මචිකෝ රහීම්

විකිපීඩියා වෙතින්
:මචිකෝ රහීම් 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල-2016 කාන්තා මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.

මචිකෝ සුහර්මි රහීම් (ඉංග්‍රීසි:Machiko Suharmee Raheem) (උපත 1996 ජනවාරි 13)[1] ජාත්‍යන්තර තරඟවලදී තම රට නියෝජනය කර ඇති ශ්‍රී ලාංකික පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩිකාවකි. ඇය කාන්තා අංශයෙන් 50m, 100m සහ 200m නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළාය. 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා 200m නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තාය.[2]

රහීම් සිය පිහිනුම් දිවියේ වාර්තා රැසක් බිඳ දමා ඇත. 2007 දී ඇය පෙන්ටත්ලෝන් පිහිනුම් ශූරතාවලියේදී වාර්තා තුනක් බිඳ දැමුවාය. (50m පසුපස ආර, 50m නිදහස් ආර 200m තනි මිශ්‍ර).[3] ඇය 100m, 200m, සහ 400m නිදහස් ආර සඳහා 2011 ශ්‍රී ලංකා ජාතික ජල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ජාතික වාර්තා පිහිටුවුවාය.[4] 2012 ජාතික පිහිනුම් ශූරතාවලියේදී ඇය නව ජාතික වාර්තා තුනක් පිහිටවූ අතර ඇය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලදී 200m නිදහස් ආර වාර්තාව අභිබවා ගියාය. එමෙන්ම නිදහස් ආර ජාතික වාර්තා පහම බිඳ දැමූ සහය පිහිනුම් කණ්ඩායමේ සිටී.[5] 2014 දී ඇය තවත් 200m වාර්තාවක්, ශ්‍රී ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ තැබුවාය.[6]

ඇය ආසියානු ජාත්‍යන්තර උසස් පාසලට ඇතුළත් වූ අතර පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්ව විද්යාලය වෙත යාමට පෙර මනෝජ් අබේසිංහ විසින් පුහුණු කරන ලදී.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. 1.0 1.1 "Machiko Raheem Bio - Women's Swimming". www.gopsusports.com. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "gopsusports" defined multiple times with different content
  2. "Matthew wins gold and sets new record; Machiko grabs silver". www.adaderana.lk. February 6, 2016.
  3. Maurice, Bruce (March 26, 2007). "Machiko Raheem shatters three records". Daily Mirror. Wijeya Newspapers Ltd. සම්ප්‍රවේශය 10 February 2016.[භින්න වූ සබැඳිය]
  4. "National Records established by "Killer Whales"". www.killerwhales.lk. 2016-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-02-10.
  5. Jayakody, Sajeewa (29 September 2012). "Twenty-one national records broken: Matthew, Kimiko usher new era in swimming". Daily News. The Associated Newspapers of Ceylon Ltd. සම්ප්‍රවේශය 10 February 2016.
  6. "Matthew and Machiko Set Up 200m Freestyle Records". The Sunday Observer. June 30, 2014. April 24, 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 February 2016.
"https://si.wikipedia.org/w/index.php?title=මචිකෝ_රහීම්&oldid=592780" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි