසොෆ්ට් වෙතින් ලබා දේ (වර්ඩ් 2007 හෝ ඉහළ සංස්කරණයක් අවශ්‍යය).[2][3]
ටෙක් ඇන්ඩ් ලර්නිං මැගසින් වෙතින් 2008 දී මයික්‍රොසොෆ්ට් මැත් වෙත විශිෂ්ඨතා සම්මානයක් පිළි ගන්වන ලදි.[4]
පහසුකම්
[සංස්කරණය]මයික්‍රොසොෆ්ට් මැත් සතුව ගණිතමය, විද්‍යාත්මක හා තාක්ෂණයට අදාළ ගැටළු විසඳීමට සහය දෙන මෙන්ම පරිශීලකයන්ට අධ්‍යාපනය ලබා දීමට විවිධ අංග ඇත. ප්‍රස්ථාර ගණක යන්ත්‍රය හා ඒකක පරිවර්ථකය වැනි අංග මෙම යෙදවුම ලබා දේ. ඊට අමතරව එහි ඇති ත්‍රිකෝණ විසඳනය හා සමීකරණ විසඳනය සැම ප්‍රශ්නයටම පියවරෙන් පියවර විසඳුම් ලබාදේ.
මයික්‍රොසොෆ්ට් මැත් 3.0 ස්ථායී සංස්කරණය කලනය හා අත් අකුරු හඳුනාගැනීමට ද සහය දැක්වීම නිසා පරිශීලකයන්ට අතින් ගැටලු ලිවිය හකි අතර මයික්‍රොසොෆ්ට් මැත් ඒවා හඳුනා ගනී.
සංස්කරණ
[සංස්කරණය]- මයික්‍රොසොෆ්ට් මැත් 1.0 – 2006 දී මයික්‍රොසොෆ්ට් ස්ටුඩන්ට් හි පමණක් භාවිතවිය.
- මයික්‍රොසොෆ්ට් මැත් 2.0 – 2007 දී මයික්‍රොසොෆ්ට් ස්ටුඩන්ට් හි පමණක් භාවිතවිය.
- මයික්‍රොසොෆ්ට් මැත් 3.0 – අංග සම්පූර්ණ සංස්කරණය තනිව මිලදී ගත හැකි විය. එන්කාටා කැල්කියුලේටර් නම් අගයෙන් අඩු සංස්කරණයක් මයික්‍රොසොෆ්ට් ස්ටුඩන්ට් හි කොටසක් ලෙස තිබුනි. අංග සම්පූර්ණ සංස්කරණයට මූලිකව කලන හැකියාව, අංකිත තීන්ත (අත් අකුරු) හඳුනාගැනීමේ හැකියාව හා ප්‍රදර්ශක සඳහා විශේෂ දර්ශන අකාරක් වීය. මෙම ස්ථායී සංස්කරණය නිෂ්පාදන සක්‍රීය කිරීමක් සහිත පළමු මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් සංස්කරණය විය.[5]
- මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් 4.0 – මෙම සංස්කරණය නොමිලේ බාගතකළ හැකි ලෙස බිට්-32 හා බිට්-64 සංස්කරණය සහිතව 2011 ජනවාරි මස නිකුත් කරන ලදි.[6] එහි රිබන් අතුරු මුහුණතක් විය.
පද්ධති අවශ්‍යථා
[සංස්කරණය]මයික්‍රොසොෆ්ට් මැත් සඳහා පද්ධති අවශ්‍යථා:[7]
අවම අවශ්‍යථා | නිර්දේශිත අවශ්‍යථා | |
---|---|---|
සකසනය | පෙන්ටියම් 500 MHz හෝ සමාන | පෙන්ටියම් 1 GHz හෝ සමාන |
මෙහෙයුම් පද්ධතිය | ||
රැම් | 256 MB | 512 MB |
දෘඩ තැටිය | ||
චිත්‍රක | වීජීඒ හැකියාව ඇති 800 x 600 විභේදනයක් සහිත හෝ වඩා හොඳ වීඩියෝ කාඩ් එකක් | වීජීඒ හැකියාව ඇති 1024 x 768 විභේදනයක් සහිත හෝ වඩා හොඳ වීඩියෝ කාඩ් එකක් |
වෙනත් අවශ්‍යථා |
වින්ඩෝස් මොබයිල් ඇප්
[සංස්කරණය]2015 දී මයික්‍රොසොෆ්ට් වෙතින් මේ සන්නාමයෙන්ම මයික්‍රොසොෆ්ට් මැත් නමින් (මීට අමතරව නොකියා මොබයිල්-මැතමැටික්ස් හෝ නොකියා මොමැත් ලෙසද හැඳින්විය) වින්ඩෝස් මොබයිල් සඳහා ජංගම යෙදවුමක් පූර්ව මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් සමග සම්බන්ධයක් නොතිබූ දකුණු අප්‍රිකානු හා ටැන්සානියානු සිසුන් වෙනුවෙන්ම නිකුත් කරන ලදි.[8][9][10]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Sharma, Trishna (11 January 2011). "මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් 4.0 නිකුත් කරයි". TechGenie. 23 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 April 2017.
- ^ "බාගත කිරීමේ විස්තරය: වර්ඩ් හා වන් නෝට් සඳහා මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් සංකලනය". Microsoft Download Center. Microsoft Corporation. 17 October 2010. සම්ප්‍රවේශය 29 November 2010.
- ^ "නොමිලේ: වර්ඩ් හා වන් නෝට් සඳහා මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් සංකලනය නිකුත්විය". Microsoft New Zealand Education blog. Microsoft Corporation. 15 August 2010. සම්ප්‍රවේශය 29 November 2010.
- ^ "2008 වසරේ විශිෂ්ඨතා සම්මාන දිනූවන්". Tech & Learning Magazine. 3 January 2009. සම්ප්‍රවේශය 29 November 2010.
- ^ "ඔබේ මයික්‍රොසොෆ්ට් ක්‍රීඩා හා සිතියම් වැඩසටහන් සක්‍රීය කරගන්න (මතක් කිරීම 9.1)". Microsoft Support. Microsoft Corporation. 25 June 2010. සම්ප්‍රවේශය 29 November 2010.
- ^ "මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් 4.0 නොමිලේ බාගතකළ හැකි ලෙස නිකුත්විය". TechNet Blogs. Microsoft. 2011-01-12.
- ^ "මයික්‍රොසොෆ්ට් මැත්". Microsoft Learning Space. Microsoft Corporation. සම්ප්‍රවේශය 29 November 2010.
- ^ Mathematics, News for (5 January 2015). "Nokia Mobile-Mathematics: A solution for mathematic failure in Tanzania?". News for Mathematics.
- ^ Net, School (19 January 2015). "Microsoft Math". Schoolnet South Africa.
- ^ Al-Riyami, Fahad (17 February 2015). "Microsoft releases new app to make learning math exciting". WinBeta.