භූමි අලංකරණය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ගොඩනැගිලි ද්‍රව්‍ය

ගොඩනැගිලි ඉදිකරන්නෝ ගල්, ගඩොල් දැව ආදි විවිධාකාර දෑ උපයෝගී කර ගත්හ. ඉදිරියට නෙරා ඇති කවාකාර ගඩොල් ආරුක්කු, කවාකාර පියැසි, සහ ගෝලාකාර ශිඛර යනාදිය ද ගොඩනංවන ලදි. ගොඩනැගිලිවල ආධාරක බිත්ති වශයෙන් පර්වතවල මුහුණත යොදාගන්නා ලදී. සීගිරියේ කැටපත් පවුර දරා සිටින වේදිකාව ද ගඩොලින් කරන ලද පියගැට පෙල ද පිහිටා තිබෙන්නේ ප්‍රපාතාකාර ගල් පර්වතයෙහිය. 6 වැනි ශත වර්ෂයේදී පමණ ගොඩනැගිලි නිර්මාණකරුවෝ හුණුගල්වලින් නයිස් නම් කලු ගල් වර්ගය වෙත මාරු වූහ. පොළොන්නරුවේ වටදාගෙයිහි බිත්ති ගල්වලින් නිර්මාණය කරන ලදී. ඒවා ඉහල මහළ දක්වා උස් විය. ඉහල මාලය කරා යොමු වුණු ගල් පඩි පේලියක පහලම පඩිය පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජ මාළිගයේ ඇති නටබුන්වල අදත් දැකිය හැක. පස් වෙනි ශත වර්ෂයේ ආරණ්‍යවල විසූ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කළ අතු සෙවිලි කල මඩුව ද ඉතා නිවැරදිව සැලසුම් කරන ලද ඒවා විය.

දැව

පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේදී පාවිච්චි කර ඇත්තේ ගල් පමණක් නොවන බව සටහන් කර ගැනීම වැදගත්ය. දැනට දක්නට තිබෙන ගල් නිමැවුම්වල නටබුන්වලින් යමක් නිශ්චය කිරීම නිරවද්‍ය නොවේ. ඒවා මැටි හෝ කපලාරු බිත්ති සහිතව මූලික වශයෙන් දැවවලින් කරන ලද ගොඩනැගිලිය. 3 වැනි සියවසේ සිටම ඉතා අලංකාරව නිර්මාණය කළ දැව ගොඩනැගිලි තිබුණේය. සීගිරියෙහි කොටස් කීපයකින් යුත් වහලක් සමග දැවයෙන් සහ ගඩොල් යොදා නිර්මාණය කල අලංකාර වාහල්කඩක් තිබුණේය. අද ද දක්නට ලැබෙන අති විශාල උළුවහු කණුවලින් මේ බව සනාථ වේ.

බර දරා සිටීම සඳහා දැව යොදා ගෙන තිබුණි. සැකිළි සඳහා ගසක කඳ සම්පූර්ණයෙන්ම යොදා ගෙන ඇත. ක්‍රි.පු 4 වැනි සියවසේදි ඉදිකරන ලද අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ නිර්මාණය කිරීමට යොදා ගෙන තිබුණේ සම්පූර්ණ දැව කඳන්ය. පොළොන්නරුවේ සහ පඬුවස්නුවර මාළිගාවල තිබෙන ගඩොල් බිත්තිවල සිරස් විවරයන් තුල, ඉහල මාලයේ සහ වහලේ බර දරා සිටීමට යොදාගෙන තිබෙන දැව කණු තනි ගසකින් නිර්මාණය කර ගත් දැව කණු වෙයි.

මංජු ශ්‍රි ශිල්පය නැමති ග්‍රන්ථයේ දැව කැපීම සහ පදම් කිරීම පිළිබඳව තොරතුරු ඇතුලත් වේ. හොඳින් වැඩුනු ගස් තෝරා ගෙන නව සඳ කාලයේදි ඒවා කපනු ලබයි. එසේ කරන්නේ ඵ් කාලයේදි ගසෙහි ක‍ඳේ සීනි ප්‍රමාණය අඩු බැවිනි. එසේ වූ විට ගසේ කඳට හානි කරන කෘමින් ඒම වැළකේ.

ශෛලමය නටබුන්වල ඉතිරි වී තිබෙන සළකුණුවලින් පෙනෙන්නේ ඉතා විශිෂ්ඨ වඩු තාක්ෂණයක් යොදාගෙන තිබුණු බවයි. වඩු වැඩ සඳහා යොදාගෙන තිබුණේ පොරව, වෑය, සහ නියන වැනි සාමාන්‍ය ආයුධයි. වඩු කර්මාන්තයේදී භාවිතයට ගන්නා ශිල්පීය ක්‍රම දෙකක් සද්ධර්මරත්නාවලියේ විස්තරවේ. දැව නරක් නොවීම සඳහා තෙල් ගැල්වූ අතර ඇද ඇරීම සඳහා රත් කර ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Architecture_of_ancient_Sri_Lanka#Landscaping

"https://si.wikipedia.org/w/index.php?title=භූමි_අලංකරණය&oldid=98967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි