භූ විෂමතාව
සිකුරු මතුපිටින් 80% ක් සමන්විත වන්නේ සිනිඳු ගිනිකඳු තලාවන්ගෙනි. ඉතිරි මතුපිට ප්‍රදේශය ඉහළ භූමි මහද්වීප දෙකකින් සමන්විත වේ. ඉන් එකක් ග්‍රහලෝකයේ උත්තර අර්ධගෝලයේ ඇති අතර අනෙක සමකයට වහාම දකුනින් පිහිටා ඇත. උතුරු මහාද්වීපය Ishtar භූමිය නම් වේ. Ishtar යනු ආදරයේ බැබිලෝනියානු දේවතාවියයි. එය ඔස්ට්‍රේලියාව තරම් වෙයි. මෙහි සිකුරුගේ උසම කන්ද වන Maxwell Montes පිහිටා ඇත. එහි මුදුන සිකුරුගේ මධ්‍යන්‍ය මතුපිටින් 11km උසින් පිහිටා ඇත. දකුණු මහාද්වීපය Aphrodite භූමිය නම් වේ. Aphrodite යනු ආදරයේ ග්‍රීක දේවතාවියයි. දකුණු ඇමරිකාව තරම් විශාල මෙය ඉහළ භූමි ප්‍රදේශ දෙකෙන් වඩා විශාල එකයි. මේ මහාද්වීපයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වී ඇත්තේ කඩතොලු හා අගාධ ජාලයකිනි.
ගැටුම් අගාධ කඳු නිම්න වැනි පාෂාණමය ග්‍රහලෝක වල හමුවන ලක්ෂණ වලට අමතරව සිකුරුටම සුවිශේෂි ලක්ෂණ කිහිපයක් ඇත. ඒ අතර පැතලි මතුපිටක් ඇති Farra නම් ගිනිකඳු විශේෂයක් ඇත. ඒවා පෑන් කේක් හැඩති වන අතර විශාලත්වයෙන් කිලෝමීටර් 20 – 50 අතර වේ. උසින් මීටර 100 – 1000 අතර වේ. එමෙන්ම අරීය තාරකා හැඩති novae නම් කඩතොලු විශේෂයක් ද මකුළු දැල් සිහි ගන්වන Arachnoids නම් ඒකකේන්ද්‍රික ව්‍යුහයන් ද ආරීය කඩතොලු වළලු ඇති ඇතැම් විට සම්පීඩනය නිසා වටවු Coronae නම් ව්‍යුහයන් ද ඒ අතර වෙයි. මේවා ගිනිකඳුමය සම්බවයක් සහිතය.
සිකුරුගේ මතුපිට ව්‍යුහයන් සියල්ලම පාහේ නම් කොට ඇත්තේ ඓතිහාසික හා මිත්‍යාමය කාන්තාවන්ගේ නම් වලිනි. මීට පරස් පර වන්නේ James Clerk Maxwell නමින් නම් කෙරුණු Maxwell Montes හා Alpha ප්‍රාදේශිකය හා Beta ප්‍රාදේශීකය හා ඉහළ භූමි ප්‍රදේශ දෙකයි. මෙම ලක්ෂණ තුන අන්තර් ජාතික අභ්‍යවකාශ සමුහය විසින් භාවිතා කරන වර්ථමාන ක්‍රමයට පෙර නම් කළ ඒවාය.
සිකුරුගේ භෞතික ලක්ෂණ වල කාටිසීය කණ්ඩාංක විස්තර කෙරෙන්නේ ප්‍රථමික මධ්‍යන්න්‍ය රේඛාවට සාපේක්ෂවය. දකුණු Alpha ප්‍රදේශීකයේ ඇති Eve නැමති ඕවාලික ලක්ෂණයක මැද ඇති විකිරණ දීප්ත ලක්ෂයක් හරහා තිරස්ව ගමන් කරන රේඛාවක් ලෙස එය අර්ථ දක්වා ඇත.
මතුපිට භූ විශමතාව
අඟහරුගේ සිතියමක් උත්ක්ෂිප්ත මහද්වීප කහපැහැයෙන් දක්වා ඇත. Ishtar භූමිය මුදුනේ ද Aphrodite භූමිය සමකයට වහාම දකුනින් ද දක්වා ඇත.
සිකුරු මතුපිට බොහෝ දේ හැඩගැන්වී ඇත්තේ ගිනිකදු ක්‍රියාකාකම් වලිනි. සමස්ථයක් ලෙස සිකුරු පෘතුවියේ මෙන් කිහිප ගුණයක ගිනිකදු දරයි. එය කිලෝමීටර් 100 කට වඩා හරස් කඩක් ඇති විශාල ගිනිකඳු 167 ක් දරයි. මේ ප්‍රමාණයේ පෘතුවියේ එකම ගිනිකඳු සංකිර්ණය හවායි හි “විශාල දුපතයි”. කෙසේ නමුත් මෙය සිකුරු පෘතුවියට වඩා ගිනිකඳු මය අතින් සක්‍රිය වීම නිසා නොව කබොල්ල වඩා වයස් ගත බැවිනි. පෘතුවි කබොල්ල භූ තැටි මායිම් වල මැඩීම් මගින් ප්‍රතිචක්‍රීකරණය වෙයි. එහි මධ්‍යන වයස අවුරුදු මිලියන 100 ක් පමණ වුවත් සිකුරු කබොල්ලේ මධ්‍යයන වයස අවුරුදු මිලියන 500 ක් පමණ වේ.
පහත දක්වා ඇත්තේ සිකුරු මතුපිට සිදුවන ගිනිකඳු ක්‍රියාකාරකම් වලට සාක්ෂීන්ය. සොවියට් Venera වැඩ සටහනේ දී Venera 11 හා Venera 12 ඒෂණීන් අනවරථ අකුණු ප්‍රවාහයක් හඳුනා ගන්නා ලදී. Venera 12 ගොඩ බැස්ස වු වහාම බලාධික අකුණු පිපිරීමක් වාර්ථා කරයි. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Venus express හුදකලා විදුලි කෙටීමක් ඉහළ වායු ගෝලයේදී වාර්තා කළේය. පොළවේ අකුණු කුණාටු වර්ෂා පතනයෙන් දිවෙන නමුත් සිකුරු මතුපිට වර්ෂාව නොමැත. (නමුත් එය H2SO4 වැසි ඉහළ වායු ගෝලයේ ඇති කරන අතර මතුපිටට කිලෝමීටර් 25 ක් උඩින් ඒවා වාෂ්ප වෙයි. එක් හේතුවක් නම් ගිනිකඳු පිපිරීමක අළු මගින් අකුණු පිපිරීම් ජනනය කිරීමයි. තවත් වැදගත් සාක්ෂියක් වායුගෝලයේ SO2 සාන්ද්‍රණ මැනීමෙන් හමුවෙයි. එය 1978 සිට 86 දක්වා සාධක 10 කින් අඩුවී ඇත. මෙය අඟවන්නේ සාන්ද්‍රණයන් අතීතයේ විශාල ගිනිකදු පිපිරීම් මගින් උත්ප්‍රේරණය වූ බවයි. රේඩාර් දත්ත මගින් ප්‍රතිස්ථාපනය කළ සිකුරු මතුපිට ගැටුම් අගාධ වල රූපයක්
සිකුරු මතුපිට ගැටුම් අගාධ 1000 ක් පමණ ඒකාකාරව පැතිරී ඇත. වෙනත් අගාධ ඇති පෘතුවිය සහ චන්ද්‍රයා වැනි වස්තූන් වල ඛාදන මට්ටම් පරාසයක් අගාධ මගින් දක්වයි. එය අවක්‍රමණයේ සංතතික ක්‍රියාවක් අඟවයි. චන්ද්‍රයා මතුපිට අවක්‍රමණය අනුයාත ගැටුම් මගින් සිදුවේ. පොළව මතුපිට සුළඟ හා වර්ෂාව මගින් ඛාදනයෙන් එය සිදු විය. කෙසේ නමුත් සිකුරු මතුපිට අගාධ 85% ක් පුරාතන තත්වයේ පවති. ගැටුම් සංඛ්‍යාවෙන් හා ඒවායේ තත්වයෙන් අඟවන්නේ ග්‍රහලෝකය මතුපිට සම්පුර්ණයෙන්ම වෙනස් වීමේ ක්‍රියාවකට වසර මිලියන 500 කට පෙර පමණ ලක්වු බවයි. පෘතුවි මතුපිට අනවරථව චලනයේ යෙදෙයි. නමුත් සිකුරුගේ එවැන්නක් නොමැති බව සැලකෙයි. ප්‍රාවරණයේ තාපය මුදා හැරීමට භූවිෂමතාවන් නොමැති සිකුරු කබොල්ල දුර්වල වන තුරු සන්ධීය මට්ටමකට ප්‍රාවරණ උෂ්ණත්වය වැඩි වන තුරු චක්‍රීය ක්‍රියාවකට ලක්වෙයි. වසර මිලියන 100 කට වැඩි කාලයක් මැඩීම විශාල ප්‍රමාණයෙන් සිදුවී ඇත. එමගින් කබොල්ල මුළුමනින්ම ප්‍රතිචක්‍රීයකරණය වී ඇත.
සිකුරු අගාධ විශ්කම්භයෙන් 3km සිට 280 km දක්වා වෙයි. 3 km ට වඩා කුඩා අගාධ නොමැත්තේ පැමිණෙන වස්තූන්ට ඝන වායු ගෝලයේ ආචරණ නිසාවෙනි. ප්‍රමාණවත් චාලක ශක්තියක් නැති වස්තූන් වායුගෝලය මගින් දැඩි ලෙස මන්දනය වන අතර ඒවාට ගැටුම් අගාධ ඇති කළ නොහැක.