භූමි සැකැස්ම
භූමි සැකැස්ම භූ රූප විද්‍යාත්මක ඒකකයක් ගණයට වැටේ. සිතියම් විද්‍යාවේ ඒකකයක් ලෙස, භෞම කොටසක් ලෙස , භූමි දර්ශනයේ මතුපිට සැකැස්ම හා ස්ථානගත වීම ලෙස පුළුල්ව එය අර්ථ දැක්වේ. උන්නතාංශය, ආනතිය, දිශානතිය, ස්තරීභවනය, පාෂාණ නිරාවරණය හා පස් වර්ගය යන ලක්ෂණ මත භූමි සැකැස්ම වර්ගීකරණය කෙරේ.
ඒවාට වැටි, ගොඩැලි, කඳු, අගාධ, නිම්න, ගංඟා හා තවත් මූලයන් රාශියක් අයත් වේ.
ඉහළ මට්ටමේ භූමි සැකැස්මවල් සඳහා සාගර හා මහාද්වීප උදාහරණ සපයයි. තවදුරටත් හඳුනාගත හැකි ඉහළ මට්ටමේ භූමි සැකැස්මවල් ලෙස කඳු මුදුන්, උරස් වැටි හා පසු ආනතීන් වැනි භූ සැකසුම් මූලයන් සැලකිය හැකිය.
ඇතැම් මව් භූ සැකසුම් මූලයන් වන්නේ වලවල්, කඳු මුදුන්, අගල්, හෙල්, දුර්ග, තටාක, තැනි ආදියයි. ස්වයංක්‍රීය තාක්ෂණයන් යොදා ගෙන මේවා බොහෝ දුරට අංකිත උන්නතාංශ ආකෘතියක් ඔස්සේ උකහා ගත හැකිය. ඒවායේ දී දත්ත එක් රැස් කර ගන්නේ නුතන චන්ද්‍රිකා, ස්ටීරියන් ඒරියල්, මිනින්දෝරු කැමරා ආදිය යොදා ගෙනයි. මෑතක් වන තුරුම ඒවැනි දත්ත කුලකයන්හි දත්ත සකස් කිරීමට මිනිස් පැය ගණනාවක් ගතවන “පොළව මත පා තැබීම” සිදු කළ යුතු විය. භූමි මතුපිටෙහි තුන්වන මානය භූ විෂමතාවයයි. ජලය යට භූ විෂමතාවයක් විස්තර කිරීමේ දී අගාධමිතිය යන පදය භාවිතා කෙරේ. භූ ලක්ෂණය ඒ තුළ සාර්ථයක් වන අතර සමෝච්ච සිතියම්වල දි භාවිතා කෙරේ.
මූලික භූමි සැකැස්මවල් ඛණ්ඩ, භූ විෂමතා ඒකක, දෙන ලද විශාලනයක දී,පරිමාණයක දී, කුඩාම සමප්‍රභව භූ මතුපිට බෙදීම් වේ. ඒවා රූප විද්‍යාත්මක වශයෙන් සාපේක්ෂව සම ප්‍රභව ගුණාංග සහිත ප්‍රදේශ වේ. එය විඛන්ඩතා රේඛා මඟින් වටවී ඇත. කඳු වැටියක සානුවක් මීටර් සිය ගණනක සිට කිලෝමීටර් ගණනක් දක්වා විචල්‍ය පරිමාණවලදී දැක ගත හැකිය. එබැවින් බිම් සැකසුම්වල අවකාශීය ව්‍යාප්ති පරිමාණය පරායත්ත වන අතර පස් හා භූ ස්ථර සඳහා ද එලෙසම වේ.
භූ සැකසුම් ජනනයේ දී භූ විෂමතාවල සිට ඛාදනය හා අවසාදනය දක්වා සාධක රාශියක් බලපායි. ජෛව විද්‍යාත්මක සාධක ද ඊට බලපායි. උදාහරණ ලෙස වැලි වැටි පද්ධති හා ලවණ වගුරු බිම් වර්ධනයේ දී ගහ කොළෙහි වැදගත්කම හා කොරල්පර සෑදීමේ දී කොරල් හා ඇල්ගීවල කාර්යභාරය සැලකිය යුතුය.
භූ සැකසුම්වල මිනිසා විසින් ඉදි කළ අගල්, ද්වාර, වරාය ආදියත් කාන්තාර, වනාන්තර තණ බිම් හා ගැටුම් ආගාධ ආදියත් අන්තර්ගත වේ.
බොහෝ ලක්ෂණ පෘථිවියට පමණක් සීමා නොවන අතර ග්‍රහ ලෝක හා එවැනි වෙනත් විශ්වීය වස්තූන්ගේ මතුපිට විස්තර කිරීමට පවා යොදා ගත හැකිය.
සටහන්
[සංස්කරණය]Landform |