මක්කම විහාරය

විකිපීඩියා වෙතින්

http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03 සංරක්ෂණය කළ පිටපත 2011-11-05 at the Wayback Machine

ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ.

දැනට ලෝකයේ සම්මත වී ඇති ලෝක සිතියම් පළමුව නිර්මාණය කර ඇත්තේ ගී‍්‍රක් ජාතික ටොලම් විසිනි. ටොලමිගේ ලංකා සිතියමට ඇතුළත් කර ඇති ග්‍රාම නාම පිහිටි ස්ථාන අනුව මල්වතු ඔයත් කලාඔයත් අතර ප්‍රදේශය මරගන ලෙස සඳහන් කර තිබේ. ඉතිහාසයේ සඳහන් වන පරිදි ටොලමි ජීවත්ව සිටියේ ක්‍රි.ව. 140 කාලයේය. එදවස ලංකාවේ රජතුමා වූයේ ගජබා රජතුමාය යන්න ඉතිහාසයේ සඳහන් ය. ගජබා රජතුමා සොළී දේශයට පිහිනා ගියේ මෙම අසලින්ය. ඒ බව මෙසේ දැක්වේ.

මෙකල රජ කළ පවර ගජබා නිරිඳු මාවටුපුරෙන් සොළි ර ට
එකල සැටවස් පුරා ගෙන ගිය දොළොස් දහසක් දනන් සිර කො ට
අසා රැහැණිවැ ගදා ගෙනැ පසළොස්රියන් තුන්රියන් දිග ව ට
මුද පිනා උරතලෙයි ගෑ සඳුන් නොමකා ගොසින් එතර ට

ගජබා රජතුමා ගේ මාමා වූ මහල්ලකනාග රජතුමාගේ පුත්‍රයෙකි. කණිටඨතිස්ස රජතුමා මෙතුමා ක්‍රි.ව. 165 – 193 අතර කාලයේ වසර 28 ක් ලක් රජය කරවූ බව වංශකථා වළ සඳහන් ය. කණිටඨතිස්ස රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපියක මගනනකර (මගනනගර) යන්න සඳහන් ය. කලාඔය ආසන්නයේ ඇති ඔච්චාපුකල්ලුවේ කැලෑවට ගිය විහාරයක් කුඹ විහාරය ලෙස සඳහන් වන්නේ සෙල්ලිපියකය. එහි සඳහන් පුවතට අනුව හෙළි වන්නේ මගන නකරයෙහි වෙවල මිතියෙහි වූ චුදනක වැව කුඹ විහාරයට පූජා කර ඇති බවයි. ( “....... ටොලමිගේ සිතියමෙන් ද විල්පත්තුවේ ඔච්චාපුකල්ලුවේ ඇති කනිට්ඨතිස්සගේ (167 –186) ශිලාලිපියෙන් ද පැහැදිලි වනුයේ මගණ පිහිටා තිබුණේ බටහිර වෙරළෙහි මෝදරගම් ආරේ මෝය සමීපයේ බවය.....” (පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. 96 පිට) මෙහිම ඇති පැරණි සෙල්ලිපියකට අනුව මෙම ගල්ලෙන් විහාරය පළමුව කරවා ඇත්තේ කණරජතුමා ය. රඣ – කණශ - පුත – කණශ - ලෙණෙ – අගත- අනගත – චතුදිශ - ශගශ Rajha – Kanasa puta rajhaputa – Kanasa – lene agata – anagata – catudisa – sagasa (INSCRIPTION OF CEYLON. VOI:1:1 P.09.NO 111)කණරජතුමා යනු, බම.කුබ. (බම්බා, කුම්බා) Parumaka – Bama – puta – parumaka – Tisaha lene SagaSa No 130 යන රජවරු දෙදෙනාගේ පිය රජතුමා ය. කුම්බා රජතුමාගේ දියණිය අල්ලිරාණි හෙවත් වල්ලිකුමරිය ය. මැය සරණ පාවාගෙන සිටියේ ගිරිභද්‍ර සෙන්පතිතුමා ය. බුදුරදුන් කලාඔය දිගේ ගිරිබාවට වඩින විට බුදුරදුන්ට බාධා කළේ මොහු ය. ගෞතම බුදුරජාණන් වහන්සේ මොහුට විෂකුම්භ සූත්‍රය දේශනා කළේ ඉහත සඳහන් කළ කුඹ විහාරයේ දී ය. මෙය සඳහන් වන්නේ අප්‍රකට පුස්කොළ ග්‍රන්ථයක් වන යක්‍ෂ ගෝත්‍රිකයින්ගේ වරිගපූර්ණිකාවයෙහි ය. එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක් සිංහල පරිවර්තනය මෙසේ ය. “.......කලාඔයට ආසන්න විල්පත්තු (කඳුරු පදියම) කැලෑවේ පිහිටි වැලි වෙහෙර ද බුදුන්ගේ ශ්‍රී පාද පත්මයෙන් පවිත්‍ර වූ ස්ථානයකි. නර්මදා නදියේ වැලි තලාවක බුදුන්ගේ එක් සිරිපතුලක් පිහිටා ඇති බව (නම්මදාය නදියා පුලිනේචතීරේ) බෞද්ධයෝ විශ්වාස කරති. එය කවර ස්ථානයක පිහිටියක් ද යන්න මතභේදයකට තුඩු දී ඇත්තකි. බුදුන්ගේ වැඩම කිරීම වැළැක්වීම සඳහා ගිරිභද්‍ර සෙන්පතිතුමා විසින් යෙදූ හමුදාව අවි බිම තබා බුදුන්ගෙන් බණ ඇසූ ස්ථානය වැළි වෙහෙරයි. එනට ඒකරාශී වූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී පාද ලාංඡනයක් පිහිටුවා වදාළ බව ජනප්‍රවාදයෙහි එයි. ශ්‍රී පාද වන්දනාව ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වන්දනා ක්‍රමයක් වූ බැවින් එම ශුද්ධ භූමි සතරම ශ්‍රී ලංකාවේ පිහිටන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ ධූමක කද්දිර නම් යක්‍ෂ ගෝත්‍රික ජන පදයට වැඩම කිරීම අප්‍රකටව පැවතීම නිසා මේ වටිනා ස්ථාන පුරාවිද්‍යාවේ අවධානයට යොමු නොවීම කණගාටුවට කරුණකි......” (කර්තෘ ශාස්ත්‍රපති පණ්ඩිත මානෑවේ විමලරතන හිමි ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන මැදගම මහගල්කඩවල 2001/01/16 මුද්‍රණය)

පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්ම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

ගල් පර්වතය[සංස්කරණය]

උඩම උඩම උඩ මක්කම වැල්ලේ
වසින වසින වැසි ඒ ගල පල්ලේ

යැයි ඔන්චිලිවාරම් වලදී හෙළි වන්නේමක්කම ගල්ලෙන් විහාරයට අයත් ගල්පර්වතයයි. මෙම ගල් ලංදේසීන් විසින් කඩා කොටුව සෑදීමට ගන්නා ලදී. මෙම ගල් කුට්ටි 1891 දී ඉංගී‍්‍රසීන් විසින් කැමරා කර තිබේ.ඉංගී‍්‍රසීන් විසින් දමා ඇති නීති අනුව මෙම ඡායාරූප අපට නැවත ඡායාරූප ගත නොහැක. ආරක්‍ෂක හේතු මත කල්පිටිය නාවික හමුදා කඳවුර ඡායාරූප ගැනීමට නොහැක. විස්තර සඳහා බලන්න.THE PORTUGUESE CHAPEL IN THE KALPITIYA FORT N.& Q. XXX.I.IV 78, 1925. 162 –166 PERERA.FR.S.G DISCOVERING CEYLON. R.L.BROHIER (බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව 82 පිට අභය හේවාවසම් පරිවත්නය)


[සංස්කරණය]

තත්ත්වය මෙසේ වන විට කෝකිලයාට මුල්ගිරිගල තිලක පිරිවෙන් හිම විධානය කළ, බල මා මිතුරු සඳ ඇත්තාල මක්කම (කෝකිලය 202 ) යන සිව් පදයේ හතරවන පාදයට අයත් මක්කම අද අපිට අහිමි වී ඇත.

සක්වල ගල පිට යකු සිට තරග කරපි මුනි රජ               හට
යක්සෙන් තොපි විමන් දවමි කැපගනු බත්ගොටු හනි  කට
මක්කම සමනල සිරිපා තැබූ මුනිඳුගෙ පා                       දෙට
කස්සප මුනිඳුගෙ අන ලමි වරෙන් මෙරග සැණකෙළි   යට

ඉතිහාසයේ සැගව ඇති මක්කම විහාරය සහ කෛලාශකුට විහාරය යන විහාරයන් දෙක ලංකාවේ පෞරාණික විහාරයන් ය.

“මඩිගණාසිකො ඛුද්දතිස්සත්ථෙරො මහිද්ධිකො කෙලාසෙ සටඨිසහස්සානං දත්වාන පරිභුඤ්ජි තං”

කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන් වැඩ සිට මිනිසුන් මෝක්‍ෂයට මග පෙන් වූ තැන මොක්අම මක්කම විනැයි පාලි ඬරුක්තියක් ඇතැයි අපට පළමුව කීවේ, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, නාමලේඛක ධුරන්ධර මහොපාධ්‍යාය, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනහි ආචාර්ය, සාහිත්‍යාචාර්ය, භාෂාශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මාදිවෙල චන්දවිමල නා හිමියන් ය. උන්වහන්සේගේ ද දැනුම සහ අවවාද කැටි කොට මවිසින් මක්කම ලංකාවේ බව ඔප්පු කර ඇත. එම ග්‍රන්ථය නම් කළේ “දකුණු බුදුසිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි” යනුවෙනි. මෙම ග්‍රන්ථය මෙතෙක් විවේචනයකට හසුවී නැත.

මුක්කම[සංස්කරණය]

නූතන බත්තලම්ගුණ්ඩුව ඇතුළත මුක්කම යන නමින් ස්ථානයක් තිබේ. විමසා බැලීම පාඨක ඔබ සතු ය.

කෝකිල සංදේශය[සංස්කරණය]

සක්වල ගලපිට යකු සිට තරග කරපි මුනි රජ                    හට
යක්සෙන් තොපි විමන් දවමි කැප ගනු බතගොටු හනි     කට
මක්කම සමණල සිරිපා තැබු මුනිදුගෙ පා                         දෙට
කස්සප මුනිදුගෙ අණ ලමි වරෙන් මෙරග සැණකෙළි      යට

වැටුණු තලිය තලි තුනකට      පල්ලේයා
ඉසුණු බුදු රැසින් මහමෙර      එල්ලේයා
ලකුණු බලාලා මහ මෙර        පල්ලේයා
දකුණු සිරිපතුල මක්කම        වැල්ලේයා
මක්කම වැඩ තිබූ වම් පා                                දෙක
එක්කම මිණි මෙකල දිවසින්                          දැක
සක් දෙවිඳුට උපමා කළ අණ                           සක
නික්මෙනි සිව් ජලකඳ ගිරි අර                     ණෙක
සත්පුර ඔබ දෙවියන් දැක මුණිඳුන් අණ සිරස     දරයි
මක්කම සිරි පතුල තබා දෙවරම වෙහෙරට වැ    ඩියයි
ලක් සඳු පියස                        මක්කම
මොක් හිමි ප                           දක්කම
සිවි මුරු වැ                             ඩක්කම
සරණ වැඳලා කියමි              යක්කම
උඩම උඩම උඩ මක්කම        වැල්ලේ
වසින වසින වැසි ඒ ගල          පල්ලේ
දුවන දුවන නැව සමුදුර           පල්ලේ
අපිත් පඳිමු දැන් රන් ඔන්       චිල්ලේ
ලස්සන සෝබන සමගම        බබළන
මක්කම සිරිපා සමනල        වැඳගෙන
ලස්සන තලමල කිනිති පෙළින්    පෙළ
විස්තර තලමල පච්චවෙල වෙල      මැද
සතර දෙනයි අපි ආවේ              ඔක්කොම
සතර පිටට කැරකෙයි සොඳ        ගෙත්තම
සතර වටට අල්ලන                    මාලක්කම
සතර බුදුන් වැඩි වැල්ලයි              මක්කම
මක්කම තිබූ පාදපත්ම එක්කම සමනල                  වඳින්ඩ
දුක් මම කවි කර පවසමි සමන් දෙවිඳු මේ           උතුමන්ඩ
ඔක්කොම ගවරැළි වැනසුනි මෙදා යුගේ බැරි     ගෙවන්ඩ
මක්කම සමණල බලයෙන් නරකද පැත්තක්     ඇරෙන්ඩ
ගත පිවිතුරු සරහන ගෙල ප                     දක්කම
කරවනතුරු ලිය නෙත රුසිරු                  වැක්කම
සැදිවිසිතුරු තුරු මග දෙපස                      එක්කම
බලමා මිතුරු සඳ ඇත්තාල                       මක්කම
"https://si.wikipedia.org/w/index.php?title=මක්කම_විහාරය&oldid=592778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි