භාෂාවේ සම්භවය
භාෂාවේ ප‍්‍රභවය කෙසේ වීද යන ප‍්‍රශ්නය මානව ඉතිහාසය තුළ සැළකියයුතු මතිමතාන්තර රැසක් බිහිවීමට තුඩුදුන් එකකි.කෙසේවුව ද ලිඛිත භාෂාව මෙන් නොව කථික භාෂාව කිසිදු ශේෂයක් නොතබයි. මේ හේතුව නිසා භාෂාවේ ප‍්‍රභවය සොයාගැනීම පිණිස උත්සාහයන් හි නිරත වාග්විද්‍යාඥයින්ට ඒ සඳහා වක‍්‍රක‍්‍රම උපයෝගී කර ගැනීමට සිදුව ඇත.
මුල්වරට මානවයා විසින් භාෂාවක් භාවිත කලබව මනව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ හෝමෝ හැබිලිස් මානවයාය.ඔනුන් පියෙස්ටෝසීන යුගයේ මීට වසර මිලියන 2.8 ත් 1.5 අතර කාලයේ මිහිමත වාසය කළහ.මොවුන්ගේ පොසිල විශ්ලේෂණය කළ මානව විද්‍යාඥයින්ට හැබිලිස් මානවයන්ට තරමක දියුණු මොළයක් පැවති බවත් හිස් කබලේ වූ හනු පිහිටා තිබෙන ආකාරය ආදිය සලකා බැලීමේ දී මොවුන් මුලින්ම භාෂාමය කතා කාර්‍යයට මුලපිරූ මානවයන් බව පැහැදිලි වනබව විද්‍යාඥයන් අවධාරනය කරති.
ප‍්‍රාථමික භාෂාවන්ගෙන් කිසිවක් දැන් ඉතිරිව නැති බවත්, නූතන මිනිසා කථා කරනුයේ සාපේක්ෂකව සංකීර්ණ භාෂා බවත් යන අදහසට වාග්විද්‍යාඥයෝ එකඟ වෙති. අද පවත්නා භාෂා, ප‍්‍රමාණයෙන් ද ඒවායේ වාග් මාලාවෙන්ද ආවරණය වන විෂයයෙන් ද වෙනස් වන අතර ඒ සියල්ල ම ව්‍යාකරණයකින් ද පද ඝටනාවකින් ද සමන්විතය. එමෙන් ම එම භාෂාව කථාකරන පුද්ගලයාගේ සංකල්ප මැනැවින් ප‍්‍රකාශකිරීමට අවශ්‍ය වාග්මාලාවෙන් ද ඒවා සමන්විතය. සියලූම මනුෂ්‍යයෝ එක හා සමාන භාෂා හැකියාවන්ගෙන් යුක්ත වේ. කිසිදු සුවිශේෂ භාෂාවක් භාවිත කිරීමේ සහජ ජෛවවිද්‍යාත්මක හැකියාවකින් යුතුව මෙලොව කිසිදු දරුවෙක් උපත නොලබති.
අතීතයේ සිටම මේ දක්වා සමාජ ස්ථරය තුළ මානවයාට පැන නැඟුන ගැටළු අතර එක් මූලික ගැටළුවක් වූයේ මානවයා විසින් ලොව මුලින්ම කතාකරන ලද භාෂාව කුමක් ද යන්නයි. ඒ අනුව, ලොව මුල්ම භාෂාව කුමක්ද යන්න පිළිබඳව අතීතයේ සිටම පර්යේෂකයින් විවිධ පර්යේෂණ පැවැත්වූහ. ඒ අනුව, එම පර්යේෂකයින් තමන් කරන ලද පර්යේෂණ ඔස්සේ භාෂාව සම්බන්ධව එහි උපත සම්බන්ධව විවිධ අදහස් ඉදිරිපත් කළහ. එහෙත් එදා සිට මේ දක්වා තවමත් මානව භාෂාවේ උපත සම්බන්ධව පැහැදිලි අදහසක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුටවත් නොහැකි වී ඇත. එනිසා අද වන විට මානව භාෂාවේ උපත හා සම්භවය පිළිබඳව ඇත්තේ මතවාදයක් පමණි.
එදාමෙදා තුර මානව භාෂාවේ උපත සහ සම්භවය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණයන්හි අවසාන ප්‍රතිඵල ඇසුරින් ඉදිරිපත් කරන ලද සියළු මතවාදයන් මූලික මතවාදයන් දෙකක් ඔස්සේ සාකච්ඡා කරයි. ඒවා නම්,
Ø භාෂාවේ උපත පිළිබඳව ඇති නිර්මාණවාදී මතය
Ø භාෂාවේ උපත පිළිබඳව ඇති පරිණාමවාදී මතය
පරිණාමවාදී මතයෙන් පැහැදිලි වන්නේ භාෂාවේ ආරම්භය සිදුවූයේ කෙසේද යන්නයි. එනම්, ලොව මුල්ම භාෂාව කුමක් ද? එය කෙසේ ඇති විනි ද? යන්න මෙහිදී සාකච්ඡා කෙරේ.
එහෙත් එක්තරා අවස්ථාවකදී මානව භාෂාවේ උපත සෙවීම නිශ්ඵල නොවන කාර්යයක් ලෙස ඔවුන් හඳුනා ගත්හ. එමනිසා භාෂාවේ උපත සොයනවා වෙනුවට එහි සම්භවය සෙවීමට ඔවුන් උත්සුක වූහ. ඒ අනුව, ඔවුන් පරිණාමවාදීන් ලෙස ඔවුන්ගේ මතය මානව භාෂාව පිළිබඳ පරිණාමවාදී මතය ලෙස ලෝකය පිළිගත්හ.
මානව භාෂාවේ සම්භවය පිළිබඳ ඇති නිර්මාණවාදී මතය
භාෂාවේ උපත පිළිබඳ විවිධ රජවරුන් විවිධ පර්යේෂණ සිදුකළහ. ඒ අතරින් රජවරුන්, පූජකයින්, විවිධ ආගමික ශාස්තෲවරුන්, දාර්ශනිකයන් භාෂාවේ උපත සෙවීමට වෙහෙසුන අතර ඒ සම්බන්ධව විවිධ පර්යේෂණ සිදුකළහ. ඒ අනුව, ක්‍රි.පූ. 7 වන සියවසේ විසූ සැම්මෙට්කෝස් නම් රජතුමා ලොව ඉපැරණිතම භාෂාව පිළිබඳ පර්යේෂණයක් සිදුකළ බව හෙරබෝල්ටස් නම් දාර්ශනිකයා පසුකාලීනව පැහැදිලි කළේය.
යම් අයෙකු තවත් අයෙකුගේ කටහඬ නොඇසෙන මානයක සිට ළමා කාලයේදී ජීවත් වුවහොත් ඔවුන් මුලින් කතා කරන ලද භාෂාව ලොව මුලින්ම කතා කරන ලද භාෂාව බව සැම්මෙට්කෝස් රජු තීරණය කළහ. ඒ අනුව, ඔවුන් අළුත උපන් දරුවන් දෙදෙනෙකු එඩේරෙකු වෙත ලබාදී මිනිස් ශබ්ද ඇසීමට නොහැකි ස්ථානයක රඳවා ඔවුන් විසින් මුලින්ම කතා කරන ලද වචනය ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව, මෙම ළදරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පසුව බේකෝස් යන වචනය ෆජියන් භාෂාවෙන් පාන් වලට කියන නම නිසා ලොව මුල්ම භාෂාව ෆජියන් භාෂාව ලෙස පිළිගත්හ. එහෙත් භාෂාව වනාහි සෑමවිටම සමාජ උරුමයක් ලෙස මානවයා සතුවන බව වාග් විද්‍යාඥයින් පිළිගත් නිසා මෙම මතවාදය ප්‍රතික්ෂේප කෙරේ.
සැම්මෙට්කෝස් රජතුමාට අමතරව භාෂාවේ උපත සම්බන්ධව 13 වන සියවසේ පෙඩ්රික් අධිරාජයා, 13 වන සියවසේ ස්කොට්ලන්තයේ 111 වන ජේම්ස් රජු, 16 වන සියවසේ ඉන්දියාවේ මහා අග්බාර් රජු භාෂාවේ උපත සෙවීමට උත්සාහ ගත්හ. අතීතයේදී දැනුමේ කේන්ද්‍රීය සාධකය බවට රජුට අමතරව ආගමික නායකත්වය, පූජකයින්, ශාස්තෲවරුන් පත්ව තිබූ බැවින් ඔවුන් විසින් භාෂාවේ උපත පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කළහ. ඒ අනුව, බොහෝ ආගම් වල මුල් ශාස්තෲවරුන් තම ආගම දහම ප්‍රචාරණයේදී ලොව මුලින් කතා කරන ලද භාෂාව ලෙස ආගමික ශාස්තෲවරුන් දේශණා කළ භාෂාව බව පිළිගත්හ. ඒ අනුව, යම් ආගමික ශාස්තෲවරයෙක් ලොව මුලින්ම කතා කරන ලද භාෂාව කවරක් ද එය ලොව ප්‍රථම භාෂාව ලෙස පිළිගනී.
ක්‍රිස්තියානි ලබ්ධිකයින් විසින් ලොව ප්‍රථම භාෂාව ලෙස පිළිගන්නේ දෙවියන් දේශණා සඳහා භාවිතා කළ හීබෲ භාෂාවයි. ඒ අනුව, ඔවුන් පවසා සිටියේ දෙවියන් විසින් තම ශරීරයේ දහඩිය මඟින් ආදම් සහ ඒවා නැමති ගැහැණිය හා පිරිමියා මැවූ අතර ඔවුනට ජීව වායුව පිඹ කතා කිරීමට සැලැස්වූ බවයි. එහිදී ආදම් සහා ඒවා තමාට රිසි ලෙස තමා දකින ලද භෞතික වස්තූන්ට නම් තැබූහ. “සංස්කෘතං දේව වාග්” දෙවියන්ගේ වචනය සංස්කෘත භාෂාවයි. ඒ අනුව, හින්දු භක්තිකයන් පිළිගන්නේ දෙවියන් විසින් දේශණා පැවැත්වීමේදී භාවිතා කළ භාෂාව ලොව මුල්ම භාෂාව බවයි. ඒ අනුව, හින්දු භක්තිකයන් ලොව මුල්ම භාෂාව ලෙස සංස්කෘත භාෂාව පිළිගනී. “සං මගධ මූල භාෂා” එනම් මහා බ්‍රහ්මයා විසින් භාවිතා කරන ලද මගධ භාෂාව ලොව මුල්ම භාෂාව බව බෞද්ධ මතයයි. එහෙත් අතීතයේදී ආගමට ඇති භක්තිය, ආගමට ඇති භය හේතුකොට ගෙන මිනිසුන් මෙම මතය ප්‍රශ්ණ කිරීමකින් තොරව පිළිගන්නට හුරු පුරුදු වූහ. එහෙත් පසුකාලීනව වාග් විද්‍යාඥයින්ගේ පිළිගැනීම් තුළ මෙම මතවාද ප්‍රතික්ෂේප වූ බැවින් භාෂාව දෙවියන් විසින් නිර්මාණය කොට මිනිසුන්ට තිළිණ කළේයැයි කියැවෙන මෙම ආගමික මත පිළිගත නොහැකි යැයි ප්‍රකාශ කරන ලදි.
අතීතයේදී ආගමික ශාස්තෲවරුන් රජුට අමතරව විවිධ දාර්ශනිකයන් ද භාවිතා කළේය. විශේෂයෙන්ම භාරතීය දාර්ශනිකයන් ආගම පිළිබඳව සොයා බැලූ අතර ඔවුන් ද භාෂාවේ උපත පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කළහ. එහෙත් ඔවුන් ද ආගමික මතවාද වලට පටහැනි අදහස්, ප්‍රකාශ ඉදිරිපත් කිරීමට මැලිවූ හෙයින් ඔවුන් ද ආගමික මතවාද පිළිගත්හ. එහෙත් ඇරිස්ටෝටල්, එරික්ම්‍යුලිස්, ප්ලේටෝ වැනි දාර්ශනිකයන්ගේ අදහස් ද ඉදිරිපත් කළේය. කෙසේ නමුත් 10-19 සියවස් වල වාග් විද්‍යවේ සිදුවූ දියුණුව හමුවේ භාෂාවේ උපත පිළිබඳ පර්යේෂණ වෙනස් විය.
පරිණාමවාදී මතය
භාෂාවේ උපත සෙවීම තවදුරටත් නිශ්ඵල කාර්යයක් බව වර්තමාන වාග් විද්‍යාඥයින් 18-19 සියවස් වලදී භාෂාවේ උපත වෙනුවට එහි සම්භවය සෙවීමට උත්සුක වූහ. ඒ අනුව, කවදා, කෙදිනක, කෙලෙසක හෝ නිර්මාණය වූ භාෂාව අද දක්වා පරිණාමය වූයේ කෙසේදැයි සෙවීමට ඔවුන් උත්සාහ ගත්හ. ඒ අනුව, අතීතයේ සිටම බොහෝ දෙනෙකුගේ අදහස වූයේ භාෂාව යන්න එකවිට හදිසියේ ආරම්භ වන්නක් නොව එය මානව පරිණාමය සම්බන්ධව සිදුවන්නක් බවයි. මෙය 100% ක් පිළිගත නොහැකි මතවාදයක් වුවද වර්තමානයේදී එක්තරා සුළු ප්‍රමාණයකින් පිළිගන්නා වූ මතයක් ලෙස පිළිගනී.
භාෂාව පිළිබඳ හැදෑරීම උදෙසා වාග් විද්‍යාව නම් විෂයය ධාරාවන් නිර්මාණය වීමත් සමඟ භාෂාවේ උපත පිළිබඳ හැදෑරීම වෙනස් විය. එනම් උපත වෙනුවට ඔවුන් පරිණාමය හැදෑරීය.
භාෂා පරිණාමය පිළිබඳ මතවාද යන්න හැදෑරීමේදී අපට ඒ පිළිබඳ ගොඩනැඟී ඇති මතවාදයන් අතර අනුකරණය යන්න වැදගත් වේ.
භාෂාවේ සම්භවය පිළිබඳ ලොව මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ මැක්ස් මුලර් විසිනි. ග්‍රීක දාර්ශනිකයන්ගේ සිට 19 වන සියවස දක්වා භාෂාවේ උපත සම්බන්ධව සියළු මතවාද පරීක්ෂා කර මැක්ස් මුලර් සිය මතවාදය ඉදිරිපත් කළේය. ඒ අනුව, ඔහු භාෂාවේ උපත සම්බන්ධව ප්‍රධාන මතවාද 4 ක් පහත පරිදි ඉදිරිපත් කළේය.
Ø බව් - වව් න්‍යාය
Ø ඩිං - ඩොං න්‍යාය
Ø පුහ් - පුහ් න්‍යාය
Ø යේ - හේ - හෝ න්‍යාය
බව් - වව් න්‍යාය (Bow - Wow Theory)
බව් - වව් න්‍යායයෙන් පැහැදිලි වන්නේ තිරිසන් ගති ඇති සත්ත්වයන් පවත්වන විවිධ නාද හා නොයෙක් ශබ්ද රටා අනුකරණයට යාමේ ප්‍රතිඵලයක් ලෙස මානව භාෂාව එහි කතා ව්‍යවහාරය ගොඩනැඟී ඇති බවයි. තම අවට පරිසරයේ ඇති සතුන්ගේ හඬ මෙසේ අනුකරණය කිරීමට යාමෙන් මිනිසාගේ භාෂෝත්පාදක ඉන්ද්‍රියයන්ට වැඩි ශබ්ද නිපදවිය හැකි විම හා පුරුද්දක් ඇති විය. ඒ අනුව, විවිධ සතුන්ගේ හඬ අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස භාෂාව ලොවට බිහි විය. උදාහරණයක් ලෙස කොකා, කොහා, කාක්කා, කුකුළා, බස්සා වැනි සීමිත සතුන් කිහිප දෙනෙකුට පමණක් මෙම නිගමනය නිවැරදි නිසා මෙය අසම්පූර්ණ නිගමනයක් ලෙස හඳුනා ගැනේ.
ඩිං - ඩොං න්‍යාය (Ding Dong Theory)
ස්වාභාවික පරිසරය තුළ විවිධ වූ ප්‍රශ්ණ අප අසන්නෙමු. එනම් අකුණු පිපිරීම, වර්ෂාව ඇතිවීම, ද්‍රව්‍ය ගැටීම ආදිය නිසා මෙවැනි ශබ්ද ඇතිවේ. ඒවා අනුකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස භාෂාව බිහිවූ බව මෙයින් කියැවේ. එහෙත් මෙවැනි ස්වභාවික ශබ්ද ඇසුරින් සංකීර්ණ භාෂාවක් ගොඩනැඟිය හැකි යැයි විශ්වාස කළ ද එය පිළිගත නොහැකි නිගමනයකි. ටකය, ටකරම, ගිගිණි, කිංකිණි.
පුහ් - පුහ් න්‍යාය (Pooh - Pooh Theory)
පුහ් - පුහ් න්‍යායයෙන් පැහැදිලි කරන්නේ භාෂාවේ ප්‍රභවය නිර්මාණය වී ඇත්තේ සෑමවිටම මිනිසාගේ භාවමය හා වෙනස් ශාරීරික වේදනාවන් නිසා මිනිස් මුවින් පිටවන ශබ්ද වලිනි. මේවා කිසිවක් සිතා මතා පිටකරන ශබ්ද නොවේ.
භය, ත්‍රාසය, ශෝකය, මහන්සිය, විශ්මය වැනි අවස්ථා වලදී මුවින් පිටවන අඃ, අහ්ඃ, හ්ම්ඃ, ඌඃ, ඌහ්ඃ, ආයි, ඌයි, අනේ, අහෝ, කහ්, චි, චික් වැනි ශබ්ද උදාහරණ වේ. එහෙත් මෙවැනි ශබ්ද වලින් හැඟීම් මිස බුද්ධියට ගෝචර දෙයක් නිර්මාණය නොවන බැවින් භාෂාව වැනි ප්‍රබල කාර්යභාරයක් සිදුකරන මෙවැනි ක්‍රියාවලින් මෙලෙස නිර්මාණය විය හැකිදැයි ගැටළුවකි.
මැක්ස් මුලර්ගේ මතය ප්‍රතික්ෂේප කරන වාග් විද්‍යාඥයෙකු වන ඒ.එස්. සියමන් ප්‍රකාශ කර සිටින්නේ මෙය සනාථ කළ නොහැකි බවයි. එහෙත් ලොව කවරාකාර භාෂාවක වුවද ඉහත දැක්වෙන නිපාත හඳුනාගත හැකිවේ. විශේෂයෙන්ම ඛේදාර්ථය, විශ්මයාර්ථය පැහැදිලි කිරීමේදී මෙවැනි නිපාත භාවිතා කෙරේ. ඒ නිසා මෙම මතය 100% ක් ප්‍රතික්ෂේප කළ නොහැකි මතයකි.
යේ - හේ - හෝ න්‍යාය (ya - he - ha Theory)
මිනිසුන් සාමුහිකව වැඩ කිරීමේදී මෙන්ම ශරීරය වෙහෙසා වැඩ කිරීමේදී මුවින් පිටවන ශබ්ද වෙහෙස දුරලා ප්‍රීතිය ලංකිරීම උදෙසා මුවින් පිටකරන ශබ්දත් පදනම් කරගෙන මෙම මතය නිර්මාණය කරගෙන ඇත. එනම් මිනිසුන් විසින් දැල් ඇදීම, ගොයම් කැපීම, බෝල ගැසීම වැනි කය වෙහෙසා කරන වැඩකදී හොයියා, හොලෙයියා, හෙලෙයි වැනි ශබ්ද නිර්මාණය වේ. මේවා මිනිසුන් හිතා මතා පිටකරන ශබ්ද නොව ඉබේ පිටවන ශබ්ද බවත් මේවා මඟින් ස්වෝත්පාදන ඉන්ද්‍රියයන් උත්තේජනය වී ශබ්ද ඇති වුණ බවත් ඇතැම් ශබ්ද, සංකේත බවට පත්වූ බවත් මෙයින් පිළිගැනේ. හො, ඕ, හොයියා, හුරේ, හූව ඔස්සේ මෙවැනි වචන ගොඩනැඟී ඇත්තේ මෙවැනි ශබ්ද වලිනි.
මැක්ස් මුලර්ගේ මෙම මතවාදයන් පසුව භාෂාවේ උපත, ප්‍රභවය පිළිබඳ වාග් විද්‍යාඥයන් විසින් මත 2 ක් ඉදිරිපත් කරයි. ඒවා නම්,
Ø අංග වික්ලේෂණ න්‍යාය
Ø මුඛ වික්ලේෂණ න්‍යාය
අංග වික්ලේෂණ න්‍යාය
මෙම න්‍යායයෙන් පැහැදිලි කරන්නේ බටහිර වියතුන් විසින් විශේෂයෙන් යුරෝපීය වාග් විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කර සිටියේ ඓතිහාසික මිනිසුන්ට කතා කිරීමට අදහස් ප්‍රකාශ කිරීමට භාෂාවක් නොතිබූ බවත් ඒ සඳහා අංග චලනය තිබූ බවකි. එහෙත් එහිදී මානවයා තම භාවමය තත්ත්වය හැඟීම් අදහස් ඉඟි සහ අංගචලනය තුළින් ඉටුකර ගැනීමට සමත් වේ. එහෙත් එක්තරා අවධියක් වන විට මෙම අංගචලනය තුළින් අදහස් ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ මානවයා පහසුව තකා භාෂාව යන්න නිර්මාණය කර ගැනින. මෙම මතය සනාථ කිරීමට බොහෝ වාග් විද්‍යාඥයෝ ගෝත්‍රිකයන් තුළ ඇති අංගචලන වල ස්වරූපය උදාහරණ ලෙස ගැනේ. එහෙත් අංගචලනය යන්න කතාකළ නොහැකි මානය තුළදී භාවිතා කරන්නා වූ සන්නිවේදන රටාවක් මිස කතාකරනු ලබන මානයේදී භාවිතා කරන්නක් නොවේ.
මුඛ වික්ෂේපණ න්‍යාය
සර් ආර්. බැගම් විසින් ඉදිරිපත් කළ මෙම න්‍යායයෙන් පැහැදිලි වන්නේ අංග වික්ෂේපණ න්‍යායයේම පරිණාමයක් වශයෙනි. එනම් මෙම න්‍යාය තුළ ඔහු පවසන්නේ භාෂාවක් නොමැති කල්හි අංග චලන තුළින් අදහස් ප්‍රකාශ කිරීමට මානවයා ක්‍රියාකර ඇති අතර එහිදී භාෂෝත්පාදක ඉන්ද්‍රියයන්ගේ චලනයන් අංගචලනයන්ට සාපේක්ෂව නිර්මාණය වන බවයි.
පරිණාමය තුළ තවදුරටත් සන්නිවේදනය උදෙසා අංගචලනය ප්‍රමාණවත් නොවන කල්හි භාෂෝත්පාදන ඉන්ද්‍රියයන් හරහා ශබ්ද ගොඩනඟාගෙන දියුණු භාෂාවක් නිර්මාණය කරගත් මානවයා අද වාචික ව්‍යවහාරයත්, අංගචලනයත් සන්නිවේදනය උදෙසා භාවිතා කරයි.
මුඛ වික්ෂේපණ න්‍යායයේදී පැහැදිලි කරන්නේ යම් හැඟිමක්, ක්‍රියාවක් ප්‍රකාශ කිරීමේදී තොල, දිව, මුඛය ආදිය චලනය වේ. උදාහරණයක් ලෙස කතුරකින් යමක් කපන විට එහි රිද්මයට මුඛ චලනය වේ. අකුරු ලියන රටාවට අතේ ක්‍රියාකාරිත්වයට උචිත ලෙස කට සෙලවේ. එය පුරුද්දක් නිසාවත්, උවමනාවක් නිසාවත් සිදුවන්නක් නොව ඉබේ සිදුවන්නකි. එය සිදුවන්නේ කායික ඉන්ද්‍රියයන් හා ස්වොත්පාදක ඉන්ද්‍රියයන් අතර ඇති සම්බන්ධතාවය නිසයි.
මෙලෙස මුඛය වික්ෂේපණය වීම අදහස් ප්‍රකාශනයේදී අනිවාර්ය වුවක් වූ අතර පසුව මුඛය සෙලවීමෙන් ගොඩනැඟෙන ශබ්දය සන්නිවේදනයේ ප්‍රබල වී අංගචලනය යන්න ඊට පසුගාමී විය. මේ අනුව, පසුව භාෂාවේ මූලික කාර්යභාරය ශබ්දය මඟිනුත් පසු අංගචලනය ඊට අනුරූපකයක් ලෙසිනුත් නිර්මාණය විය.
භාෂාවේ ප්‍රභවය පිළිබඳ නව මතයක් 20 වන සියවස මුල් භාගයේදී ජෝජ්පර්සන් නැමති වාග් විද්‍යාඥයා ඉදිරිපත් කළේය. 20 වන සියවසේ යුරෝපයේ සිටි වඩාත් ප්‍රමුඛ වාග් විද්‍යාඥයා වූ මොහු භාෂාවේ ප්‍රභවය සෙවීම පිණිස ඉතා ප්‍රබල හා ගැඹුරු පරීක්ෂණ පැවැත්වීය. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ භාෂාවේ ආරම්භය මානව සංහතියේ මුල් පවුල් වල ලිංගිකත්වය පදනම්ව ඇරඹි බවයි. එනම් මුලින් සිටි මිනිසුන් ලිංගික ආශාව, ආදරය හුවමාරු කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස භාෂාව බිහි වූ බව ඔහු පවසා සිටී. ඒ අනුව, ලොව කවරාකාර භාෂාවක් වුවද එහි මුල් අවධියේදී ගීත, තාලය ලෙස කොටස් 2ක් වෙන්කළ නොහැකි බවත් එය සෑමවිටම ගීතයක් ශබ්ද මාලාවන්ගෙන් යුක්තව තිබෙන්නට ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටී.
ජෙජ්පර්සන් මෙම මතය ප්‍රකාශ කිරීමේදී මූලික සිද්ධාන්ත ගොඩනැඟෙන්නේ ඔවුන්ගේ පරිණාම වාදයෙන් එනම්, ඩාවින්ගේ පරිණාම වාදයෙන් විද්‍යාත්මක තර්කයන් තම අදහස් තීව්‍ර කරගැනීම උදෙසා භාවිතා කළේය. ලොව කවරාකාර භාෂාවක් වුවද එහි මුල් ස්වභාවය අවුල් සහිත කෙටි වැකි, දිගු වැකි මෙන්ම කතාවට වඩා ගීතයට කිට්ටු, ගැයීමට සුදුසු ශබ්ද මාලාවන්ගෙන් යුක්ත වී ඇත. පසුකාලීනව පරිණාමය තුළ ඒවා ලිහිල් සරල කතා ව්‍යවහාරයට පරිණාමය වූ බව පැහැදිලි කරයි.
මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මිනිසාත් තිරිසනාත් අතර ඇති මානසික, කායික සබඳතා මෙන්ම භාෂාවේ ද සබඳතා පවත්නා බවයි. එනම්, තිරිසනුන් විසින් නගන හඬ ක්‍රමිකව විකාශනය වී පසුකාලීනව භාෂාවක් බවට පත්වූ බව මෙහිදී පැහැදිලි කරයි. ඒ අනුව. ජෙජ්පර්සන් ජීව විද්‍යාත්මක, මානව විද්‍යාත්මක මෙන්ම තර්කය හා ඥාණය මත භාෂාව නිර්මාණය වූ බව පැහැදිලි කිරීමට උත්සාහ ගනී.
මෙහිදී ජෙජ්පර්සන් භාෂාවේ උපත, පරිණාමය සිදුවූ ආකාරය විමසා බැලීම උදෙසා මූලික ව්‍යවහාරයන් 03 ක් පැහැදිලි කරයි.
Ø ළදරුවෙකු භාෂාව ලබාගන්නා ක්‍රම
Ø නොදියුණු ගෝත්‍ර වල භාෂාව දියුණු කිරීම
Ø දියුණු භාෂාවන්ගේ ඉතිහාසය පරීක්ෂා කිරීම
භාෂාවේ සම්භවය පිළිබඳව මෑතකාලීන පරීක්ෂණ ඇසුරින් වඩා වැදගත් වන්නේ ඒ.එස්. සියමන්ගේ මතයයි. ඔහු 1959 රචිත, භාෂාවේ ප්‍රභවය හා ඉතිහාසය ග්‍රන්ථයෙන් උත්සාහ ගෙන ඇත්තේ භාෂවේ ප්‍රභවය සම්බන්ධයෙන් ගැටළු නිර්මාණය කරගැනීමයි. ඒ අනුව, ඔහු පවසා සිටින්නේ මානව භාෂාව මුල් අදියර තුළ දිගු වැකි, කෙටි වැකි වලිනුත් සමන්විත වූ බවයි. පරිණාමය සමඟ මුල්කාලීන දිගුවැකි පසුව කෙටි වැකි බවට පත්වන අතර මුල්කාලීන කෙටි වැකි පසුව දිගු වැකි බවට පත්වේ. මෙම මතය තහවුරු කිරීම උදෙසා ඔහු ළමයෙකුගේ භාෂා හැකියාව හෙවත් භාෂාව උපදන රීතිය භාවිතා කරයි. එනම්, ඕනෑම ළදරුවෙකු කුඩා අවධියේදී අකුරකින් දෙකකින් කියන ශබ්ද පසුව දිගු වැකි බවට පත්වේ. අමාරුවෙන් කියන දිගු වැකි වැඩිහිටි වියේදී කෙටි වැකි බවට පත්කර ගනී. සියමන් භාෂාවේ සම්භවය ද මෙලෙස සිදුවූ බව පෙන්වා දීමට උත්සාහ කරයි.
ඉහත සියළු මතවාද වලින් අපට පෙනී යන්නේ භාෂාව පිළිබඳ එහි උපත, පරිණාමය පිළිබඳ විවිධ මතවාද ඇතිමුත් ස්ථාවර මතයක් නොමැති බවයි.
භාෂාවේ උපත සම්බන්ධයෙන් දක්නට ලැබෙන නිර්වචන වලදී පරිණාමවාදී මත වලට අමතරව භාෂාවේ උපත, ප්‍රභවය සම්බන්ධයෙන් තවත් අදහසක් 1920 දශකයේ යුරෝපානු වාග් විද්‍යාඥයින් පිරිසක් විසින් ඉදිරිපත් කළේය. ඒ භාෂාවේ උපත, පරිණාමවාදය පිළිබඳව නව ව්‍යාකරණවාදීන්ගේ මතයයි.
නව ව්‍යාකරණවාදීන් ප්‍රකාශ කර සිටියේ භාෂාවේ උපත, ප්‍රභවය පිළිබඳ සෙවීම නිශ්ඵල කාර්යයක් බවත්, අප සෙවිය යුත්තේ භාෂාවේ පැවැත්ම සහ භාෂාවේ කාර්යභාරය පිළිබඳව යන්නයි. නමුත්, මෙම නව ව්‍යාකරණවාදීන්ගේ මතය ද සමාජය තුළ භාෂාවේ උපත පිළිබඳව නව මතවාදයක් ලෙස පිළිගැනේ.