මංගලගම අම්බලම

විකිපීඩියා වෙතින්

මංගලගම අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල සහ මාවනැල්ල යන නගර දෙක අතර ඉදිකොට තිබෙයි.

අතීතය[සංස්කරණය]

මංගලගම අම්බලම, දුටුගැමුණු රජ සමයේ ඉදිකරන ලද අම්බලමක් බැව් විශ්වාස කෙරේ.

ජනප්‍රවාද[සංස්කරණය]

වරක් ඉන්දියාවේ සිටි මංගල නම් බ‍්‍රාහ්මණයෙකු, ලංකාවේ වූ බෞද්ධ පුදබිම් වැඳපුදාගැනීම සඳහා ආනන්ද බෝධි පරපුරේ බෝධි අංකුරයක් ද සහිතව මෙරටට පැමිණි අතර, සිය සංචාරය අතරතුරදී දිනක් රෑ බෝවූ නිසා ඔහු තමා රැගෙන ආ බෝධි අංකුරය සහිත බඳුණ අසල පිහිටි උස් භූමියක තබා, මහමග අයිනේ වූ මෙම අම්බලමේ ලැගුම් ගත් බව සඳහන් වෙයි.

පසුදිනදී නැවතත් සිය ගමන ඇරඹීමට සූදානම් වූ බ‍්‍රාහ්මණයාට, තමා කලින් දින සැන්දෑවේ තැන්පත් කළ බෝධි අංකුරයේ මුල් පොළවට ඇදී ඇති ගොස් ඇති බව දැකගත හැකි විය. කිසියම් ආශ්චර්යයක් නිසා මෙවැනි සිදුවීමක් වෙන්නට ඇතැයි සිතූ බ‍්‍රාහ්මණයා, සිය බෝධි අංකුරය රෝපණය කිරීමට සුදුසු ස්ථානය මෙය යැයි වටහාගෙන එම බෝධි අංකුරය එහිම රෝපණය කිරීමට කටයුතු කරන ලදී.

මේ සිදුවීම සැළවූ එකල ලක්දිව රජතෙමේ, සිදුවී සියළු තෙරතුරු බ‍්‍රාහ්මණයාගෙන් විමසා එම ස්ථානයේ විහාරස්ථානයක් කරවූ බවට සඳහන් වෙයි. බ‍්‍රාහ්මණයා විසින් රැගෙන ආ එම බෝධි අංකුරය, අම්බලම අසල ඇති මංගලගම බෝධිමාලකාරාම විහාරස්ථානයේ පිහිටි පැරණි බෝධිය බව පැවසෙයි.[1]

ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

පසුකාලීනව විනාශයට පත්ව තිබූ මෙම අම්බලම, 1970 සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව යළි ගොඩනැංවීමට පියවර ගත් බව සඳහන්ය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "රජ කාලේ අම්බලම්". ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මංගලගම_අම්බලම&oldid=594938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි