මත්ස්‍ය ප්‍රජනනය

විකිපීඩියා වෙතින්

මත්ස්‍ය ප්‍රජනන ඉන්ද්‍රියයන් අතරට වෘෂණ කෝෂ සහ ඩිම්බ කෝෂ යන්නද අයත් වෙති. බොහෝ විශේෂයන්හිදී, එකම තරමෙහි ඉන්ද්‍රියයන් යුගලයක් ලෙසින් ප්‍රජනනේන්ද්‍රියයන් පවතින අතර ඒවා පාර්ශවික වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් හෝ එකිනෙක හා වී තිබිය හැක.[1] ප්‍රජනන සූදානම ඉහළ නංවන ද්විතියික ඉන්ද්‍රියයන් මාලාවක්ද තිබිය හැකිය. සමහරක් මත්ස්‍යයන්ගේ ගුදය පිටුපසින් පිහිටන කුඩා, මාංසල නලයක් ලෙසින් ප්‍රජනක පිටිකාව පවතින අතර, එය වෙතින් ශුක්‍රාණු හෝ ඩිම්බ නිකුත් කෙරෙයි; උගේ පිටිකාවෙහි හැඩය අනුසාරයෙන්, මත්ස්‍යයයෙකුගේ ලිංගය තීරණය කල හැක.

ව්‍යුහ විද්‍යාව[සංස්කරණය]

වෘෂණ කෝෂ[සංස්කරණය]

බොහෝ පිරිමි මත්ස්‍යයන් තුල සමසම තරමෙහි වෘෂණ කෝෂ දෙකක් ඇත. මෝරුන්ගේ දකුණු පැත්තේ වෘෂණ කෝෂ අනෙක් පස ඒවාට වඩා සාමාන්‍ය වශයෙන් විශාල බවක් පෙන්නුම් කරයි. ප්‍රාක්තම හනුනැති මාළුවා සතුව, දේහයේ මධ්‍ය-රේඛාව ඔස්සේ පිහිටා ඇති එක් වෘෂණ කෝෂයක් ඇති නමුත්, මෙය පවා කළලයේ පවතින යුගල ව්‍යුහයක් එකට හා වීමෙන් සැදෙන්නක් වෙයි.[2]

සමහරක් ටෙලියොස්ට මත්ස්‍යයන්ගේ වෘෂණ කෝෂයන්, දැඩි සිවියක් වැනි කොපුවක් වන ටියුනිකා ඇල්බර්ජීනිය තුල පිහිටන අතර, බීජධර නාළිකා නමැති ඉතා සමීපයෙන් දඟර ගැසුණු නල වලින් ඒවා සමන්විත වෙයි. මෙම නාළිකා වල ආස්තරයක් ලෙසින් සෛල තට්ටුවක් (බීජාණු සෛල) පවතින අතර, යෞවනෝදයෙහි සිට මහළු විය දක්වා ඒවා ශුක්‍රාණු සෛල බවට වර්ධනය වෙති.

ප්‍රවර්ධනය වන ශුක්‍රාණු, බීජධර නාළිකා තුලින් ගමන් කොට වෘෂණ මධ්‍යවණ්ටනය වෙත පිහිටා ඇති වෘෂණ විතංසය වෙතටද, අපවාහී ප්‍රනාල වෙතටද ඉන්පසු, අළුතින් තැනෙන ශුක්‍රාණු සෛල පරිණත වන්නාවූ මුංචකය වෙතටද පැමිණෙයි ( ශුක්‍රාණුජනනය බලන්න).

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Guimaraes නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; VB නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=මත්ස්‍ය_ප්‍රජනනය&oldid=358015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි