භූගෝල විද්‍යාව හැදින්වීම

විකිපීඩියා වෙතින්

භූ‍‍ගෝල විද්‍යාව යනු පෘථිවියේ ලක්ෂණ , ජීවන ක්‍රමය සම සංසිද්ධින් පිළිපද ඉගැන්වෙන විශයකි. එමෙන්ම එය පෘථිවිය පිළිබද විස්තර කිරීමක් යැයි කිව හැක. භූගෝලවිද්‍යාව පිළිබද සදහන් කල ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉ‍රාටෝස්තීන් (Eratosthenes) ය. (276-194 BC) මේ විශයේ ප්‍රධාන කොටස් වන්නේ අවකාශීය විශ්ලෂෙණය (Special analysis ) ප්‍රදේශය පිළිබද හැදැරීම සහ පෘථිවිය පිළිබද අධ්‍යනයයි. ඒවගේම නුතන යුගයේ භූගොල විද්‍යාව තුල භූගෝලය පමණක් ගැන නොවථ එහි සිදු වු වෙනස් වීම්, ක්‍රියාදාම වැනි දෑ පිළිබද සාකච්ඡා වේ. මෙසේ මානුෂි භූගෝලවිද්‍යාව හා භෞතික භූගෝල විද්‍යාව යැයි කොටස් දෙකක් සදහන් වේ.

හැදින්වීම

සාම්ප්‍රදායානුකූලව භූගෝල විද්‍යාඥයිනක්ව සිතියම් අධ්‍යනකරැවන් (Cartographers) ලෙස හෝ දත්ත විශ්ලේෂනයන් ලෙස හදුන්වයි. බොහෝ පුද්ගලයන් සිතියම් අධ්‍යනකරැවන් හෝ භූ ලක්ෂණ සිතියම්කරැවන් වුවත් මෙය ප්‍රධාන අංශ සදහා පමණක් විය හැක. භූගෝල විද්‍යාඥයින් ව්‍යාප්තීන්, පද්ධති, ලක්ෂණ සහ මානව බලපැම් ගැනද විශ්ලේෂණය කරයි. මෙයට ආර්ථික විද්‍යාව, සෞඛ්‍යය, කාලගුණය ශාක හා සත්තු පිළිබද අවධාරනය වේ

මානුෂික භූගෝල විද්‍යාවේදි පැහැදිලි ව්නනේ පරිසරය හා ව්‍යාප්ීන් යොදා ගැනීමත් මානුෂ කලමනාකරණය, මනුෂ බලපෑම් (පරිසරයට) යන කරැණුය. භෞතික විද්‍යාව ස්වභාවික පරිසරය සහ කාලගුණය, වනවගා, පස , ජලය භූ ලක්ෂණ පිළිබද අවධානය යොමු කරයි. මේ විශයයන් දෙකම එකතු වු කල්හි පාරිසරක භූගෝල විද්‍යාව නම් විශය දාරාවක් ඇති වේ.